වන්නකුගෙ බරපතළකම මට කලින්ම දැනගන්න ලැබුණා-සමන්ත පරණලියන



වේදිකාව හරහා රංගනයට පිවිසි මෙම රංගන ශිල්පියා ප්‍රේක්ෂකයාගේ අවධානය තමා වෙත නතු කර ගන්නේ සහෝදරයා ටෙලි නාට්‍යය හරහා. තමන්ට ලැබෙන විවිධ චරිත ඔස්සේ තම රංගනයෙහි විභවය සලකුණු කරනා මෙම රංගන ශිල්පියා මේ දිනවල විකාශය වන තත්පරයක් දෙන්න ටෙලි නාට්‍යයේ වන්නකුගේ චරිතය හරහා ප්‍රේක්ෂකයාගේ අවධානය නැවතත් තමන් දෙසට යොමුකරගෙන. අද එක්වන්නේ රංගන ශිල්පී සමන්ත පරණලියනගේ. 


මේ දවස් ගෙවී යන්නේ කොහොමද?


මේ දවස්වල තත්පරයක් දෙන්න ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සහ අලුතෙන් විකාශය වීමට නියමිත ලලයි ලිලයි ලයි කියන ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සමඟ කාලය ගෙවී යනවා. ඒ වගේම ගිහාන් ෆර්නෑන්ඩුගේ වේදිකා නාට්‍යයක් වන ලොක්කා ලෙඩවෙලා කියන වේදිකා නාට්‍යයටත් මම රංගනයෙන් දායක වෙනවා.


ඔබ රංගනයට ප්‍රවිෂ්ට වුණේ කොහොමද?


2007 කාලයේ තමයි මම මුලින්ම ටවර් හෝල් එකට එන්නේ. මම ටවර් හෝල් රඟහල පදනමේ නාට්‍ය හා රංග කලාව උසස් ඩිප්ලෝමාව හැදෑරුවා. ඉන් වසර දෙකකට පසුව විවෘත විශ්වවිද්‍යාලයෙන් මම අධ්‍යාපනවේදී උපාධිය හැදෑරුවා. ඉන් පසුව මම කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපතිත්වය ලැබුවා.


ඔබේ රංගනයේ තිඹිරිගෙය වන්නේ වේදිකාව. ඒ පිළිබඳව කතා කරනවා නම්?


අපි කොළඹ එන්නෙම නාට්‍යවලට තිබෙන කැක්කුම නිසා. වේදිකාවෙන් තමයි අපි බොහෝ දෙය ඉගෙන ගත්තේ. අපි වේදිකාව තුළ ගොඩක් වැඩ කළා. අපි ටවර් හෝල් එකේ ඩ්‍රාමා කෝස් එක කළා. ඒක අවසන් වුණාට පස්සෙ මට නාමල් ජයසිංහ අයියාව මුණගැහුණා. ඊට පස්සෙ අපි අයියත් එක්ක එකතුවෙලා යම් යම් වැඩ කළා. ඊට පස්සෙ අපේ යාළුවො එකතුවෙලා Unnamed theater group එක හැදුවා. අපි නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කළා. අපි අදටත් ඒ නාට්‍ය සමඟ වැඩ කරනවා. වේදිකාව කියන්නේ රංගනය හදාරන්න හොඳම තැනක්. මම අදටත් වේදිකාවේ වැඩ කරනවා.


Unnamed theater group එක නිර්මාණය වුණේ කොහොමද?


මුලින්ම එහෙම දෙයක් තිබුණෙ නැහැ. නාට්‍ය පෙන්වා ගන්න යම් ආයතනයක් අවශ්‍ය නිසා තමයි අපි ඔය නම දැම්මේ. අපි අපේ නාට්‍ය හතර වන දාහක් දෙනවකෝ, කිරි අම්මා අවතාරය, ආණ්ඩුවේ රස්සාව, ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනඟමු කියන නාට්‍ය මුලින්ම වේදිකාගත කළේ ලයනල් වෙන්ඩ් කලාගාරයේදී. අපි ඒ දෙය කළේ ඉගෙන ගන්න ගමන්මයි. යොවුන් නාට්‍ය උළෙලේදී ඒවා සම්මානයට පවා පාත්‍ර වුණා. අපිට දාගන්න නමක් තිබුණෙ නැහැ. අන්තිමේදී ඒ නැති එක නම බවට පත් වුණා.


ඔබ ප්‍රේක්ෂකයා මුලින්ම හ¾දුනා ගන්නේ සහෝදරයා හරහා. ඒ පිළිබඳව මතක් කරමු?


