
කොහේ ගියත්, මොන නිර්මාණයෙත් එකටම දකින්න ලැබෙන පියත් සහ සඳනි යුවල ගැනයි මේ කතාව..
මේ ගත වෙන්නේ තමාගේ සාර්ථක කාලයක් කියලා ඔවුන් විශ්වාස කරනවා... පියත්ගේ ආදරය හා ඇගේ ආදරයත් එක්ක මේ දෙන්නා යන ගමන ගොඩක් පැහැදිලියි..
පියත්ගේ මියුසික් වීඩියෝවල සඳනි රඟපාන්නෙ පියත්ට දෙන සහයෝගයක් විදිහටද කියලා සමහරු කිව්වත් සඳනි ඒ ගැන කියන්නේ නම් ටිකක් වෙනස් විදිහේ කතාවක්..
ඒ දෙන්නාගේ ආදරය වගේම විශ්වාසයත් එක්ක යන මේ ගමනේදී, මේ ඇසෙන සමහර කතා එන්න ඇය මොන තරම් නිහඬ වුණත්, කලකට කලින් නිර්මාණවලින් එක් වුණු ඔවුන් දෙදෙනා ගැන සඳනි කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..
"මම මුලින්ම පියත්ගේ මියුසික් වීඩියෝ එකක රඟපෑවෙ 2018 වසරේ නිර්මාණය කරපු "ඇයි මම ආදරේ" මියුසික් වීඩියෝවෙ. ඒ මියුසික් වීඩියෝව මේ වෙද්දි you tubeවල මිලියන පහකට ආසන්න පිරිසක් නරඹලා තියනවා.
ඒත් එක්ක අපි තේරුම්ගත්ත දෙයක් තමයි පියත්ගෙයි මගෙයි සුසංයෝගයට රසිකයො හුඟක් කැමැතියි කියලා. අපි දෙන්නා ආදරය කරන ජෝඩුවක් වීමත් එක්ක රසිකයන්ගෙන් අපිට තියන ආදරය තවත් වැඩි වුණා.
ඒ සමග පියත්ගෙයි මගෙයි සුසංයෝගයෙන් මියුසික් වීඩියෝ කිහිපයක් නිර්මාණය කළා. ඒ විදිහට නිර්මාණය කරපු "මා ආදරේ නමින්, බඳිමු සුදා, සීදේවි" ඇතුළු මියුසික් වීඩියෝ හැම එකක්ම මිලියන දහයට එහා රසිකයො නරඹලා තියනවා. මේ දවස්වල මම රඟපාන පියත්ගේ අලුත්ම මියුසික් වීඩියෝව "සත්තයි මැණිකේ" මියුසික් වීඩියෝවත් රසිකයො අතර හුඟක් කතාබහට ලක්වෙලා තියනවා."
