ආකර්ෂණීය දිගු වරලසකට හිමිකම් කියන ඇය 2023 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගයේ සුන්දර වරලස ටයිට්ල් එක දිනාගත් ආදිත්‍යා දෙව්මිණීය. වෙළෙඳ දැන්වීම් කලාව ඔස්සේ පාසල් වියේදීම කලාවට පිවිස මේ වන විට පුංචි තිරයේ දස්කම් පාමින් සිටිය ද තවමත් ඇය 18 වැනි වියේ පසුවන යෞවනියකි. හිරු ටීවී නාළිකාවේ විකාශය වුණු ෂැඩෝ ටෙලි නිර්මාණයෙන් පළමු රංගන අත්දැකීම ලැබූ ඇය තම හැකියාවන් පෙන්වමින් ක්ෂේත්රය තුළ සෙමින් ගමනක් යමින් සිටින්නීය.
“මගේ ගම අම්බලන්ගොඩ. මට ඉන්නෙ අම්මයි, තාත්තයි, මල්ලියි. තාත්ත ඉන්නෙ විදෙස්ගත වෙලා. මං අධ්‍යාපනය හැදෑරුවේ සවුත් ගේට් ජාත්‍යන්තර පාසලෙන්. පාසල් යන කාලෙමයි මං ෆොටෝ ෂූට් එකකට පෙනී සිටියේ. ජාත්‍යන්තර පාසලක් නිසා තහංචි වැටුණෙත් නැහැ. ඒ පැත්තෙ තියෙන සාරංගා සැලෝන් එකේ අයිය මං පොඩි කාලෙ ඉඳන්ම අඳුනනවා. කවුරු හරි කරපු ෆොටෝ ෂූට් එකක් මං ඒ අයියට යවල ලස්සනයි නේද කියල ඇහුවා. ඔයත් ආසයි නම් ඔයාගෙත් එකක් කරමු කියලා මගෙත් ෆොටෝ ෂූට් එකක් කළා. ඒ හරහා මට මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබුණා. පොඩ්ඩා, නයෝමි තක්ෂිලා අක්කා එක්ක කළ මතකය විතරයි, එම්. ජී. ධනුෂ්ක අයියගෙ සුදු හංසි වගේ මියුසික් වීඩියෝ කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඒ වගේම පුවත්පත්, සඟරා කවරවලත් පෙනී හිටියා. ඒවත් එක්කම ටෙලිනාට්‍යවලටත් ආරාධනා ලැබුණා“
ඇගේ කුළුඳුල් ටෙලි නිර්මාණය ලෙස ෂැඩෝ ටෙලි නිර්මාණයට දායකවීමේ අවස්ථාව උදාවන්නේ ද ඇයගේ මිතුරකුගේ සහායෙනි. ඒ ගැන ඇය සිහිපත් කළේ ස්තූතිපූර්වක හැඟීමෙනි.
“ෂැඩෝ ටෙලි නිර්මාණය සඳහා නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් බඳවා ගන්නවා කියල දාපු පෝස්ට් එකක් දැකලා කොළඹ ඉන්න යාළුවෙක් මගේ ෆොටෝ වගයක් දාල තිබුණා. ඒකෙනුයි මාව තෝරගෙන තිබුණේ. ස්ක්‍රීන් ටෙස්ට් එකක්වත් නොතියා ලැබුණු ඒ අවස්ථාව මට මහමෙරක් වගේ වුණා. මට ලැබුණෙ සරසවි සිසුවියකගෙ චරිතයක්. අත්දැකීමක්වත් නැතුව මං ඒක හොඳට කළා. ඒකෙන් පස්සෙ ලංවී ටෙලි නිර්මාණයට ආරාධනා ලැබුණා. ඒත් එක්කම සිරස ටෙලි ෆිල්ම් එකකට ආරාධනා කළා. ඒකෙ මේන් රෝල් එක කළේ මායි ගයාන් ගුණවර්ධන අයියයි. ඒකත් ප්‍රේක්ෂකයන් අතරට ගියා. ෂැඩෝ වගේම ලංවී කියන්නෙත් ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගත් ටෙලි නිර්මාණ. ඊටත් පස්සෙ 119 කියල හිරු එකෙන් කළ කතා මාලාවක ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වුණා. ඒ වගේම ස්වර්ණවාහිනියේ විකාශය වීමට නියමිත කෝඩුකාරයෝ ටෙලි නිර්මාණයෙන් ඉදිරියේ දි දැකගන්න ලැබේවි. අඩියෙන් අඩිය ආපු ගමන ගැන අද මට හරි සතුටුයි.“
නපුරුකමටම සීමාවී ඒකාකාරී රංගන පරාසයකටම කොටුවී සිටින ආදිත්‍යා ඒ ගැන අප හා පැවසුවේ මෙවන් කතාවකි.
