ලස්සන වැඩක් ලැබෙනවා නම් මමත් ආසයි රඟපාන්න-අමන්දා සිල්වා




ඇය මෙරට සිටින සුන්දරම නිරූපිකාවකි. නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර තරග කිහිපයක්ම ජයග්‍රහණය කිරීමට සමත් වූ ඇය සතුව  නිරූපණ හැකියාව අතික්‍රමණය කළ නර්තන කුසලතාවක්ද ඇත. තමා සම්බන්ධ වූ පළමු සිනමා නිර්මාණය හරහාම සම්මානයක් සඳහා නිර්දේශ වීමට තරම් ශක්‍යතාවක් සහිත ඇය නමින් අමන්දා සිල්වා නම් වේ. උදා වූ නව වසර ලංකාවාසී සියලුදෙනාට සුබ පතමින් මෙවර  ඇය කළ සංවාදයයි මේ


 මේ දවස්වල තොරතුරු ගැන කියලම ආරම්භ කරමු?


මේ දවස්වල අලුත් අවුරුද්ද නිසා ගොඩක්ම මාධ්‍යවල වැඩසටහන් එක්ක තමයි කාලය ගත වෙන්නේ. වෙනදට නම් මම තනියම, ඉතිං මේ පාර හස්බන්ඩ් එක්කම සහභාගි වෙනවා ඒවාට. ඒ අතරතුර  මගේ ෆැෂන් ෂෝ එහෙමත් තියෙනවා. ඒ සියල්ලම එක්ක සුපුරුදු විධියට වැඩ ටික කරගෙන යනවා.


ඔබ සම්බන්ධ වුණු පළමු චිත්‍රපටය හරහාම සම්මානයක් සඳහා නිර්දේශ වෙනවා. ඒ ගැන කතා කළොත්?


මම ඇත්තටම රංගනය පිළිබඳව ලොකුවටම හදාරලා  තිබුණේ නැහැ. ඒත් පළමු චිත්‍රපටයෙන්ම ජනාධිපති සම්මාන උළෙලේදී මාව නොමිනේට් වෙනවා. ඒ ගැන ඇත්තටම හරිම සතුටුයි. ඉතිං ඉස්සරහට හොඳ වැඩ එනවානම් ඒ ගැන ඉගෙනගෙන ලස්සන  වැඩක් කරන්න ආසාවෙන් තමයි ඉන්නේ. මට ඇත්තටම පළමු නිර්මාණය හරහාම සම්මානයක් සඳහා නිර්දේශ වීමට හැකි වීම ගැන ගොඩක්ම සතුටක් තිබෙනවා.


නිරූපණ ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක් වශයෙන් රටේ ජනප්‍රියම චරිතයක් වුණත් රංගනයට ලබාදී ඇති දායකත්වය සීමිතයි ඇයි ඒ?


මම ආසයි ඇත්තටම  රංගනයටත්. නිරූපනය ගත්තොත් එතැන තිබෙන්නේ සුන්දරත්වය.  රංගනයට විශේෂ හැකියාවක් තිබෙන්න ඕනෑ. බියුටි එක තිබෙන කෙනෙක් රංගනය සම්බන්ධයෙන් ඉගෙනගෙන ආවොත් හොඳ ගමනක් යන්න පුළුවන්. ලස්සන වැඩක් එනවා නම් මමත් ආසයි රංගනයේ යෙදෙන්න. මම මොඩර්න් විධියට අඳින නිසාද දන්නේ නැහැ. මට ලැබෙන්නේ ටිකක් වෙනස් චරිත. නමුත් මට හොඳ විධියට වැඩක් ආවොත් මම ඒක කරනවා. නොකර ඉන්නේ නැහැ.


දැන් එක එක වර්ගයේ බියුටි පැජන්ට් හැම තැනම.  නැවත වතාවක් පැජට් එකක් ජයග්‍රහණය කරන්න අදහසක් නැද්ද?


ඇත්තටම මම දැන් නිරූපණ කටයුතු කරන්න පටන්ගෙන අවුරුදු 15ක්. මම මුලින්ම පටන් ගත්ත ගමන්ම බෙස්ට් ෆීමේල් මොඩ්ල් පැජන්ට් එක වින් කළා. ක්‍රවුන් එකත් එක්කම බෙස්ට් වෝක් එක, බෙස්ට් ෆිගර් එක ඒ සේරම වින් කළා. ඊට පසුව ඒ හරහා ස්පාඤ්ඤයට ගිහින් බෙස්ට් මොඩ්ල් වර්ල්ඩ් කියන අන්තර්ජාතික තරගයෙත් බෙස්ට් ෆිගර් කැටගරිය ජයග්‍රහණය කළා. ඒ වගේම අවසන් පස්දෙනාට එනකම් ආවා. ඒ වගේම ලංකාවේ මිස්  ශ්‍රී ලංකා නොමිනේට් වෙලා. මිස් ශ්‍රී ලංකා ෆෝ  මිස් ඒෂියා පැසිෆික් වර්ල්ඩ් කියන තරගය නියෝජනය කරලා හොඳම පහළොස් දෙනා අතරට ආවා. ඉතිං මම ආරම්භයේදීම හොඳම පැජන්ට් ජයග්‍රහණය කරලා තිබෙනවා. ඉතිං දැන් එහෙම අවශ්‍යතාවක් නැහැ. දැන් ඕනෑ ලස්සනට ඇඟ තිබෙනකල් මොඩ්ල් කරන්න. මගේ පැජන්ට්වලට ගියපු කාලය දැන් ඉවරයි.


