බිලීට මගේ ගැන මුල් කාලෙ ඉඳන්ම කැමැත්තක් තිබුණා-දේ වශ්‍රී




දේ  වශ්‍රී කියන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්‍රය තුළ සිටින සැඟවුණු ගීත කෝකිලාවියයි. 2FORTY2 සංගීත කණ්ඩායම හරහා බොහෝ රසිකයන්ගේ ආදරය ලැබූ බිලී සහ දේවශ්‍රී විවාහ වීමත් සමඟ මේ දෙදෙනා ගැන කතාබහට ලක්වුණා. ඒ වගේම විවාහය වෙනුවෙන් දෙදෙනා එක්ව


නිර්මාණය කළ ගීතය මේ වන විට සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් ජනප්‍රිය වී තිබෙනවා. ඉතින් මෙවර හදගැස්මෙන් සංගීත ලොවේ ගීත කෝකිලාව වන දේවශ්‍රී ද සිල්වා සමඟන් අදහස් බෙදා ගන්නට අප සිතුවා. මේ දිනවල මොකද වෙන්නෙ?


මේ දිනවල බොහොම සතුටින් හොඳින් කාලය ගතකරනවා. ඒ වගේම මේ දින කිහිපය තරමක් කාර්යබහුල ලෙස තමයි ගෙවෙන්නේ.


ඔබ බිලී ෆනෑන්ඩෝ සමඟ විවාහ වීමෙන් ඔබේ රසිකයන්ව මවිතයට පත්කළා. ඇත්තටම  වසර ගණනක් ඔබ දෙදෙනා අතර තිබුණු ඒ මිතුරුකම ආදරයකට පෙරළුණේ කොහොමද?


ඇත්තටම ඒක ගොඩක් දිග කතාවක්. අපි දෙන්නා අවුරුදු දාහතේ වගේ කාලයේ ඉඳලා හොඳම යාළුවෝ. බිලීට මුල් කාලයේ ඉඳලම මගේ ගැන අදහසක් තිබුණා. නමුත් මගේ සිතේ එහෙම අදහසක් තිබුණේ නැහැ. කොහොම වුණත් අපේ ඒ කැමැති අකැමැති අදහස්වලින් එහාට ගිය යාළුකම දිගටම තිබුණා. ලංකාවට පැමිණෙන කාලවලදී මම ඔහුත් සමඟ සංගීත ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු කළා. ඉතින් මම අවසන් වරට ලංකාවට ආවේ මගේ ජීවිතයේ බරපතළ තීරණ කිහිපයක්ම ගත් කාලයක. ටිකක් සන්සුන්ව මගේ ඔළුව හදාගෙන මවුපියන් සමඟ වැඩි කාලයක් ගත කරන්න මට අවශ්‍ය වුණා. හරියටම කියනවා නම් මම කවුද කියන දේ තීරණය කරන තැනකට මම ආවා. බිලී මගේ හොඳම මිතුරා වුණත් ඒ වන විට මගේ ජීවිතය සියයට සියයක් මම ඔහු සමඟ බෙදාගෙන තිබුණේ නැහැ. ඒ නිසාම මම ගන්නා තීරණ ගැන ඔහු දැන සිටියේත් නැහැ. ඉතින් මම අවසන් වරට ලංකාවට පැමිණි අවස්ථාවේදී තමයි මම ඔහුට වචනයක් දුන්නේ. ඉතින් ඒ වෙලාවේදී තමයි ඔහු දැනගන්නේ මම මගේ ජීවිතය ගැන යම් යම් තීරණ ඒ වනවිටත් අරන් තිබෙනවා කියලා. ඒක ඇත්තටම සැලසුම් කරලා කළ දෙයක් නෙවෙයි. ඒ වගේම අපේ ජීවිත අපට තේරුම් ගන්න අවස්ථාවක් එනවා කියන්නේත් නිකන් නෙවෙයි.


ඔබ දෙදෙනා විවාහය වෙනුවෙන් කළ ගීතය මේ වන විට බොහෝ ජනප්‍රිය වෙලා. ඉතින් ඔබ දෙදෙනා එක්ව සංගීත ක්ෂේත්‍රය තුළ ගත් මුල්ම පියවර සාර්ථකයි නේද?