නාමල් ජයසිංහ මාව මුලින්ම සම්බන්ධ කරගත්තේ බොහීමියානුවා ටෙලි නාට්‍යයට. ඉන් පසුව තමයි මට නාමල් සහෝදරයා ටෙලි නාට්‍යයට එන්න කියලා ආරාධනා කළේ. ඒක හරි චාටර් චරිතයක්. නාමල් අයියා මටත් රිද්දන්නද මන්දා ඒ චරිතෙ දුන්නෙ. අදටත් බොහෝ අය මාව හ¾දුන ගන්නේ ඒ චරිතය හරහා. නාමල් කියන්නෙ සහෝදරයෙක් තමයි ඉතින්.


තත්පරයක් දෙන්න වන්නකුගෙ චරිතය ගැන කතා කරනවා නම්?


මධුර ප්‍රභාෂ්වර තමයි මට මේ චරිතය කරන්න කියලා කිව්වේ. මධුර තමයි මේ චරිතයට රඟපාන්න ඉඳලා තිබෙන්නේ. අපි දෙන්නා මෙට්‍රො හීන එකේ එකට වැඩ කළා. මේ චරිතෙ තියෙන බරපතළකම ගැන මට මුලින්ම දැන ගන්න ලැබුණා. මේ වැඩේ පටන් අරන් දැන් ටික කාලයක්. චරිතයක් විධියට ඒක වෙනස්ම චරිතයක්.


මිනි සීරීස් ගැන ඔබේ අදහස?


මිනි සීරීස් කියන්නෙ මරු වැඩක්. ජීවත් වෙන්න මිනිස්සු සිදු කරන අරගලයත් එක්ක ලොකු කාලයක් කලාව වෙනුවෙන් වෙන් කරන්න බැහැ. මිනි සීරීස් එපිසෝඩ් ගාණින් මිනි වුණාට ඇත්තටම මිනි. ඒ කියන්නේ මැණික් වගේ. ඒක පත්තු වුණ එක මාරයි. අනෙක් දෙය ලොකු ටෙලි නාට්‍යකින් කතා කරන්න බැරි දේවල් ඉතා ඉක්මනින් මේ තුළ කතා කරන්න පුළුවන්. හරියට කවියක පේළි දෙක තුනකින් ගොඩක් දේවල් කතා කරනවා වගේ. මේක මාර ලස්සන වැඩක්.


ඔබ මෙතෙක් දායක වුණු නිර්මාණවලින් මතකයේ රැ¾දුණු නිර්මාණ කිහිපයක් කියනවා නම්?


බොහීමියානුවා, සහෝදරයා, පීතෘ, මෙට්‍රො හීන, වැකේෂන්, චණ්ඩි කුමාරිහාමි සහ සත්‍යා කියන නිර්මාණවලට මම දායකත්වය සපයා තිබෙනවා.


ඔබේ රංගන දිවියට සහාය ලබා දෙන පිරිස මතක් කරනවා නම්?


මගේ පවුලේ කට්ටිය මට විශාල සහායක් ලබා දෙනවා. මගේ අයියා මට රඟපාන්න විශාල සහායක් ලබා දෙනවා. විශේෂයෙන්ම මගේ ආදරණීය බිරිය සිහිපත් කරන්න ඕන. ඩග්ලස් සිරිවර්ධන මහතාවත් මේ මොහොතේ සිහිපත් කරන්න ඕන. මගේ මිත්‍රයන්ව සිහිපත් කරන්න ඕන. නාමල් ජයසිංහ අයියවත් මේ මොහොතේ සිහිපත් කරන්න ඕන. මම තුල්හිරිය ධර්මසිරි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කරනවා. මට එම පාසලේ විදුහල්පතිවරයා වන අජිත් ගම්මනවිතාන මහතා ගෙනුත්  මේ දේවල් කරගන්න විසල් සහායක් ලැබෙනවා.



ඉදිරි වැඩ කටයුතු පිළිබඳව කතා කරමු?


සංඛ විජේසිංහ අධ්‍යක්ෂණය කළ බැමිණිතියාසාය ටෙලි නාට්‍ය විකාශය වීමට නියමිතයි. ඒ වගේම තව නිර්මාණ කිහිපයකටත් මම රංගනයෙන් දායක වුණා. ඒවත් ඉක්මනින් ප්‍රේක්ෂකයාට දැක ගන්න ලැබේවි.


ගිහාන් සචින්ත



Previous Post Next Post