මම විවාහකයි කියන කතාව බොරුවක්-ලෝචනා ජයකොඩි

gossiplanka image 1
ලෝචනා ජයකොඩි එහෙමත් නැත්නම් ලෝචි කියන්නේ සමාජ මාධ්‍ය තුළ අතිශයින්ම ජනප්‍රිය චරිතයක්. ඇත්තටම ලෝචි ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. යූටියුබ් එකෙන් ටික් ටොක්වලින් වගේම අනෙකුත් සමාජ මාධ්‍ය හරහාත් ලොකු කුඩා හැමෝටම ලෝචිව නිතරම මුණ ගැහෙනවා.

මේ රටේ තරුණියන්ට එහෙමත් නැත්නම් කාන්තාවන්ටත් තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නගාගන්න වගේම ආදායම් උපයා ගන්නත් සමාජ මාධ්‍ය හොඳ විදිහට භාවිත කරන්න පුළුවන් කියන පණිවුඩය ලබා දුන් තරුණියක් හැටියට ලෝචිව හඳුන්වා දුන්නත් වරදක් නෑ. ඉතින් බොහෝ තරුණියන්ට ආදර්ශයක් සැපයූ සමාජ මාධ්‍යවල අතිශයින් ජනප්‍රිය ලෝචනා ජයකොඩි තමයි අද පිනිපලස පිළිසඳරේ කතා නායිකාව.

පහුගිය දවස්වල ලෝචි වෙනදාට වඩා ටිකක් වැඩිපුර කාර්යබහුල වුණා කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් ඒ කාර්ය බහුලත්වය ගැන අපි මුලින්ම ලෝචිත් එක්ක කතා කළා. ලෝචි කියන විදියට සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිසා තමයි ඇය වෙනදාට වඩා ටිකක් කාර්යබහුල වෙලා තියෙන්නේ. අවුරුදු වැඩසටහන්වලට වගේම අවුරුදු උත්සවවලටත් සහභාගි වන අතරම අවුරුදු වුණත් සුපුරුදු විදියට සමාජ මාධ්‍ය තුළ සිදුකරන නිර්මාණ කටයුතුත් වෙනුවෙන් කාලය වැය කරන්නත් ලෝචි අමතක කරලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා තමයි ඇය වෙනදාට වඩා කාර්යබහුල වෙලා තියෙන්නේ. කොහොම වුණත් තමන්ගේ ආදරණීයයන් එක්ක ලෝචිත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද ජයටම සමරලා තිබුණා.

අලුත් අවුරුද්ද ලංකාවේ සැමරුවාට අවුරුද්දට පෙර ලෝචි ටික කාලයක් ලංකාවේ හිටියේ නැහැ. දැනගන්න ලැබුණු විදිහට ඇය රටවල් කිහිපයකම සංචාරවල නිරත වෙලා තිබුණා. ඉතින් ඒ ගැන ලෝචි අපිට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

‘‘ජනයි ප්‍රියයි ලෝචියි තුන්කොලොප්පම’ ෂෝ එක අරගෙන මුලින්ම අපි සිංගප්පූරුවට ගියා. සිංගප්පූරුව කියන්නේ අපි මේ ෂෝ එක කරපු පස්වැනි රට. සිංගප්පූරු ගිහින් ඇවිදින් මම දවසයි ලංකාවෙ හිටියේ. අනෙක් පැත්තට ආයෙත් සතියක වගේ කාලයක් සඳහා අබුඩාබි යන්න වුණා. ඇත්තටම අබුඩාබියේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ වැඩසටහනක් සඳහා ලෝකේ රටවල් කිහිපයකින් තෝරා ගත් කිහිපදෙනෙක්ට අබුඩාබි රජය සහ අබුඩාබි සංචාරක මණ්ඩලය ආරාධනා කරලා තිබුණා. අපේ රටෙන් එය අවස්ථාවට සහභාගි වුණේ මම සහ wild cook book එකේ චරිත්. ඒ අවස්ථාවට සහභාගි වෙන්න ලැබීම ඇත්තටම ආඩම්බරයක්. කොහොම හරි ඒ වැඩ ටිකත් සාර්ථකව අවසන් කරලා ආපහු ලංකාවට එන්න පුළුවන් වුණා".