අපි ඕනෑම කෙනෙක් ළඟ හොඳ නරක දෙකම තිබෙනවා. නමුත් බිලී සහ මම වැඩක් කරන්න පටන් ගද්දී අපි දෙන්නම ඉන්නේ එකම පිටුවක. ඉතින් වැඩවලදී අපි දෙදෙනා අතර මතභේද ඇති වෙන්නේ නැහැ. අපේ විවාහ දිනය වෙනුවෙන් සැකසුණු ගීතයේදීත් එය සැකසුණු ආකාරය, ඒ වචන වගේම සංගීතය සැකසීමේදී දෙදෙනාම එකම අරමුණක සිටියා. අපි දෙදෙනාට විවාහය දක්වා ලොකු කතාවක් තිබෙනවා. ඉතින් අපිට එය සමරන්න අවස්ථාවක් ලැබුණා. ඒ නිසාම අපි ගීතය සරලව ගායනා කළා. රසිකයන් මොන ආකාරයට ගීතය පිළිගනියිද කියලා ලොකුවට සිතන්න ගියේ නැහැ. නමුත් රසිකයන් තුළ අපට තිබෙන ආදරය දැනුණේ මේ ගීතයෙන්. ඇත්තටම ඔවුන් අපට මෙතරම් ආදරයක් දක්වනවාට අපේ රසිකයන්ට ස්තුතිවන්ත වෙන්න ඕනෑ.


මහේෂ් දෙණිපිටිය, ලෙලුම් රත්නායක වැනි ප්‍රවීණයන් සමඟ ඔබ බොහෝ කලක් වැඩ කළා. නමුත් ඔබේම ගීත ඇල්බම් එකක් එළිදක්වන්න බොහෝ කාලයක් ගතවුණේ ඇයි?


ඒ කාලයේ බොහෝ වෙලාවට මම කළේ Close event. ඒවා බොහෝ පිරිසක් අතරට යන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථා රැසකටම මට සහභාගිවන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම විවිධ සංගීතවේදීන් සමඟ වැඩ කරන්නත් අවස්ථාව ලැබුණා. ඒ කාලයේදී මම හැදෑරූ ක්ෂේත්‍රය වෙනස්. ඉතින් ඒ නිසාම අලුත් ගීත කරන්න අදහසක් මගේ ඔළුවේ තිබුණේ නැහැ.  නමුත් සංගීතයට තිබුණු ආදරය නිසා එන එන දේවල්වලට සහභාගි වුණා හැරෙන්න මගේම ගීත එළිදක්වන්න මම කැපකිරීමක් කළේ නැහැ. පසු කාලයකදී තමයි එය මම  කළ යුතුව තිබුණු දෙයක් කියලා වැටහුණේ.


ඔබ රඛිත, භාතිය සන්තුෂ් වැනි වෙනත් ආරයන්ගේ ගීත ගායනා කළ පිරිස් සමඟ වැඩ කළා. නමුත් ඔබ එවැනි ගීත ගායනයට යොමු නොවුණේ ඇයි.


ඇත්තටම මම ටිකක් වෙනස් කෙනෙක්. හිතන පතන ආකාරයත් වෙනස්. ඒ වගේම මම ඔවුන් කළ ගීත නිතරම අගය කරන කෙනෙක්. නමුත් මම නිතරම ඉන්නේ Under ground music එකත් එක්ක. මිනිසුන්ට හිතන්න දෙයක් තිබෙන ගීත කරන්න මම කැමැති කෙනෙක්. ඉතින් ඒ නිසා මම කමර්ෂල් පැත්තට යොමුවුණා මදි කියලා හිතෙනවා. එය මම ඕනෑකමින් කළා කියන්නත් පුළුවන්. කොහොම නමුත් විවිධ ආරයන්ගේ ගීත ගායනා කරන රැල්ලේ මම සිටියේ නැහැ. නමුත් අපි කැමැති දේවල් දිගටම කරගෙන යන්න නම් ජනප්‍රිය රැල්ලේ දේ කළ යුතුයි කියලා පසු කාලයකදී මම තේරුම් ගත්තා.


ඔබ බොහෝ පසුබිම් ගීත ගායනය කළ ගායිකාවක්. ඉතින් ඔබට ලැබුණු ඒ අත්දැකීම මොන වගේද?


ඒ අත්දැකීම හරිම සුන්දරයි. මම සංගීතය පිළිබඳව බොහෝ දේ ඉගෙන ගන්නේ පසුබිම් ගීත ගායනය නිසා. අපට පැත්තක ඉඳලා සෑම දෙයක්ම ඉගෙන ගන්න පසුබිම් ගායනය තුළින් පුළුවන්. මම මගේ ජීවිතයට ඉන් බොහෝ දේ එක් කර ගත්තා. එක පාරටම ප්‍රධාන ගායිකාව වෙලා වේදිකාවට එනවාට වඩා පසුබිම් ගීත ගායනා කරමින් සංගීත ක්ෂේත්‍රයට  මුල ඉඳලා එන්න ලැබීම ගැන ලොකු සතුටක් තිබෙනවා.