“මොන හේතුවක් නිසා ද මන්ද හැමදාම මට ලැබෙන්නෙ නපුරු චරිත. ඒකට හේතුව මගේ පෙනුම ද කතා කරන විදිහ ද කියල හිතාගන්න බෑ. වෙන චරිතයක් දුන්නත් සමහර අධ්යක්ෂවරු නෑ නෑ ඔයාට ගැළපෙන්නෙ මේ චරිතය කියල මාව ආයිමත් නපුරු චරිතයකට මාරු කරනවා. සමහර වෙලාවට මම ඒක හොඳට කරන නිසා වෙන්නත් පුළුවන්. ඒත් ඇත්තටම මං ආසයි අහිංසක චරිතයකට. නැත්නම් මාවත් නපුරු රාමුවටම කොටුවේවි.“
යෞවනයේ පසුවන ආදිත්‍යාට ආදරය ගැන දැනෙන්නේ කෙබඳු හැඟීමක්, දැයි ඇසූ විට ඇය පැවැසුවේ මෙහෙම කතාවක්.
“මට තාම අවුරුදු දහඅට සම්පූර්ණ වෙලා දහනවයට ලැබුවා විතරයි. මං තාම පොඩි නිසා ආදරය වගේ හැඟීමක් ගැන හිතන්න මං තාම පරිණත නෑ කියලයි මට හිතෙන්නෙ. යෝජනා නම් ඕන තරම් එනවා. සමහරු අම්මලගෙනුත් අහනවා. මගේ කොණ්ඩෙ ගොඩක් දිග නිසා ගොඩක් අය මගේ කොණ්ඩෙට කැමතියි. කොහේ ගියත් ඕන කෙනෙක්ගෙ ඇස් යන්නෙ මගේ කොණ්ඩෙට. ෂූටින්වලට ගියත් මට කලින් එන්න කියනව කොණ්ඩෙ හදන්න ඕන නිසා. ගොඩක් වෙලාවට ලූස් හෙයාර් දානවා. ඒත් කවදහරි මම කැමති වෙන්නෙ මට වඩා ටිකක් වැඩිමල් කෙනෙකුට. මං කැමතියි මට වඩා දැනුමෙන් බුද්ධියෙන් අත්දැකීම්වලින් පරිපුන් කෙනෙකුට. සම වයස්වල වුණහම අදහස් එකම වගේ. වැරැද්දක් වුණත් ඒක ගැන ගැඹුරින් හිතන්න බැරි වෙනවා. ටිකක් වයසින් වැඩි කෙනෙක් වුණහම තාත්තා වගේ මාව බලාගනීවි කියල හිතනවා. ඒ නිසා තව ටිකක් හැදෑරීම් කරලා, සුදුසුකම් ලබලා රංගනය පැත්තෙන් ඉදිරියට ගිහින්ම ඒ ගැන හිතනවා. මට ඕන කවදහරි දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න.“
නාමලී ගමගේ