ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතාගේ පුතා වන ගයාන් ගුණවර්ධන ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් විදිහටත් මේ වෙනකොට ප්‍රසිද්ධයි. අපිට ආරංචි විදිහට පසුගියදා ගයාන් රංගන ක්ෂේත්‍රයේ ඔහු දැකපු ලොකු හීනයකුත් සැබෑ කරගෙන. ඒ විතරක් නෙවෙයි ඔහු ඔන්න ළඟදීම ආදරණීයම හීනයකුත් සැබෑ කරගන්නයි යන්නේ. ඒ ගයාන්ගේ විවාහය. ඉතින් ගයාන්ගේ ජීවිතේ මේ විදිහට ලොකු ලොකු හීන සැබෑවෙද්දි ඒ ගැන ඔහුගෙන් නොඅසා කොහොමද? ඒ හින්දමයි ගයාන් ගුණවර්ධනටත් අපි අද මෙහෙම ඉඩක් වෙන්කළේ.
ගයාන්ගෙයි පූජනීගෙයි විවාහයට දැන් කාලේ හරි නේද?
කාලේ නම් හරි. ගොඩාක් දුරට මේ අවුරුද්දේ අවසානේ හරි ලබන අවුරුද්දේ මුල හරි අපි විවාහවෙනවා.
දෙන්නගේ විවාහය මේ තරමටම පරක්කු කරන්නේ මොකද?
මගේ වැඩ හින්දමයි පූජනීගෙයි මගෙයි වෙඩින් එක කල් ගියේ. කාර්යබහුත්වය එක්ක ඒ වෙනුවෙන් ඒකට අපට කාලය හොයාගන්න අමාරු වුණා. හැබැයි මුලින් කියපු කාලේ වෙනකොට ඒක වෙනවා.
ඇත්තටම ගයාන් පූජනීට කැමැති වුණේ මොකද?
ඒකට එකම හේතුවයි තියෙන්නේ. ඒක තමයි පූජනී තරම් මාව තේරුම් ගත්ත වෙන කෙල්ලෙක් මට මුණගැහිලා නැති එක. ඒ නිසා පූජනීව මට විශේෂ වුණා.
එකම ක්ෂේත්‍රයේ දෙන්නෙක්ට මේ විදිහට එකට ඉන්න පුළුවන්ද?
දෙන්නම එකම ක්ෂේත්‍රයේ ඉන්න නිසා එහෙම ඉන්න හරි ලේසියි.
ඒ වුණාට පූජනී පෙම්වතිය විදිහට ඔබට නීති ටිකක් නම් දාලා ඇති නේද?
අපොයි නෑ. පූජනී එහෙම කෙනෙක් නෙවෙයි. අපි අපිව හොඳටම තේරුම් අරගෙන හින්දා එයා මටවත් මං එයාටවත් එහෙම නීති දාලා නෑ. කවදාවත් නීති දාන්නෙත් නෑ.
ඔබේ පියා ඉන්න කාලේ පූජනී ගැන විශේෂ මුකුත් කියලා නැද්ද?
එයා කිව්වා මං හොයාගත්ත ලේලි හරි හොඳයි කියලා. කොහොමත් තාත්තාත් පූජනීට හරි ආදරෙයි. එයත් ඒ වගේමයි.
ඔබේ පියා නුවන් ගුණවර්ධන නැති අඩුව ගයාන්ට දැනෙන්නේ කොහොමද?
ඒ අඩුව මට ලොකුවටම දැනෙනවා. ඒක ජීවිතේ එක හිස්තැනක්. ඒ හිස්තැන නම් ජීවිතේට වහගන්න බැරිවෙයි. ඇත්තටම තාත්තයි මමයි අතරේ ලොකු බැඳීමක් තිබුණේ. එයාගේ වෙන්වීම තාම හීනයක් වගේ. තාත්තා අදටත් ළඟින් හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි.
ගයාන්ට තාත්තට පේන්න සැබෑවක් කරගන්න බැරිවුණු හීනයක් තියෙනවද?
මගේ ලොකු හීනයක් තිබුණා අනාගතේ දවසක තාත්තයි මමයි මගේ පුතකුයි එක්කලා යුග තුනක් නියෝජනය වෙන විදිහේ ප්‍රසංගයක් කරන්න. තාත්තා අපි දාලා ගියාට පස්සේ ඒක හීනයක්ම වෙලා ගියා.
ඒ හීනය හීනයක් වුණාට ඔබ පොඩි කාලේ ඉඳන් දැක්ක ලොකු හීනයක් නම් ළඟදි සැබෑ වෙන්න යනවලු නේද?
ඔව් මගේ ලොකු ආසාවක් තිබුණා කවදා හරි දවසක චිත්‍රපටයක රඟපාන්න. මේ වෙනකොට ඒ ආසාව මම ඉටුකරගෙන ඉවරයි. ඉතා ඉක්මනින් චිත්‍රපටය සිනමා ශාලාවලින් බලන්න පුළුවන් වෙයි.
ගයාන් රංගනයෙන් දායක වුණු ඒ චිත්‍රපටය ගැන කිව්වොත්?
"සාධි" චිත්‍රපටයේ නම. ප්‍රධාන චරිතය තමයි මං කරන්නේ. මට ඒකට අවස්ථාව ලබාදුන්නු අපේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා වගේම සිනමාවේදිනී සුවිනීතා වීරසිංහ මහත්මිය මතක් කරන්නම ඕනේ.
අවසාන වශයෙන් "සාධි" චිත්‍රපටයේ ඔබේ චරිතය ගැනත් කියමුද?
"සාධි" චිත්‍රපටයේ මං ඉන්නේ "රාහුල" කියලා හාමුදුරුනමකට. උන්වහන්සේ එක්තරා විශ්ව විද්‍යාලයක ශිෂ්‍ය ව්‍යාපාර වෙනුවෙන් පෙනී ඉන්න විප්ලවකාරී පොඩි හාමුදුරු නමක්. ඒ ගැන විස්තර දැනට ඇති. මං වැඩිපුර දේවල් කියන්න ගියොත් චිත්‍රපටයේ තියෙන කුතුහලය නැතිවෙයි.