වව් මැඩම්’ට හොඳ ප්‍රතිචාර ලැබෙනවා- පියුමි ශ්‍රී නායක



මේ දිනවල ‘Wow මැඩම්’ ටෙලි සිත්තම හරහා ප්‍රේක්ෂක මුවගට සිනහවක් එක් කරන ඇය කාගේත් හදෙහි නිරත්තරයෙන් ලැගුම් ගත් සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක්. එදත් අදත් රසික ආදරය එක සේ දිනාගත් ඇය කලා ක්ෂේත්‍රයට වටිනා මාණික්‍යයක්. ඉතින් මෙවර හදගැස්මට මේ සො½දුරු කතාබහ එක් කළේ පියුමි ශ්‍රී නායක. ඉතින් මේ දවස්වල වැඩ කටයුතු ගැන කතා කරමු?


“Wow මැඩම්” ටෙලි නාට්‍යයේ වැඩකටයුතුවලට තමයි මේ දිනවල මගේ කාලය වෙන් කරලා තිබෙන්නේ. ඉතින් ඒ ටෙලිඩ්‍රාමා එකේ රූගත කිරීම් කරගෙන යනවා.


“වාව් මැඩම්” කියන්නේ වෙනස් විධියේ නිර්මාණයක්. ඉතින් ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරමු?


“Wow මැඩම්වලට ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොදයි. මේ නිර්මාණය හාස්‍ය උත්පාදක ටෙලිනාට්‍යයක්. ඉතින් ලංකාවේ කොමඩි ඩ්‍රාමා හැදෙනවා හරි අඩුයිනේ. ඒ නිසා මේකට ගොඩක් හො½ද ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් මට ගොඩාක් සතුටුයි. මේක හරිම වෙනස් ආකාරයේ නිර්මාණයක්.”


ඔබ සිනමා නිර්මාණවලට වඩා දකින්න ලැබෙන්නේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නේද? එයට විශේෂ හේතුවක් තිබෙනවාද ?


“සිනමා නිර්මාණවලට වඩා මට ආරාධනා ලැබෙන්නේ ටෙලි නිර්මාණවලට. ඒකට ඉතින් විශේෂ හේතුවක් නම් නැහැ. මම සිනමා නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වුණා. ඒ නිර්මාණ තවම තිරගත වුණේ නැහැ. ඉතින් ඉදිරියට බලමු මාව රිදී තිරයේ දකින්න ලැබෙන්නේ කෙහොමද කියල.”


පියුමි කියන්නේ ආගමට දහමට බොහොම ළැදි කෙනෙක් නේද?


“ඔව්, මම ටිකක් ඒ දේවල්වලට නැඹුරුයි. මම පින් දහම් කරන්න වගේම දානමාන දෙන්නත් ගොඩාක් කැමැති කෙනෙක්. ආධ්‍යාත්මික ජීවිතයට  මම හරිම ලැදි කෙනෙක්.”


ඔබට ෆැෂන් කිරීම සම්බන්ධව තිබෙන අදහස ගැන විස්තර කළොත්?


“මම සාමාන්‍යයෙන් කාලෙන් කාලෙට ෆැෂන් කරන කෙනෙක්. අන්කොමන් ෆැෂන්වලට මං ගොඩක් ආසයි. කවුරුත් කරන දෙයක් කරනවාට වඩා වෙනස් විධියේ ෆැෂන් කරන්න තමයි මං ගොඩාක් උත්සාහ කරන්නේ.”


ඔබ චරිත තෝරා ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් වන යම් සීමා තිබෙනවාද?


“එක චරිතයකට සීමා නොවී විවිධාකාරයේ චරිත කරන්න තමයි මම බලාපොරොත්තු වන්නේ. එකම විධියේ චරිත මං භාර ගන්නේ නැහැ.


ඒ නිසාම වෙලාවකට මට වැඩ ම½ගහැරෙන අවස්ථා තිබෙනවා. එකම ආකාරයේ චරිත කරනවිට අපේ දක්ෂතා කොටු වෙන්න බලනවා.”


ක්ෂේත්‍රයට නවක මුහුණු බොහොමයක් එකතු වුණත් ඔබේ ස්ථාවරය ඔබ එක සේ පවත්වා ගන්නේ කොහොමද?


“ඇත්තම ඒ ස½දහා බලපාන්නේ තමන්ගේ දක්ෂතාව කියන දේ. එකම චරිතවලට වඩා විවිධත්වයෙන් යුතු චරිත හරහා තමන්ගේ ස්ථාවරය තබා ගන්න පුළුවන්. දවසින් දවස රංගනය හදාරමින් අලුත් දේවල් එකතු කර ගන්න ඕනෑ. දක්ෂතාවෙන් වගේම හැදෑරීමකින් යුතුව ඉදිරියට යනවා නම් ක්ෂේත්‍රයේ ර½දා පවතින්න පහසුයි. මම හිතන විධියට රංගනයට වගේම ඕනෑම ක්ෂේත්‍රයකට ඇකඩයක් හැදෑරීමක් අත්‍යවශ්‍යයි.”


ඔබ එදත් අදත් එක සේ සුන්දර රංගන ශිල්පිනියක්. ඔබ පෙනුම ගැන විශේෂයෙන් හිතෙනවාද?


“ඔව්. රංගන ශිල්පිනියක් වුණාම පෙනුම ගැන විශේෂයෙන් හිතන්න ඕනෑ. රංගන ශිල්පිනියක් කියන්නේ වෙනත් අයගෙන් වෙනස්ව දකින්න ඕනි කෙනෙක්. තරුවක් කිව්වම රසිකයන් හැම වෙලාවකම අපිව ලස්සනට දකින්න කැමැතියි. මගේ ස්වරූපය හරි ලස්සනට පිළිවෙළට තබාගන්න මං හරි ආසයි. මං නිතරම මගේ කොණ්ඩය. මුහුණ වගේ හැමදෙයක් ගැනම ගොඩක් සැලකිලිමත් වනවා. ලස්සන කියන්නෙම රසික ආකර්ෂණයට එක් හේතුවක්.”


ඉදිරි වැඩකටයුතු ගැනත් කියමුද?


“ඉදිරියේදී වැඩකටයුතු භාර අරගෙන තිබෙනවා. ෂූටිං කරගෙන යනවා. ඉතින් ඒ නිර්මාණ හරහාත් මාව වෙනස් වෙනස් චරිතවලින් ඉදිරියට හැමෝටම දකින්න පුළුවන්.”


රුවිනි අමරකොන්



Previous Post Next Post