ඔහු නළුකම උපතින් රැගෙන ආවෙකි. ඉතාමත් කුඩා වියේ පටන්ම වේදිකාව තුළ වැඩ පෙන්නූ ඔහු මෙරට වේදිකා නාට්‍ය ඉතිහාසය තුළ බිහි වූ අති දක්ෂයෙකි. වේදිකාවේ වැඩ පෙන්වන වැඩ්ඩෙක් වූ ඔහු මේ දිනවල වඩාත් ජනප්‍රියව සිටින්නේ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් ලෙසය. සිත නිදි නෑ ටෙලි නාට්‍යයේ විශ්වගේ චරිතය හරහා අති මහත් රසික ආදරයක් දිනා සිටින ඔහු නමින් ඉශාර ප්‍රමුදිත වික්රමසිංහයි.
මේ දිනවල කලා කටයුතු ගැන කියලම කතාව ආරම්භ කරමු?
මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම්වල යෙදෙනවා. එකක් සිත නිදි නෑ කියන ටෙලි නාට්‍යය. ඒකේ විශ්ව කියන චරිතය මේ දවස්වල ටිකක් ජනප්‍රිය වෙලා තියෙනවා සෝෂල් මීඩියාවල. ඊට අමතරව දිව්‍යාදරි 2 නාට්‍යයේ රූගත කිරීම් සිදු වෙනවා. ඒ දේවල්වලට අමතරව කාර්යබහුල වෙලා සිටින්නේ වේදිකාවේ. උදයසිරි වික්‍රමරත්නගේ ගරු කථානායකතුමනි, ඔහුගේම සුද්දෙක් ඔබ අමතයි හා හරිම බඩු තුනක්, ලූෂන්
බුලත්සිංහලයන්ගේ තාරාවෝ ඉගිලෙති නාට්‍ය හා තව ගොඩක් නාට්‍යවල දර්ශන රටේ විවිධ තැන්වල පැවැත්වෙනවා. ඊට අමතරව අලුත් වේදිකා නාට්‍ය දෙකක පුහුණුවීම් සිද්ධ වෙනවා. ඊට අමතරව රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කිරීම් වගේම හඬකැවීම් කටයුතුවලත් මේ දිනවල නිරත වෙලා සිටිනවා.
සිත නිදි නෑ ටෙලි නාට්‍ය හරහා ඔබට මේ දිනවල ලොකු ජනප්‍රියත්වයක් හිමිවෙලා?
සිත නිදි නෑ නාට්‍ය ප්‍රවීණ අධ්යක්ෂ තිළිණ බොරලැස්සගේ, ඔහුව මට හමුවෙන්නේ මීට අවුරුදු දෙකකට කලින් ශක්ති කියන නාට්‍ය හරහා. ඊට පසුව මේ සිත නිදි නෑ නාට්‍ය සඳහාත් මම කැමැති ආකාරයේ ටිකක් වෙනස් විධියේ චරිතයක් කරන්න මට ආරාධනා ලැබෙනවා. ලක්ෂාන් වත්තුහේවා තමයි එහි පිටපත ලියන්නේ, මට හමුවෙලා තිබෙන සමහර චරිත අනුව, වේදිකාවේ තිබුණු අත්දැකීම් අනුව ලක්ෂාන්ගේ පිටපතට අමතරව තව දේවල්
එකතු කරමින් අපි හරිම නිදහසෙන් හා සැහැල්ලුවෙන් වැඩේ කරගෙන යනවා. ඒ නිදහස හා සැහැල්ලුව මත තමයි මම හිතන්නේ චරිත නිරූපණයේ තිබෙන ස්වාභාවිකත්වය මතු වන්නේ. ඒ නිසාම වෙන්න ඕනා මිනිස්සු ගොඩක් කැමැති. සෝෂල් මීඩියා කමෙන්ට්වලත් තිබෙන්නේ රඟපාන බව නොපෙනෙන්න රඟපානවා කියලා. ඒ දේවල්වලට හරිම සතුටුයි. රංගන ශිල්පියෙක් ප්‍රැක්ටිස් කරන්න ඕනා දෙයක් ඒක. කණ්ඩායමේ අනෙක් පිරිසත් සහයෝගය දෙන නිසා ඒ චරිතය මේ දවස්වල මිනිසුන්ගේ ආකර්ෂණයට ලක් වෙලා තිබෙනවා.
