මට ගැළපෙන කෙනා ඉදිරියේදී හමුවේවි- ශනුද්‍රි ප්‍රියසාද්





කලා පරපුරකින් පැවත එන පවුලක බාලම දියණිය ඇයයි හා හා පුරා කියා තම පියාගේ චිත්‍රපටයකට ඇ ප්‍රථමයෙන්ම කියා රංගනයෙන් දායක වූවාය. ඒ කුඩා දියණියකගේම චරිතයකටයි. එලෙසින් රංගනයට අත්පොත් තැබු ඇය අද වනවිට නව යොවුන් වියද පසුකරමින් මෙරට රංගන කලා ලොව ජනප්‍රියතම රංගන ශිල්පිනියක් බවට අද වනවිටත් පත්වී හමාරය. ඒ තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් රගපෑම තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය නොඅඩුව දිනා ගැනීමට තරම් හැමවිටම සමත්වීමෙනි. මේ දිනවල හිරු ටී.වි. (හිරු රූපවාහිනී සේවයෙන් ) ඔස්සේ සතියේ දින පහේම රාත්‍රි 8.00ට විකාශය වන දිවිතුරා ටෙලිනාට්‍යයේ සමාධිගෙ හා අගස්තිගේ එකම දුව ‘ඊෂා’ලෙස රංගනයට එක්වීමෙනි. එමෙන්ම හිරු නාළිකාවෙන්ම පසුගිය දා හිරු නාලිකාවෙන් විකාශනය වුණු හිරු සුපර් ඩාන්සර් (Hiru Super Dancer) ) වැඩසටහනේ රියැලිටි නර්තන තරගාවලියේ නිවේදිකාවක් ලෙසින්ද ඇ අපේ ආලින්දය සරසන්නීය. ජනප්‍රියතම යොවුන් රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් සමඟින් කළ කතා බහකි මේ.


 


ඉතින් ශනුද්‍රි කොහොමද ජීවිතේ.


හොඳයි මගේ වැඩ කටයුතු ටිකත් කරගෙන හොදින් ඉන්නවා.


 


දැන් රංගනයට ඇවිත් කොච්චර කල් වෙනවද?


මගේ වයස අවුරුදු තුනහමාරෙදි (3 1/2)ඉදලා තමයි මං රඟපාන්න ගන්නේ.


එතකොට දැන් හිතා ගන්නකො අයියා කොච්චර කල් වෙනවද කියලා. හැබැයි මේ කාලය අතර තුර මම සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් සමත් වෙලා විශ්වවිද්‍යාලයට පවා තේරුණාට පස්සේ ඒ අධ්‍යාපන වැඩ කටයුතු කරගෙන යන අතර තුර කාල වලදීත් මට කලා වැඩවලින් විටින් විට ඈත් වෙලා ඉන්න සිදුවුණා.


ඔබේ ගමනේ ආරම්භය සිදුවුණේ පියාගේ (ජනප්‍රිය සිනමාවේදී දිනේෂ් ප්‍රියසාද් මහතා) චිත්‍රපටයක රඟපෑමෙන් නේද? මේ වන විට චිත්‍රපට කීයක විතර රඟපාලා තියෙනවද?


මගේ පියාගේ චිත්‍රපටයක රගපෑමෙන් ආරම්භ වුණු ඒ ගමනේ වැඩි හරියක්ම පියාගේ චිත්‍රපටවලට තමා රඟපෑවේ වෙනත් අයගේ චිත්‍රපට වලත් ලැබුණු ආරාධනාවලට අනුව රඟපාන්න තියෙනවා මට එහෙම හරියටම සංඛ්‍යාත්මකව කියන්න අමරුයි.


ටෙලි නාට්‍ය කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවද? මම මෙහෙම ඇහැව්වොත් ශනුද්‍රි වඩා කැමති පුංචි තිරයටද රීදි තිරයටද?


ඒකනම් ටිකක් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් අයියේ. මම පුංචි තිරය රිදී තිරය යන දෙකටම ගොඩාක් කැමතියි.


මේ දවස්වල අපිට ඔයාව ආයෙමත් පුංචි තිරයෙන් දකින්න ලැබෙනවා නේද?.


ඔව් අයියා හිරු නාළිකාවෙන් සතියේ දින පහේම (5)රාත්‍රි 8.00ට යන දිවිතුරා ටෙලි නාටයෙන්.


දිවිතුරා ටෙලි නාට්‍යයේ රඟපාන්න ඔයාට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?


දිවිතුරා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ චාමර ජයවීර මහතා තමයි මට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නේ මට ඒ සඳහා කතා කරලා අවස්ථාවක් ලබා දුන්නා.


එහි ඊෂා කියන චරිතය ගැන කිව්වොත්?


ලයිෆ් ටීවී ආයතනය මඟින් දියත් කරන ලයිසින් ස්ටාර් ගායනවේදී වැඩසටහනින් බිහි වූ තරුවක් තමයි ඊෂා කියලා කියන්නේ ඒ වගේම ඇය අගති කියන ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පියා හා සමාධිගේ එකම දුව.