දැන් හැම තැනම නිරූපණ පාසල් බිහි වෙලා, එහෙම දෙයක් ආරම්භ කරන්න අදහසක් නැද්ද?


ඒක නම් කියන්න බැහැ. අදහසක් ඇති වුණොත් පටන් ගන්නත් පුළුවන්. මොකද එහෙම නිරූපණ පාසලක් දානවා නම් මට ඒකට අවශ්‍ය සුදුසුකම් සියල්ලම තිබෙනවා. පැජන්ට්වලින් දිනලා, ඒකට අවශ්‍ය සහතික ලබාගෙන, සම්මාන ලබාගෙන ඒ අවශ්‍ය හැම සුදුසුකමක්ම මට තිබෙනවා. බලමු ඉස්සරහට හිතුණොත්. අද වෙද්දී හැමතැනම නිරූපණ පාසල් තිබුණත් ඒවාට සම්බන්ධ වෙන දරුවන් තමන් සම්බන්ධ වෙන ගුරුවරුන් ගැන සැලකිලිමත් විය යුතුයි. එතැනදී මම කැමැතියි මොඩ්ලින්වලට අලුතෙන් සම්බන්ධ වෙන ළමයි මොළේ කල්පනා කරලා හොඳ ටීචර් කෙනෙක් ගාවට යනවා නම්.


මොඩ්ලින් කියලා කියද්දී තවමත් වැරැදි ඇහෙන් බලන පිරිසක් සිටිනවා නේද?


මොඩ්ලින් කියලා කියද්දි ඔවුන්ගේ ඇඟේ හැඩයත් සමඟ ඔවුන්ට ලස්සනට අඳින්න පුළුවන්. ඉතිං ඒ අඳින විධිය මිස ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මොඩ්ලින් කරන අය නරකයි කියලා. ගොඩක් තැන්වල මම කියන දෙයක් තමයි නරක මිනිස්සු කියන අය ඕනෑම තැනක ඉන්න පුළුවන්. මොඩ්ලින්වල විතරක් නෙවෙයි, අපේ වෘත්තීය මොකක් වුණත් හරි විධියට ඉන්න පුළුවන් නම් ඕනෑම තැනක හරියට ඉන්න පුළුවන්. කවුරුහරි මොඩ්ලින් කරන්න ආසාවෙන් ඉන්නවා නම් මම කියන්නේ මේක බය වෙන්න ඕනෑ ෆීල්ඩ් එකක් නෙවෙයි. අපිට හරි විධියට ඉන්න පුළුවන් නම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ.


දැන් ඔබේ සැමියත් ඔබත් සමඟ ඇතැම් නිරූපණ වැඩවලට සහභාගි වෙනවා නේද?


එයා හරිම කඩවසම්. ඒක නිසා ඇතැම් වැඩ එයත් එක්කම කරන්න ලැබෙනවා. ඒක නිසා ඒවාට එයත් ආසාවෙන් සම්බන්ධ වෙනවා මාත් එක්ක කරන්න ලැබෙන නිසා. නැත්නම් එයා ටිකක් ලැජ්ජයි. ඒත් මාත් එක්ක කරන්න ලැබෙන නිසා එයාට ඒවට අනුගත වෙන්න පහසු වෙලා තිබෙනවා. ඉතිං එහෙම ලැබෙන ඒවා මම එයත් එක්කම කරනවා.


සැමියා ඉදිරියේදී පොලිස් සේවයෙන් අයින් වෙලා නිරූපණයට ඒවිද?


පොලිසියෙන් අයින් වෙලා නම් එන එකක් නැහැ. මාත් එක්ක කරන්න ලැබෙන වැඩවලට තමයි ඔහු එකතු වෙන්නේ. එහෙම නැතිව ලොකුවටම වැඩවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇත්තටම එයා එහෙම ඒ පැත්තට ආසා කෙනෙක් නෙවෙයි. නමුත් මාත් එක්ක කරන්න ලැබෙන වැඩවලට සම්බන්ධ වෙන්නේ එයා ඒක එන්ජෝයි කරන නිසා.


අවසන් වශයෙන් ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?


ඉදිරියේදී වැඩ කිහිපයක්ම කරන්න තිබෙනවා. ආරාධනා ලැබුණු වැඩත් තිබෙනවා. බලමු ඉදිරියේදී ඒ ගැන වැඩි විස්තර ලබා දෙන්නම්.


අක්ෂි මාපා වීරසිංහ



Previous Post Next Post