මෙතරම් දක්ෂ වේදිකා නළුවෙක් සෝප් ඔපෙරාවලට සම්බන්ධවෙන්නේ අපරාදේ කියලා කෙනෙක්ට හිතුණොත්?
ඕනාම කෙනෙක්ට ඕනා දෙයක් කියන්න අයිතිය තිබෙනවා. හැබැයි අනෙක් පැත්තට ලංකාව වගේ රටක කලාව ඇතුළේ එතරම් තෝරා බේරා ගැනීම් සිදු කරන්න අවකාශය හා අවස්ථාවන් තිබෙනවාද කියන කාරණය ගැනත් සිතා බැලිය යුතුයි. මම හිතන විධියට වේදිකා නාට්‍ය කලාවට වෘත්තීය වටිනාකමක් එකතු වෙලා නැහැ. උදේ පාන්දර නාට්‍ය බස් එකට නැඟලා, රටේ අෑත ගමකට ගිහිං, දුෂ්කර වේදිකාවක දාඩිය දාගෙන දර්ශන වාර දෙකක් කරලා පහුවදා පාන්දර ගෙදර එද්දි පැය විසි හතරක් විතර ඒ නාට්‍ය වෙනුවෙන් ගත කළත් හරිම අඩු මුදලක් ලැබෙන්නේ. ආර්ථික ලාබයට
වඩා එතැන තිබෙන්නේ ආත්ම තෘප්තිය හා සතත අභ්‍යාසය. නමුත් වෘත්තීය කලාකරුවෝ වශයෙන් මේකේ නියැළෙන්න අපේ ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. ඒ සඳහා අපිට වෙනත් මාධ්‍ය තෝරා ගැනීමට සිදු වෙනවා. ටෙලි නාට්‍ය කියන්නෙත් එහෙම දෙයක්. නළුවෙක් කළ යුතු වන්නේ ඕනාම නිර්මාණයක තමන්ගේ කොටස හරියට කරන එක. ලැබෙන අවස්ථාවෙන් වැඩ පෙන්වීම තමයි මගේ තේරීම.
වේදිකාවේ දක්ෂයන්ට විද්‍යුත් මාධ්‍යවල ඉඩ නිර්මාණය වෙන්නේ බොහෝ ප්‍රමාදවෙලා, ඒ ගැන ඔබේ අදහස?
ඒක මම හිතන්නේ මට විතරක් නෙවෙයි. අපේ ප්‍රවීණයෝ වුණු ජයලත් මනෝරත්න, විජය නන්දසිරි වගේ අය ගත්තත්, ඔවුන්ට තරුණ කාලයේ ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක පෙම්වතාගේ චරිතයට අවස්ථාව ලැබිලා නැහැ. ඔවුන්ගේ මැදි වයසෙදි තමයි හිට් වෙන චරිත ලැබෙන්නේ. සිනමාවට හා රූපවාහිනියට අවශ්‍ය තරු. ඒකට බලපාන්නේ රූපය. ඒක නිසා තමයි ඒවට අවුරුදු කුමාරයෝ, අවුරුදු කුමරියෝ, මොඩ්ල්ස්ලව
ගන්නේ. එහෙම වෙන්නේ රූපයට ඉඩදෙන නිසා, ටැලන්ට් එකට වඩා ප්‍රේක්ෂකාගාරයේ ඇස රූපයෙන් පිනවීම තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම අධ්යක්ෂවරු ඒක විකුණගන්න උත්සාහ ගන්නවා, චැනල් එකත් නිර්මාණය හිට් කරගන්න බලනවා. මේක ඇත්තටම කිව්වොත් ව්යාපාරයක්නේ.
ඒ වගේම ඇතැම් වෙලාවට රියැලිටි තරු පාවිච්චි කරන්නේ ප්‍රේක්ෂකාගාරය ආකර්ෂණය කරගන්න. ඒක ඇතුළේ ගුණාත්මකභාවය රැක ගන්න ඔවුන් අනෙක් චරිතවලට වේදිකාවේ නළු නිළියන් ගන්නවා. ඔතැනදි සමහර වෙලාවට වෙන දෙයක් තමයි, ප්‍රධාන චරිතය අභිභවා අනු චරිත කරන වේදිකා නාට්‍ය රංගන ශිල්පීන් ඉස්මතු වෙන එක.
