මට පෙම්වතෙක් ඉන්නවා -පේශානි රුවින්‍යා



රූප පෙට්ටියට නිතරම අලුතින් අලුත් මුහුණු එකතු වෙනවා, ඒ විදිහට මෑතකදී රූපපෙට්ටියට ආ ඇය පේශානි රුවින්‍යා ඒකනායක. මේ නමට වඩා ඇය මේ දිනවල ජනතාවගේ මනසේ ඉන්නේ ලලයි ලිලයි ලා හී නදී තරංගා ලෙසයි. මේ කතාබහ ඇය ගැනයි.


චලෝ නාට්‍ය‍ෙයන් තමයි ඔබව මුලින්ම දකින්නේ..?


මම මුලින්ම එන්නේ වෙළෙඳ දැන්වීම් නිරූපණයට. ඊට පස්සේ මට අවස්ථාවක් ලැබෙනවා චලෝ නාට්‍යයේ රඟපාන්න. එහි පිටපත් රචනය කළේ ගයානි අක්කා. එයා මගේ අක්කගේ හොඳම යාළුවා. එයා හා එහි අධ්‍යක්ෂක හසුන් අයියගේ ආරාධනාවකට තමයි මම ඒ නාට්‍යයේ රඟපාන්නේ. ඊට පස්සේ අසංක අයියගේ සික්ස් පැක් නාට්‍යයේ රඟපෑවා. මේ දවස්වල මම ඉන්නේ ලලයි ලිලයි ලා නාට්‍යයේ


නදී තරංගා ජනතාව ආදරෙන් භාර ගත්ත එක ගැන මොකද හිතන්නේ ..?


ලලයි ලිලයි ලා නාට්‍යයේ නදී තරංගා චරිතයට මට අවස්ථාව දෙන්නේ එහි අධ්‍යක්ෂක සුපුන් රත්නායක අයියා. එයා කතා කරලා කිව්වා පාපන්දු ක්‍රිඩිකාවකගේ චරිතයක් කරනවද කියලා. මම වශ්වාස කරනවා ඒ චරිතය මට ලැබුණේ ලොකු වාසනාවකට කියලා. හේතුව මේ ෆීල්ඩ් එකේ ඕන තරම් නිළියෝ ඉන්නවා. ඒත් ඒ අවස්ථාව මට ලැබුණා මේ ගමන වෙනස් කර ගන්න. ඒ වෙනස කොච්චර ලොකු වෙනසක්ද කිව්වොත් පොඩි කාලයක් ඇතුළත මට බොහෝ දෙනෙකුගේ ආදරේ ලබන්න ප්‍රතිචාර ලබන්න වාසනාවන්ත වුණා, මම රඟපාන්න ආවේ. කවුරුත් මට කතා කරන්නේ ආ.. නදී තරංගා කියලා. කෑ ගහලා කතා කරන පිරිසක් ඉන්නවා. මට හරි සතුටුයි ඒ ගැන. ඒ වගේම එහි මගේ පාට්නර් මන් රුචි සිරිවර්ධන මතක් කරන්න ඕන. මගේ චරිතය සාර්ථක වෙන්න එයාගෙ සහායත් නොඅඩුව ලැබෙනවා.


නිළියක් වෙන්න හීන දකින්නේ මුදල් හා ප්‍රසිද්ධිය හොයන්නද..?


හිතේ තිබුණ ආසාවට තමයි මම රඟපාන්න එන්නේ. අම්මා මම නිළියක් වෙනවට කැමති වුණාට තාත්තා කැමති වුණේ නැහැ. ගොසිප් එක්ක මට හානියක් වෙයි කියලා තාත්තා අකමැති වුණේ මම රඟපානවට. නමුත් දැන් එයාලා සතුටු වෙනවා. මුදල් හා ප්‍රසිද්ධිය ගැන හිතුවේ නැහැ. ආසාව නිසා ආ ගමනක් කියන්න පුළුවන්


ක්ෂේත්‍රයට එන අලුත් නිළියන්ට අයුතු බලපෑම් කරනවා කියන දේ බොහෝ දෙනෙක් දන්නවා. අවස්ථාව හිමි කර ගන්න ඒ වගේ බලපෑම්වලට ඔබ මුහුණ දෙන්න සිදු වුණාද..?