මේ කතාව අතරතුර wild cook book සඳහා පරිශීලකයන් මිලියන 10 සම්පූර්ණ වීම සම්බන්ධයෙන් චරිත්‍ට සුබ පතන්නත් ලෝචි අමතක කළේ නැහැ. චරිත් කියන්නෙත් සූපවේදයට දක්ෂ, සමාජ මාධ්‍ය තුළත් අතිශයින් ජනප්‍රිය චරිතයක්. ඉතින් චරිත්ගේ ජයග්‍රහණය ගැන වගේම දක්ෂතා ගැන ලෝචි ඇත්තටම කතා කළේ පුදුමාකාර සතුටකින්. සමාජ මාධ්‍ය භාවිත කරලා කවුරුහරි ඉහළටම යනවා නම් සහ ප්‍රේක්ෂකයින්ට හොඳ දෙයක් ලබා දෙනවා නම් ඒක තමන්ගේ ලොකුම සතුට කියලත් ලෝචි අපිත් එක්ක කිව්වා.

මේ අතර ලෝචි විවාහ වුණා කියලා කතාවකුත් පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල පැතිරුණා. ඒත් ඇත්තටම තවමත් විවාහ වුණේ නැහැ කියලයි ලෝචි අපිත් එක්ක කිව්වේ. ලෝචි විවාහ වුණා කියන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා අපි ලෝචිගෙන් ඇහුවා.

"ලෝචි විවාහ වෙලා කියලා පෝස්ට් කිහිපයක් ෂෙයා වෙනවා මමත් දැක්කා. ඒත් මම නම් තවම විවාහ වුණේ නැහැ. පහුගිය දවසක මම යාළුවෙක්ගෙ වෙඩින් එකක යහළු මනමාලියකට නම් හිටියා. එතැනදි ගත්ත ෆොටෝ එකක් යූටියුබ් පේජ් එකකින් අරගෙන මම විවාහ වෙලා කියලා දාලා තිබුණා. ඒක බොරුවක්. මමත් ඒ පේජ් එකට ගිහින් මම තවම විවාහ වෙලා නෑ කියලා කමෙන්ට් එකක් දැම්මා. ඇත්තටම තවම මම විවාහ වෙන්න හිතලා නැහැ. එහෙම තීරණයක් ගත්ත දවසට හැමෝටම කියලා තමයි ඒ දවස සමරන්නේ."

තවම විවාහය ගැන තීරණයක් අරන් නැති වුණත් ලෝචිට ප්‍රේමවන්තයෙක් ඉන්නවා කියන එක නම් රහසක් නෙවෙයි. ඇය මීට පෙරත් ඒ ගැන අපිත් එක්ක යම් යම් දේවල් කියලා තියෙනවා. ඉතින් ආදර කතාව ගැනත් ලෝචිගෙන් අහන්න අපි අමතක කළේ නැහැ.

"මේ වෙද්දි මම පෙම්වතියක්. මට විවාහ වෙන්න කෙනෙක් ඉන්නවා කියලා බොහෝ දෙනෙක් දන්නවා.  මගේ ආදරයටත් දැන් අවුරුදු පහක් විතර වෙනවා. අපි ඇත්තටම අපේ ගමන හරි හෙමින් යන්නේ. එයාගෙන් මගේ ගමනට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇත්තටම මගේ සාර්ථකත්වය සහ ජයග්‍රහණය පිටිපස්සේ හැම වෙලාවකම එයා තමයි ඉන්නේ. ලෝචි කියන කෙනා බ්‍රෑන්ඩ් එකක් වුණේ මගේ පෙම්වතා නිසාම තමයි.

ලෝචිගේ සමාජ මාධ්‍ය වැඩ කටයුතු ගැන තමයි ඊළඟට අපි කතා කළේ. ඇය මුලින්ම ලෝචි කියන youtube නාළිකාව හරහා අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. ඉන් පසුව මුහුණු පොතේත් ඇයගේ youtube video හුවමාරු වෙන්න පටන් ගත්තා. ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් ඇයගේ නිර්මාණ සමක එකතු වුණා. මේ අතර ලෝචි ටික් ටොක් හරහාත් ඇයගේ දක්ෂතා ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඉතින් ප්‍රේක්ෂකයන්ගෙන් මොන වගේ ප්‍රතිචාරද ලෝචිට ලැබෙන්නේ කියලා අපි අහලා බලමු.

"මේ වෙද්දි නම් ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒත් tiktok එකේ මගේ වීඩියෝ දාන්න පටන් ගත්ත මුල් කාලේ ප්‍රේක්ෂකයන්ගෙන් නරක ප්‍රතිචාර ලැබුණු අවස්ථාත් තිබුණා. ඒත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. සෑහෙන ප්‍රේක්ෂකයන් පිරිසක් මාත් එක්ක ඉන්නවා. මගේ නිර්මාණවලට ආදරය කරනවා. පාර තොටකදී වුණත් මොනවා හරි වැඩකට ගියත් හැම වෙලාවකම මගේ නිර්මාණවලට වගේම මට ආදරය කරන බොහෝ දෙනෙක් මුණ ගැහෙනවා. කතාබහ කරනවා. සෙල්ෆි ගන්නවා. ඒක මට ඇත්තටම ලොකු වටිනාකමක් වගේම සතුටක්."