මෑතකාලීනව වේදිකා නාට්‍ය කලාවට විශාල රසික ප්‍රජාවක් නිර්මාණය වෙලා තිබෙනවා, ඒ ගැනත් කතා කරමු?
දැන් මිනිස්සු ටීවි එක අතහැරලා ඒකේ විකාශය වෙන සියල්ල ෆෝන් එකෙන් බලනවා. නමුත් වේදිකාවට ඒ ඔප්ෂන් එක නැහැ. වේදිකා නාට්‍යයක් බලන්න නම් මිනිස්සු රඟහලට එන්නම ඕනා. ටෙලිවිෂන් එකෙන් අෑත් වුණාට මිනිස්සු වේදිකාවෙන් අෑත් වෙලා නැහැ කියලා අපිට දැනෙන්නේ ආර්ථික අපහසුතා තිබෙන මෙවැනි කාලයකත් ප්‍රේක්ෂකාගාරය පිරෙන්න සෙනඟ එන නිසා. එහි රස දන්න අය දරු දැරියන් සමඟ පවුල් පිටින් නාට්
ය බලන්න එනවා. ඉස්සර ප්ලේන්ටියක් බීලා වඩේ එකක් කාලා කරන නාට්‍ය කලාවක් තිබුණත් අපේ පරපුර උත්සාහ කරනවා එතැනින් උඩට මේ නාට්‍ය කලාව ගන්න. සමහර අවස්ථාවල මට ටෙලි නාට්‍යයක ගෙවනවට වඩා වේදිකා නාට්‍යයක ගෙවනවා. අපි ඒ තත්ත්වයට මේ කලාව ගේන්න උත්සාහ ගනිමින් ඉන්නවා. මොකද මිනිස්සු සතුටින් තබන, මිනිස්සුන් හිනස්සන කලාකරුවො සතුටින් ඉඳලා සතුටින් යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා.
මීට පෙර වේදිකාවේ සිටි දැවැන්තයන් පණ පෙවූ චරිත රාශියකට දායකත්වය දීමට ඔබට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ ගැන කතා කළොත්?
1996 වර්ෂයේ මම හය වසරේ සිටියදී මනෝරත්නයන්ගේ තලමල පිපිලා නාට්‍යයේ රඟපාන්න ලැබෙනවා. එතැන් සිට මම සම්බන්ධ වූ නාට්‍ය බොහෝමයක් පැරණි නාට්‍යවල අලුත් නිෂ්පාදන. එතැනදී අපේ ප්‍රවීණයෝ කරපු චරිත තමයි මට කරන්න ලැබුණේ. උදාහරණයක් ලෙස මම දැන් දායක වෙන තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ පිනාගේ චරිතයට මීට පෙර ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, රොඩ්නි වර්ණකුල වැනි ප්‍රවීණයන් තමයි දායකත්වය දුන්නේ. තවත් උදාහරණ තිබෙනවා. පොඩි කාලේ මම ආදරය කළ වේදිකාවේ වීරයන් කළ චරිත මට දැන් කරන්න ලැබිලා තිබෙනවා. ඒක හැමෝටම නොලැබෙන භාග්‍යයක්.
කලාව තුළ, නළුවෙක්, නිවේදකයෙක්, හඬ කැවීම් ශිල්පියෙක් යනාදි විශාල භූමිකා ප්‍රමාණයකට දායකත්වය දෙන ඔබේ වැඩි රුචිකත්වය කුමකටද?
වේදිකා නාට්‍ය නළුවා කියන භූමිකාව. ඒ ඇතුළේ මට අවස්ථාව තිබෙනවා ඒ චරිතය ප්‍රේක්ෂකාගාරයෙන් ප්‍රේක්ෂකාගාරයට, රඟහලෙන් රඟහලට ඩිවලොප් කරගෙන ඉදිරියට යන්න. ඒ වගේම ඒ හරහා ලැබෙන සජීවී ප්‍රේක්ෂක ප්‍රතිචාර, ආදරය වෙන කිසිම දෙයකින් අත්දකින්න බැහැ. මම මියයන තුරුම වේදිකාව අතහරින එකක් නැහැ.
ඉදිරි කලා කටයුතුත් මතක් කරලම කතාව අවසන් කරමු?
මේ දවස්වල කටයුතු කරන ඒවාට අමතරව අලුතෙන් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ වගේම අලුතෙන් වේදිකා නාට්‍ය දෙකක් එන්නත් තිබෙනවා.
අක්ෂි මාපා වීරසිංහ