මොන ක්ෂේත්‍රය ගත්තත් ඔය කියන අයුතු යෝජනා බලපෑම් තියෙනවා , එහෙම බලපෑමක් නැහැ කියන්න බැහැ. නමුත් එන බලපෑමට අපි මුලින්ම රියැක් කරන විදිහ අනුව තමයි බලපෑම් වෙනස් වෙන්නේ. මොළේ කල්පනා කරලා වැඩ කළොත් ඒවාගෙන් බේරිලා මේ ගමන සාර්ථකව යන්න පුළුවන්.


මම දන්නවා මම කොහොම ද හැසිරෙන්න ඕන කියලා, ඒ නිසා මම මේ ගමනේදී හරි පරිස්සමින් ජීවත් වෙනවා.


රංගනයට අවතීර්ණ වුණාට පස්සේ තරුණියක් හැටියට ඔබ ඔබව මාකට් කරන්න ඔබ මේන්ටේන් වෙනවද..?


නිළියක් වෙන්නම ඕන නැහැ ශරීරය ලස්සනට තියාගන්න. මේන්ටේන් කරන්න ඕන. නමුත් කලාකරුවන් හැටියට කරන්නේ රඟපෑම නම් අපි අපිව මේන්ටේන් කරන්න ඕන. ලස්සන ට අදින්න පලදින්න වගේම ව්‍යායාම් කරන එකත් වැදගත්. කාර්‍යබහුල ජීවිතේ එක්ක ඒ දේත් කරන්න ඕන. ඒ වගේම අපේ රටේ මිනිස්සු හරි ජජ්මෙන්ටල්. ඇඳුම් පැලඳුම්වලින් මනින්නේ. ඒ නිසා හරි පරිස්සමින් මේන්ටේන් වෙන්න ඕන.


රංගනයට නවකයෙක් විදිහට ප්‍රවීණයින්ගෙන් ලැබෙන සහාය කොහොමද ..?


අපි හොඳයි කියලා මතුපිටින් මනින අය අපිට කුහකකම් කරලා තියෙනවා, මම හිතන්නේවත් නැති පිරිස මට උදව් කරලා තියෙනවා. ගුරුහරුකම් දීලා තියෙනවා. උදාහරණයක් කිව්වොත් ශලනි තාරකා අක්කී. එයා එක්ක තමයි මට මුලින්ම වැඩ කරන්න ලැබුණේ. මම හිතුවේවත් නැති විදිහට සහයෝගයෙන් මාත් එක්ක වැඩ කළා. නොදන්න දේවල් කුහක නැතුව කියලා දුන්නා. එහෙම අයත් ඉන්නවා. ඒත් මම නම් හැමෝම එක්ක හොඳින් වැඩ කරනවා.


තරුණියන් විදිහට රංගනයෙන් ලැබෙන මුදලින් යැපෙන්න පුළුවන් කියලා හිතනවද..?


කොහෙත්ම බැහැ, මම ඉන්ටීරියල් ආකිටෙක්චර් වැඩ කරගෙන මගේ ආර්ථික ය ශක්තිමත් කර ගන්නවා.


ඔබ පෙම්වතියක්, මේ ගමනට ඔහු හරස් වෙලා නැද්ද ..?


මට පෙම්වතෙක් ඉන්නවා, එයාගේ සහාය මට උපරිමයෙන් ලැබෙනවා. උපරිම නිදහස දීලා තියෙනවා. ඒ වගේ තේරුම් ගැනීමක් තියෙන කෙනෙක් මට ලැබුණු නිසා මම සාර්ථක ව මගේ කලා ගමන ගමන් කරමින් ඉන්නවා. මගේ පවුලේ හැමෝටම වගේම මගේ පෙම්වතාටත් මම ස්තූතියි කියනවා මම ආස කරන ගමන මට යන්න ඉඩ දුන්නට


හර්ෂණී වීරරත්න



Previous Post Next Post