ජීවිතේ අමාරු කාල පසුකරන් හිනා වෙන්න හේතු වුණ ආදරණීය දියණියට නිල්මිණිගෙන් සටහනක්




සමහර බැඳීම් සංසාරය පුරාම අපේ ළඟ ඉන්නේ පෙර පිනකට..ඒ වගේම ඒ දේවල් අපට ආශිර්වාදයක්.. නිල්මිණීටත් මේ දේවල් මෙහෙම වෙද්දී එහෙම්මම හිතෙනවා ඇති නේද..? ඇය ගොඩක් වාසනාවන්ත මවක් ස්වේතා වගේ දුවෙක් ලබන්න.. දැන් ඇය සුරූපී යෞවනියක් නේ.. ඉතින් අම්මාගේ ජීවිතේ එක කොටසක් වෙච්ච ස්වේතා දැන් අම්මාව සතුටු කරන්න අමුතු අමුතු ක්‍රම හොයාගෙන..


ජීවිතේ ගෙවාගෙන යනකොට මොන බාධක කම්කටොළු ආවත්, නිල්මිණි තෙන්නකෝන් කියන මේ රංගන ශිල්පිනියට නම් ඒවා දරාගෙන හිනාවෙලා සතුටෙන් ඉන්න හේතුවක් වෙන්න ඇත්තේ ඇගේ මේ ආදරණීය දුව තමයි..මෙන්න බකන්නකෝ දැන් දැන් ස්වේතා අම්මාව සතුටු කරන්න කරන කියන දේවල්.. මේ ඒ ගැන නිල්මිණි තැබූ සටහනක්..


"මගේ චූටි මැණික, මගේ දුව පොඩි කාලේ ඉඳලා එයාගේ උපන්දිනයට දුවට මං කරපු surprise දැන් මට කරනවා. උදේ පාන්දරම මේ වගේ සුන්දර දෙයක් දකින්න ලබන්න ලැබීම මගේ වාසනාවක් මගේ පණ මේ බැඳීම සදාකල් බැඳීමක් මේ සතුට අම්මා කෙනෙකුට දෙනවට ගොඩක් පින්.. ආදරෙයි"




Previous Post Next Post