කිසිම දවසක රඟපාන්න එපා කියන්නෙ නැහැ – හිමේෂ්




නව පරපුරේ රංගන ශිල්පිනී ටාෂි කාලිදාස පසුගියදා ව්‍යාපාරිකයකු වන හිමේෂ් තෙන්නකෝන් සමග යුග දිවියට එළඹුණා. ඒ උණුසුම යන්නටත් මත්තෙන් ඔවුන් දෙදෙනාගේ ආදර කතාව ගැන මේ විදිහට මීවිතට කිව්වා.


ටාෂී, මේ ආදරණීය හමුව සිදු වෙන්නෙ කොහොමද?


හිමේෂ් කියන්නෙ මගේ අක්කගෙ මහත්තයගෙ යහළුවෙක්. අක්ක මාවත් එක්කගෙන ගිය විවිධ සම්භාෂණවලදි මුණගැහීමෙන් තමයි අපි හඳුනාගන්නෙ. ඉන් පස්සෙ නිතර නිතර එවැනි තැන්වලදි මුණගැසීමත් එක්ක ඇතිවුණ හිතවත්කම තමයි ආදරයකට පෙරළෙන්නෙ.


මේ ආදරයට කොපමණ කලක් වෙනවද?


අපේ ආදරයට අවුරුදු දෙකහමාරක් විතර වෙනව.


ඔහු ගැන විස්තර කියමු?


හිමේෂ්ගේ ගම නුවර. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්.


හිමේෂ්ගෙ ඔබ දකින විශේෂත්වය මොකක්ද?


ඔහු ගොඩක් කැපකිරීම් කරන්න පුළුවන් කෙනෙක්. කවදාවත් දෙයකට එපා, නෑ, බෑ කියල නැහැ. ඇත්තටම ඒ ගැන මගෙ හිතේ ලොකු ගෞරවයක් තියෙනව.


වෙඩින් එක ගත්තෙ හදිසියෙමද?


එහෙම නැහැ. ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ ඉඳන්ම අපි මේ වෙනුවෙන් සැලසුම් කළා. ඉතිං අපි සූදානම් බව දැණුන නිසා වෙඩින් එක ගත්ත.


මංගල සාරියෙන් හැඩ වුණ ටාෂිට හිමේෂ් මොකද කිව්වෙ?


එයා මාව දැක්ක ගමන් කිව්වෙ ලස්සනයි කියල. මම මේකප් කරල, සාරි ඇඳල ඉන්නව එයා ඕනෑ තරම් දැකල තියෙනව. ඒත් ඔසරිය ඇඳල ඉන්නව දැකල තිබුණෙ නැහැ. මේ එහෙම දැක්ක පළමුවැනි වතාව.


වෙඩින් එක ගත්තෙ හදිසියෙමද?


එහෙම නැහැ. ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ ඉඳන්ම අපි මේ වෙනුවෙන් සැලසුම් කළා. ඉතිං අපි සූදානම් බව දැණුන නිසා වෙඩින් එක ගත්ත.


මංගල සාරියෙන් හැඩ වුණ ටාෂිට හිමේෂ් මොකද කිව්වෙ?


එයා මාව දැක්ක ගමන් කිව්වෙ ලස්සනයි කියල. මම මේකප් කරල, සාරි ඇඳල ඉන්නව එයා ඕනෑ තරම් දැකල තියෙනව. ඒත් ඔසරිය ඇඳල ඉන්නව දැකල තිබුණෙ නැහැ. මේ එහෙම දැක්ක පළමුවැනි වතාව.

ඉදිරියේදී රංගනයෙන් ඈත් වෙයිද?


අලුත් ආරාධනා භාරගනීවිද?


අලුත් ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම භාරගන්නව. දැනට නිර්මාණ භාරනොගන්නෙ මගේ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යන නිසා. මම වැඩිපුර කැමති ටෙලි නාට්‍යයට වඩා සිනමාවට. ඉදිරියේදී ඒ පැත්තෙන් හොඳ ආරාධනයක් ලැබුණොත් භාරගන්නව.


රංගන කටයුතුවලදි හිමේෂ්ගෙන් ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක්ද?


