සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ අපේ ගායන ලෝකය තුළ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ ගායිකාවක්.ඇය ගැන නොදන්න කෙනෙක් නෑ ඒ වගේම ඇගේ ගීත අහපු නැති කෙනෙක් නැති තරම්.එනිසාම සමිතාගේ යන මේ ගායිකා වටා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා.ඒ වගේම තමයි ඇය විවාහ වුණේ සංගීත ක්ෂේත්‍රයේ තවත් අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් වන අතුල අදිකාරි සමඟ.හැබැයි ඒ විවාහ ජීවිතය නම් ඒ තරම් කාලයක් තිබ්බෙ නැහැ.එනිසා එය විවාහ ජීවිතයෙන් වෙන් වෙන සමිතා අවුරුදු කීපයක් ගියාට පස්සේ නැවත වතාවක් ලාබාල තරුණයෙක්.නමුත් ආදරයට ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා හිතපු සමිතා තීරණය කරනවා චිරන්ත කියන මේ තරුණයා එක්ක ජීවිතය ඉදිරි ජීවිතයේ ඉදිරි කාලය ගත කරන්න.
ඉතින් දැන් සමිතාගේ සහ අතුලගේ දුව කාවින්ද්‍යා අධිකාරි විවාහ වෙලා කියලා ඔබ දන්නවනේ.මේ කියන්න යන්නෙ ප්‍රේමණීය රාත්‍රියක් ගැන කතාවක්.කොච්චර ආදරේ තිබුනත් නොගැලපීම් මත වෙන් වෙන්න වුනත්, ඒ බැදීම්වල සොදුරු මතක එක්ක ආදරෙන් එකට එක්වෙලා මේ වගේ සොදුරු අත්දැකීමක් තමන්ට ආදරය කරන අය වෙනුවෙන් ලබා දෙන්න හැම කෙනෙක්ට බැහැ.කැපකිරීම් ගොඩක් මැඳින් එයාලා එකතුවෙලා හැමෝටම කියලා දුන්නේ අන්න ඒ පාඩම.කොහොම වුණත් “Athula/Samitha Love in concert with Kavindya Adikari” පසුගිය දවසක අති සාර්ථකව නිමාවට පත් වුණා.
මෙන්න ඒ ලස්සන දවසේ මතකයට එකතු වුණ ඔබ වෙනුවෙන් කවී එක්කරලා තිබුණ ආදරණීය සටහන.“මේ සටහන තබන්න ටික දවසක් ගත වුනේ ඔයාලා ගෙ ආදරයෙන් මාව පුදුමයට පත් වූ නිසාවෙනි..ඔයාලා හැමදාම ඒ දුන්න ආදරය මාව දවසින් දවස ශක්තිමත් කරා වගේම මාව ජීවත් කෙරෙව්වා… ඒ ආදරය මට මහමෙරක් තරම් වටිනවා…
“Athula/Samitha Love in concert with Kavindya Adikari”, කියන්නේ මගේ ජීවිතේ ලොකු හීනයක්… ඉතින් ඒ හීනෙට පණ දුන්නේ “Zee Events”, ඔයාලා ට ගොඩක් පිං මෙහෙම වැඩක් හිතුවටත් වඩා ලස්සනට කලාට. ඒ ආදරය සහ ගෞරවය ඔයාලාට මුලින්ම මම පුද කල යුතුම යි…මගේ ජීවිතේ කිහිප සැරයක් ම නෙලුම් පොකුණේ දී විවිධ වැඩසටහන් වලට සහභාගී වෙලා තියෙනවා… හැබැයි එදා තරම් ප්‍රේක්ෂකයින් පිරිසක් දැක්ක පලවෙනි වතාව මෙයයි.අපි වෙනුවෙන් ඔයාලා ගෙ වටිනා මුදල්/කාලය වෙන් කරගෙන අපි ව බලන්න ඇවිත් ඒ දුන්න සහයෝගයට ගොඩක් පිං, ගොඩක් ආදරෙයි…
