හැමෝටම කියන්න ඕනි අපි මෙතනට ආවේ තරඟාවලියේ හොඳින් දස්කම් පෙන්නන්න - දසුන් ශානක



ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට තව ඇත්තේ ඉතාමත් සීමිත පැය කිහිපයක් පමණයි.ඉතින් ඒ උණුසුමේම ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් 10ම නායකයින් අද අහමදාබාද් හී නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනයට පැමිණියා.මොකද හෙට නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ තමයි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ආරම්භය අතිශය උත්සවාකාරයෙන් පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ.ලෝක කුසලාන තරඟාවලිය දින 45ක කාලයක් ක්‍රීඩාංගන 10ක තරඟ 48ක් පැවැත් වීමට නියමිතයි.

අද පැවැත්වෙන සමාරම්භක උළෙලෙන් අනතුරුව ප්‍රථම තරඟය ආරම්භ වෙන්නේ එංගලන්තය සහ නවසීලන්තය අතරයි.ඒ 2019 ලෝක කුසලාන අවසන් තරඟය සිහිපත් කරමින්.මේ අතරම ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භයට පැය ගනනක් තිබියදී කණ්ඩායම් නායකයින් අදහස් පල කර තිබුනා.එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ද කණ්ඩායම සම්බන්ධව අදහස් පල කර තිබුනා.


ශ්‍රී ලංකා සංචිතයේ දසුන් ශානක පැවසුවේ, “බලන්න, අපට උද්යෝගිමත් කාලයක්. අපි පසුගිය කාලයේ ආබාධවලට ලක්වුණා.අපි ලෝක කුසලානය වෙනුවෙන් වෙහෙසුනා, ඒත් එක්කම අපි ළඟ හොඳ වාර්තා කිහිපයක් තියෙනවා. ඔබ දන්නවා කණ්ඩායමක් ලෙස අපි ලෝක කුසලානය බලාපොරොත්තුවෙන් සිටිනවා. හැමෝටම ප්‍රකාශයක් කරන්න අවශ්‍යයි, අපි මෙතන ඉන්නේ මේ තරගාවලියේ හොඳින් දස්කම් දක්වන්න කියලා.”





Previous Post Next Post