තාත්තා කෙනෙක්ගේ වගකීමේ බර දැනටමත් දැනෙනවා - පුබුදු චතුරංග



 නිර්මාණකරුවා මා එක්ක කරන සංවාදයේදී ඔහුගේ බලාපොරොත්තුව, අරමුණ මට පැහැදිලි වෙනවා. ඒක කුමන ආකාරයේ නිර්මාණයක් වුණත් ඒ නිර්මාණය හරහා ප්‍රේක්ෂකයාට මොන වගේ බලපෑමක්ද කළ හැක්කේ කියන දේ පිළිබඳව මම සැලිකිලිමත් වෙනවා. ඊට අමතරව තිර පිටපත හා වැඩ කරන කණ්ඩායම පිළිබඳවත් මම සැලකිලිමත් වෙනවා. ඒ වගේම කාලය කළමනාකරණය කර ගන්න පුළුවන්ද කියන දේ ගැනත් මම හිතනවා.


පුබුදු චතුරංග කියන අධ්‍යක්ෂවරයා අපිට ඉක්මනින්ම හමුවෙයිද?


ඒකට පළමු පියවර මේ වන විටත් තබලා තිබෙන්නේ මගේ ‘තැල්ම’ කියන කෙටි චිත්‍රපටය හරහා. මේ දිනවල එහි පසු නිෂ්පාදන කටයුතු සිදු වෙනවා. ඩොක්ටර් අසේල විජේසුන්දර කියන කලාවට බොහොම ළැදි නිෂ්පාදකවරයා තමයි එහි නිෂ්පාදනය සිදු කළේ. ඒකට අමතරව මායා, ප්‍රවේගය වැනි මම තිර පිටපත් ලියපු චිත්‍රපටවලට අමතරව, ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් ලියපු තව පිටපත් කිහිපයක්ම මම ගාව මේ වෙද්දි තිබෙනවා.


අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන් එක්ක බෙදා ගත්ත සුබ ආරංචිය ගැනත් කතා කරමු?


අපි සැලසුම් කරලා තිබුණේ විවාහයෙන් පසුව අවුරුදු හතරක් පමණ ඉඳලා දරුවෙක්ගේ සිහිනයට යමු කියලා. නමුත් රටේ තත්ත්වයත් එක්කම අවුරුදු හතර අවසානයේ අවුරුදු පහක් වුණා. අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් කියන බර දැනටමත් අපිට දැනිලා තිබෙන්නේ. අනාගත පරපුරක් නිර්මාණය කරන එක ලොකු අභියෝගයක් කියන එක අපි වටාහගෙන ඉන්නේ. ඒ ලොකු වගකීම අපි දෙන්නට දැන් දැනිලා තිබෙන්නේ. ඒ වගකීම සමඟම යහපත් දරුවෙක් මේ සමාජයට දායාද කරන්න තමයි අපි උත්සාහ ගන්නේ.


අක්ෂි මාපා වීරසිංහ






Previous Post Next Post