ජීවිතේ විවිධ හැල හැප්පීම් වලට මුහුණ දුන්නත්, එදා මට දැනුනේ මම ලෝකෙම ජය ගත්තා වගේ හැඟීමක්…ඉවසීම්, කඳුලු, වැටීම්, රිදීම්… මේ හැමදේම මැද්දේ මහා ලොකු ආඩම්බරකමක් එදා මට තදින්ම දැනුනා…ගොඩක් අය කියලා තිබුනා මගේ ඉවසීම මහ මෙරක් කියලා… හැබැයි, ඒ මහ මෙරක් වගේ ඉවසීම මම ඉගෙන ගත්තේ මගෙ අම්මගෙන් සහ තාත්තාගෙන් කියලා දැනගෙන නෙමේ එහෙම කියලා තිබුනේ… අද වෙනකම් ම , කොච්චර ප්‍රශ්න ආවත් මට ඇහෙන්න එයාලා බැනගෙන වත්, එකට එක කියාගෙන වත් නෑ… මම හිතනවා මගෙ ජීවිතේ ලොකුම ගෞරවය එයාලා ට තියෙන්නෙ ඒ හේතුව නිසා කියලා…
හරිම කෙටියෙන් ලියන්න ඕනේ කියලා හිතුවාට හිතට එන දේවල් ගොඩයි…එදා ශේස්ත්‍රයේ ඉන්න මහ පුරුක වැනි බොහෝ දෙනෙක් සහභාගී වෙලා හිටියා දැක්කා… ලොකු බයකින්, චකිතයකින් ගීත ගායනා කලේ… හැබැයි අපි හිනා වෙන ගානට ඔවුන් හිනා වුනා… අපි අඬන වාරයක් ගානේ ඔවුන් ද අපිත් එක්කම ඇඬුව එක ත් මට විශේෂයි… ඒ හැම මොහොතෙම මම මගෙන් ප්‍රශ්න කලා “එයාලා අපිට කොච්චර ආදරේ ඇති ද”?, කියලා….
අපිට නොයෙක් අයුරින් උදව් කරපු අය හිටියා… එයාලා හැමෝටම අපි වෙනුවෙන් මහන්සි උනාට ගොඩක් පිං අවසානෙට ත් කොහොමහරි ඇවිත් “හඳපානක් සේ ඇවිදින්” සිංඳුව කියද්දි මට දැනුන හැඟීම විස්තර කරන්න බැරි තරම්… අම්ම යි, තාත්ත යි පුදුම සංවේදී හිත් ඇති මිනිස්සු දෙන්නෙක් උනාට තාත් හරිම දක්ශයි ඒවා හංගාගෙන ඉන්න… හැබැයි, අම්ම ට ඒවා හංගන්න තේරෙන්නේ නෑ, එයා හරියට චූටි ළමයෙක් වගේ… ඉතින්, මට පුලුවන් විදිහට අම්ම ට උදව් කරන්න තමයි මම stage එකේ එයා ලඟ හිටියේ…
කොහොමහරි, සිංඳුවේ අන්තිම කොටස ඉවර කරන්න වුනේ මට… කොහෙන් ආපු ශක්තියක් ද කියන්න දන්නේ නෑ… ඒත් කොහොමහරි ඒක මම කරා… ඉවර වෙනවත් එක්කම ඇවිත් හිටපු ඔයාලා හැමෝවම මම දැක්ක ගමන් මට ඇඬුනා… ඒ සතුටු කඳුලු… ඔයාලා ගෙ ආදරේ ට හිතට ආව අහිංසක කඳුලු යි/සතුට යි ඒ හැම කඳුලක් ගානේම තිබුනේ…
කොළඹින් පිට අයත් ඇවිත් හිටියා කියලා ප්‍රසංගයට පස්සේ දැන ගත්තේ ඔයාලා මට කතා කරන්න ආව වෙලේ…අව්ව/වැස්ස නොබලා ඔයාලා ඇවිත් දුන්න සහයෝගය මහ මෙරක් සේ අගය කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා… අවසාන වශයෙන්…මගේ පවුලේ මල්ලි, චීනෝ සහ මගේ මහත්තයා දනිදු ට ගොඩක් පිං අපිට මේක සර්ථකව කරගන්න උදව කරා ට… එහෙනම් අපි ආයෙත් දවසක මේ වගේ ලස්සන ප්‍රසංගයක් එක්ක ඔයාලාව මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා…එතකං සතුටින්, නීරෝගී ව ඉන්න ලැබේවා…