මට ෂූටිං පැය විසිහතරක් තිබුණොත් ඒ පැය විසිහතරම හිමේෂ් එතැනට වෙලා ඉන්නව. එහෙම කැපකිරීමක් වගේම ලොකු සහයෝගයක් මගේ රංගන කටයුතුවලදි ඔහුගෙන් ලැබෙනව.


ඉදිරියේදී දකින්න ලැබෙන නිර්මාණ ගැන කිව්වොත්?


මම රංගනයෙන් දායක වුණ චිත්‍රපටයක් තිරගතවීමට නියමිතව තියෙනව.


ඔබ දායක වුණ පාකිස්තාන සිනමා නිර්මාණය එළිදැක්වුණාද?


ඔව්, 2022 වසරෙදි ඒ චිත්‍රපටය එළිදැක්වුණා. ඇත්තටම කිව්වොත් පාකිස්ථානයේදී මගේ රංගනය වෙනුවෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. නමුත් ලංකාවේ මේ චිත්‍රපටය තවම තිරගත වුණේ නැහැ.


මොනවද ඉදිරි සැලසුම්?


මම කැමතියි ඉදිරියේදී පාකිස්තානයේ නිර්මාණකරුවන් එක්ක වැඩ කරන්න. අපි බලමු මොකද වෙන්නෙ කියල.


ලංකාව අතහැරල යන්න අදසක් තියෙනවද?


අපේ රට අතහැරල යන්න නම් අදහසක් නැහැ. එහෙම වුණොත් නිර්මාණ වෙනුවෙන් විදෙස්ගත වෙන්න සිදුවෙයි.


අධ්‍යාපන කටයුතුවලින් පස්සෙ?


ඇත්තටම මම කැමතියි ෆැෂන් ඩිසයිනින් පැත්තට යොමු වෙන්න. මගේ අධ්‍යාපන කටයුතු සිදුවෙන්නෙත් ඒ හා සම්බන්ධවමයි.


ටාෂිව මුලින්ම දැක්ක දවසෙ හිමේෂ්ට හිතුණද ඇයගේ අතගන්න?


කෙනෙක්ව දැකපුගමන් අපිට කියන්න බැහැනෙ මේ අපිට ගැළපෙනම කෙනා කියල. මුලින්ම අපි යහළුවො වගේ කතාකරල අදහස් දැනගත්ත. එහෙම කාලයක් යද්දි තමයි මම තීරණය කළේ එයා මගේ බිරිඳ කරගන්න සුදුසුයි කියල.


කවුද මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ?


ටාෂි තමයි මුලින්ම ඒ ගැන ඇහුවෙ.


ඒ හිමේෂ් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්ද?


මම දැනගෙන හිටිය මේ හිතවත්කම කවදහරි දවසක ආදරය කරනවා කියන තැනට යයි කියල. ඒකට තව කාලයක් යයි කියල තමයි හිතාගෙන හිටියෙ. නමුත් ටාෂි මට ආදරෙයි කියල කිව්වෙ මම හිතපු නැති වෙලාවක.


ගොඩක් අය අතරින් ටාෂිව තෝරාගන්න හිතුවෙ?


මම ඇයව තෝරාගන්නෙ ඇය තුළ තිබුණ ගතිගුණ ගොඩක් නිසා. මේ අතරින් ප්‍රධානම දේ ටාෂි ඕනෑම කෙනකුට ගෞරව කරන්න දන්නව. ඒ වගේම ඕනෑම දෙයක් කතාකරල විසඳගන්න පුළුවන්. මේ දේවල් එක්ක මම හිතුව ඇය මට ගැළපෙනව කියල.


ඇය රංගන ශිල්පිනියක්. ඔබට ඒක ගැටලුවක් නෙවෙයිද?


මම කිසිම දවසක කියල නැහැ, කියන්නෙත් නැහැ රඟපාන්න එපා කියල. පිටපත බලල හොඳ චරිතයක් ලැබුණොත් භාරගන්න කියන දේ තමයි මම කියන්නෙ. ඒක තීරණය කිරීමේ නිදහස ටාෂිට තියෙනව.


ඇය ඔබේ ජීවිතයට එකතුවීම කොහොමද දැනෙන්නෙ?


ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post