අවුරුදු හයකට පස්සේ තමයි ලංකාවට ආවේ -කාංචනා මෙන්ඩිස්

 


පුංචි තිරයේ වගේම රිදී තිරයේත් නිතරම ප්‍රධාන චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු මේ සුන්දර රංගන ශිල්පිනිය පිළිබඳව කොයි කාටත් මතකයි.ඇය නමින් කාංචනා මෙන්ඩිස්.හැබැයි ඇය කලාවෙන් කාවකාලිකව සමු අරගෙන මේ වෙද්දී  අවුරුදු ගණනාවක් වෙනවා.


2013 වර්ෂයේදී තමයි ඇය අවසානයට ටෙලි නාට්‍යයක රඟපෑවේ. ඒ ටෙලි නිර්මාණය ගිරිකුල ටෙලි නිර්මාණය.මේ ටෙලි නිර්මාණයට ඇයට හොඳම නිළිය සම්මානයක් හිමිවුණා. හැබැයි ඒ සම්මානය ගන්න ඇය ලංකාවේ හිටියේ නැහැ.ඒ සම්මාන ගත්ත ඇගේ ආදරණීය සහෝදරියක්.


ඉතින් ඇය කලකට කලින් ඉක්මනටම ලංකාවට ඇවිල්ලා ඉක්මනටම ගිහින් තියෙනවා. ඒ වගේම එදා ගමන සහ මෙදා ගමන ගැන ඇයි කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


“ගිය අවුරුද්දෙ සති දෙකකට විතර හදිසියේම ලංකාවට ඇවිත් ගියා අම්මා අසනීප වෙලා හිටිය නිසා. මේ පාර බබාලත් එක්කම ආවේ ටික දවසක් ඉඳල යන්න. මේ එයාලගේ සමර් වැකේෂන් එක. ජූලි 18 ආවේ. සැප්තැම්බර් 01 වගේ ආයෙම යනවා. මම රැකියාවක් නොකළට මටත් නිවාඩු ලැබෙන්නෙ බබාලගෙ වැකේෂන් එකට තමයි.  2018දී ආවට පස්සේ මේ ආවේ. අවුරුදු 6කට පස්සේ. ඒ එද්දි චූටි පුතාට අවුරුද්දයි. එයාට කිසිම මතකයක් නෑ. දැන් එයාට තේරෙන වයස නිසා මට හිතුණා දරුවෝ එක්ක ඇවිත් මගේ ගෙදර අයට පෙන්නන්න. අපේ අම්මට, අක්කලට එයාව හුරතල් කරන්නවත් බැරි වුණානේ. අපි ලංකාවෙන් යද්දි මට හිටියේ ලොකු පුතයි, දුවයි විතරයි. ඒ වෙද්දි ලොකු පුතාට අවුරුදු 4යි. දුවට අවුරුද්දයි. ලබන මාසෙ 25ට ලොකු පුතාට අවුරුදු 15 ලබනවා.’



Previous Post Next Post