කවමදාවත් ප්‍රේක්ෂකයන්ගේ ඒ ආදරය කරදරයක් හැටියට දැනිලා නැහැ කියලයි ලෝචි නම් අපිට කිව්වේ. දවසින් දවස වැඩි වන ප්‍රේක්ෂක ආදරය තමන්ගේ දක්ෂතාවයට සහ කැපවීමට ලැබුණු තෑග්ගක් හැටියටයි ඇය දකින්නේ. තමන්ට දැන් ලැබිලා තියෙන හැම දෙයක්ම ලැබුණේ ප්‍රේක්ෂකයන් නිසා බව ලෝචිට නම් කවදාවත් අමතක වෙන්නේ නැහැලු. මොනවා හරි දෙයක් කරලා ජනප්‍රිය වෙන්න හැමෝටම පුළුවන් වුණාට බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබන්න වාසනාව ලැබෙන්නේ ටික දෙනෙක්ට පමණයි. අන්න ඒ ටික දෙනා අතර ලෝචිත් ඉන්නවා. ලෝචිගේ නිර්මාණ රස විඳින ප්‍රේක්ෂයන් අතර වැඩිපුරම ඉන්නේ කුඩා දරුවන් කියලත් අපිට දැනගන්න ලැබුණා. ඒ නිසා නිර්මාණ කරද්දී වෙනදාට වඩා පරිස්සම් වෙනවා කියලාත් ලෝචි අපිට මතක් කළා.

සමාජ මාධ්‍යවල වැඩ පෙන්වන ලෝචි කියන්නේ ඇත්තටම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ දක්ෂතාවය නිසාම ඇයට ටෙලි නාට්‍ය කිහිපයකම රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒත් පහුගිය දවස්වල නම් ලෝචිව ප්‍රේක්ෂකයන්ට පුංචි තිරයෙන් මුණ ගැහුණේ නෑ.

"ටෙලි නාට්‍යවලින් ආරාධනා ලැබෙනවා. ඒත් මගේ වැඩවලට කාලය ටිකක් වැඩිපුර යොදවන්න වෙලා තියෙන නිසා මම ටිකක් ටෙලි නාට්‍යවලින් ඈත් වෙලා ඉන්නේ. හැබැයි ලෝචි කියන චරිතයට සමාන ලක්ෂණ නැති වෙනස් විදියේ චරිතයක් ලැබුණොත් සමහර විට මම භාර ගනීවි. ඒත් දැනට නම් ටෙලි නාට්‍යවලට ලැබෙන ආරාධනා භාරගන්නේ නැහැ.’’

මේ වෙද්දි ලෝචිගෙ එක සහෝදරියකුත් ලෝචිගේ අඩිපාරේ ගිහින් සමාජ මාධ්‍ය හරහා ජනප්‍රියත්වයක් ගොඩනගා ගෙන ඉන්නවා. ලෝචි කියන විදිහට නම් ඇය අධ්‍යාපන කටයුතුවලින් පසුව ජපන් යන්න හිතාගෙනලුු හිටියේ. ඒත් ලෝචි එක්ක දිගටම නිර්මාණ කටයුතුවලට දායක වෙලා ඒ කැමැත්ත නිසා ඇයත් ලෝචි වගේම පැත්තට නැඹුරු වෙලා තියෙනවා. අක්කා ගියපු පාරෙම වෙනස් නිර්මාණ එක්ක නංගිත් ගමන් කරන එක ගැන ලෝචි කතා කළේ ගොඩක් ලොකු සතුටකින්. ඒ වගේම දෙන්නා දෙන්නට ගොඩක් උදව් කරගන්නවා කියලත් ලෝචි අපට මතක් කළා.

කොහොම වුණත් ලෝචි වගේම ඇගේ සහෝදරියත් මේ වෙද්දි සමාජ මාධ්‍යවල අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ චරිතයක්. විවිධ තේමාවන් ඔස්සේ ප්‍රේක්ෂකයන් සිනහ සයුරේ ගිල්වන්නට ලෝචිගේ නිර්මාණ කණ්ඩායම ලොකු කැප කිරීමක් කරන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතිං හැමෝමත් ආදරයෙන් මතක් කළා වගේම ඇයත් සමග රැඳීම සම්බන්ධයෙනුත් ලෝචි ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වුණා.
gossiplanka image 2
Previous Post Next Post