මෙහි රූගත කිරීම්වලදී අමතක නොවන දේවල් එහෙමත් සිදු වෙලා ඇතිනේද?


එහෙම විශේෂ දෙයක් කියලා නෑ අයියා රූගත කිරීම්වලදී සිදුවුණු හැම දෙයක්ම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.


ශනුද්‍රි රඟපෑ ළඟදී විකාශය වීමට නියමිත නිර්මාණ එහෙමත් තියෙනවද?


නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙනවා ඒවා මෑතකදී විකාශය වෙයිද කියලා මට හරියටම කියන්න අමරුයි.


ශනුද්‍රිගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන වැඩ කටයුතු දැන් කොහොමද ?


උපාධියේ වැඩ අවසන් මම දැන් විශ්ව විද්‍යායෙන් ඉවත් වෙලා ඉන්නේ.


අවසන් වුණේ කොයි කාලෙද?


දෙදහස් දහනවය(2019)වසරෙදි තමා මං උපාධිය ලබාගන්නේ මාර්කටින් අංශයෙන්.


ශනුද්‍රිගේ වෘත්තිය රංගනමයද.නැතිනම් උපාධියට අනුව රැකියාවක් කරනවද?


ඒ දෙකම සම සමව සමබරව කරගෙන යනවා.


දැන් අක්කලා දෙන්නත් බැන්දනේ ඉතින් ශනුද්‍රිගේ විවාහය සිදු වෙන්නේ කවදාද?


ඒකට නම් තව කල් තියෙනවා අයියේ.


දැන් ඒ සදහා කෙනෙක් හොයාගෙනද ඉන්නේ?


තවම නෑ.


යෝජනාවක් මඟින් ද ගෙදරින් හොයා දෙන අයෙක්ටද එහෙමත් නැතිනම් ඔයාම හොයා ගන්න මේ ක්ෂේත්‍රයේ අයෙක්ටද ශනුද්‍රිගේ වැඩි කැමැත්ත?


එහෙමම කියලත් නෑ අයියා. කොහොම හරි මට ගැළපෙන කෙනෙක් ඉදිරියේදී හමු වේවි.එතකොට මගේ විවාහයත් සිදු වේවි.


ඔබේ පියා මේ රටේ නම ගිය අයෙක් (ප්‍රවීණ සිනමාවේදී දිනේෂ් ප්‍රියසාද් මහතා) රංගන ශිල්පිනියන් වන අක්කලා දිනක්ෂි, ශේෂාදි, ෂනුද්‍රි ඔබද ඇතුළුව මේ මුළු ප්‍රියසාද් පවුලේ සියලු දෙනාම කලා පවුලක්නේ. ඔබ සියලු දෙනාගේම එකතුවෙන් යුගයේ අවශ්‍ය තාවයට ගැළපෙන පරිදි අලුත් ම ආකාරයෙන් නිර්මාණයක් ප්‍රේක්ෂකයින් හමුවට ගෙන එන්න අදහසක් නැද්ද?


ඒ වගේ අලුත් දෙයක් කරන එක ගැනත් අපි පවුලේ අය එකතුවෙලා යම් යම් අවස්ථාවල කතා බහ කරලත් තියෙනවා.ඉස්සරහට ඒ වගේ දේකුත් සිද්ධ වේවී.අපි බලමු දැන්ම ඒ ගැන මට හරියටම මොකුත් කියන්න බැහැ.


ඉදිරියට ශනුද්‍රිව දකින්න ලැබෙන නිර්මාණ මොනවහරි තියෙනවද?


නිර්මාණ රැසකටම ආරාධනා ලැබිලා තියෙනවා අයියේ ඒවායිනුත් ඉස්සරහට මාව දැක ගන්න ලැබේවි.


අවසාන වශයෙන් ශනුද්‍රිට කියන්න දෙයක් තියෙනවද?


මගේ සෑම කලා කටයුත්තකදීම මට උපදෙස් ලබා දෙමින් නිරන්තරයෙන් ම මග පෙන්වන මගේ තාත්තා (දිනේෂ් ප්‍රියසාද් මහතා) අම්මා, අක්කලා දෙන්නා (ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන දිනක්ෂි ප්‍රියසාද්, ශේෂාදි ප්‍රියසාද් යන අය) සාරංග අයියා ඇතුළු පවුලෙ අයටත් ඒ වගේම මගේ ප්‍රේක්ෂක ජනතාවත් මේ වෙලාවේ මතක් කරනවා මොකද ඒ අයගෙන් ලැබෙන ප්‍රතිචාර මට ඉතාම වටිනව. තව මං මගේ ඊළඟ උසස් උපාධියට අදාළ වැඩ කටයුතු මේ වන විට කරගෙන යනවා. ඒකත් කරගෙන යන ගමන් ඉදිරියේදී නිර්මාණ රැසකින්ම මං ප්‍රේක්ෂකයන් ව හමු වේවි. අධ්‍යාපන හා කලා වැඩ කටයුතු සමබරව පනහට පනහ ලෙස ඉදිරියටත් කරගෙන යන්න බලපොරොත්තු වෙනවා.




 

Previous Post Next Post