ජෑස්, රොක්, හිපොප්, ටෙක්නො වැනි ගීත අද කාලයේ බොහෝ රසිකයන් අතර එතරම් ප්‍රචලිත නැහැ. ඒ ගැන ඔබ මොකද හිතන්නේ.


දැන් දැන් නම් මේ තත්ත්වය ටිකක් වෙනස් වෙමින් තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්නට ඒ කාලයේ ඉරාජ්, රනි¾දු, ඉන්ෆාස්, අශාන්ති වැනි ගායක ගායිකාවන් බොහෝ සෙයින් මහන්සි වුණා. මම නම් දකින්නේ අපේ රටේ භූගෝලීය පිහිටීමත් මෙයට හේතුවක් වී තිබෙනවා. බොහෝ විට අපට ආසියාතික රටවල සංගීතයන්ගේ ආභාසය නිතරම ලැබෙනවා. කොහොම නමුත් විවිධත්වය කියන්නේ සංගීතය ඇතුළේ තිබෙන ලස්සනම දෙයක්. හිපොප් වගේ සංගීතයක් අපි යහපත් අතට පෙරළා ගත්තොත් එහි කතා කිරීමට බොහෝ දේ තිබෙනවා. අපේ මනස තව ටිකක් විවෘත කරලා මේ ක්ෂේත්‍රය දිහා බැලුවොත් අපට මේ  සංගීතයත් හොඳින් විඳින්නට පුළුවන්.


ඔබ එක්තරා රසික පිරිසකට සීමා වුණා කියලා හිතෙන්නේ නැද්ද?


සංගීත ක්ෂේත්‍රයේදී විවිධ තෝරා ගැනීම් තිබෙනවා. සෑම කෙනෙක්ම සෑම දෙයකටම කැමැති විය යුතු නැහැ කියලයි මම නම් හිතන්නේ. මට කැමැති අය කැමැති වුණාවේ. ඒ වගේම මට අකැමැති අය අකැමැති වුණාවේ. නමුත් මම ගැන නොදන්න පිරිසක් සිටිනවා නම් ඔවුන් අතරට යන එක මගේ වගකීම. ඇත්තට එය මගේ අවධානය ලැබිය යුතු දෙයක්. මගේ ගායනය ඇතුළේ මම හැමෝම දිනාගන්න උත්සාහ කරන්නේ නැහැ. මම සින්දු රිලීස් කරන විටත් නිතරම කියන දෙයක් තමයි අකැමැත්තෙන් අහන්න එපා කියන එක. ඒ වගේම මාව අහන පිරිසක් සිටීමත් සතුටුයි.


කාලයෙන් කාලයට සංගීත ක්ෂේත්‍රයේ විවිධ ඉබරතඥඵවල ගීත අසන්නට ලැබෙනවා. නමුත් ඔබ රැල්ලට ගීත ගායනා කිරීමට යොමුවුණේ නැහැ. එය ඔබේ සංගීත ජීවිතයට වුණු අවාසියක් නොවෙයිද?


මීට වසර දහයකට කලින් මම ගායනා කළ ගීත දැන් ගායනා කරන්නේ එදා ගායනා කළ ආකාරයට නොවෙයි. ඒ මගේ ජීවිතයට මම යම් දෙයක් එකතු කරගෙන තිබෙන නිසා. නමුත් ජනප්‍රිය රැල්ලේ ගීතවලට හදිසියේම යොමුවන්න මට ලොකු වුවමනාවක් නැහැ. මම මගේ දක්ෂතාව හ¾දුනාගෙන තිබෙන නිසා මම ඒ අනුව හැඩගැහෙනවා.


ඔබ සංගීතය හොඳින් හැදෑරූ කෙනෙක්. ඉතින් ඔබ ඉගෙනගත් දෙයින් සංගීත ක්ෂේත්‍රයට අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවාද?


සැබැවින්ම මගේ අවංක අධිෂ්ඨානය එයයි. ගීතයක විෂුවල් එකක් ඇතුළේ සංගීතය වගේම රූපයත් අර්ථවත් වනවා නම් මම කැමැතියි. අපේ මිනිසුන් සෑම දෙයක්ම එක වගේ භාර ගන්න සූදානම් නැති නිසා අලුත් දෙයක් ටිකෙන් ටික හ¾දුන්වා දෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඉතින් අපි බලමු.



Previous Post Next Post