මගේ ෆැෂන් සෙන්ස් එක නිසා මට ඉන්දියානු වැඩ ගොඩක් ලැබෙනවා-හෙශාන් මනුල




 ඉන්දීය හැඩහුරුවක් ඇති මෙම තරුණයා මෙරට කලාවට දායාද වන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහායි. වෙළෙඳ දැන්වීම් තුළින් මෙරට පමණක් නොව ඉන්දීය ප්‍රේක්ෂකයන් අතර පවා ජයප්‍රියත්වයට පත්ව සිටින ඔහු මේ දිනවල ශ්‍රී ලාංකික තරුණියන්ගේ සිහින ලොවට පෑයූ නවතම තරුවයි. හිත ළඟ හිනැහුණා සමඟින් ටෙලි නාට්‍ය ලෝකය තුළ ජනප්‍රියත්වයේ හිණිපෙත්ත කරා පියනඟින ඔහු නමින් හෙශාන් මනුල වේ. 


මේ දවස්වල තොරතුරු ටිකක් කියලම ඉමු?


මේ දවස්වල බොහොම සතුටින් ඉන්නවා. ඒකට හේතුව තමයි මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගේ වැඩිම ප්‍රතිචාරය හිමිවෙන්නේ ප්‍රදීප් රසාංග පෙරේරා අධ්‍යක්ෂණය කරන හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයට. මම ඒකට සම්බන්ධ වෙලා මේ වෙද්දි අවුරුද්දක් වෙනවා. දැන් ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍ය පහ ඇතුළේ ඒක තිබෙනවා. ඒ වගේම හතයි තිහ ටයිම් බෙල්ට් එකේ අංක එක ඒ නාට්‍යය. ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක බොහොම සතුටින් ඉන්නවා.


සිහිනට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොන වගේද?


පිට පළාත්වල පවා, කොළඹ පවා ප්‍රේක්ෂකයෝ ඒ චරිතයට පුදුම විධියට ආදරය කරනවා. ඒ වගේ ආදරයක් මගේ ජීවිතේ ප්‍රථම වතාවට මට  ලැබෙන්නේ. මම මීට කලින් සම්බන්ධවුණු නිර්මාණ ජනප්‍රිය වුණත් මේ වගේ ප්‍රතිචාරයක් හිමිවුණේ නැහැ. මේක මට අලුත් අත්දැකීමක්. ඒ අත්දැකීම ගොඩක් ආසාවෙන් විඳිනවා මේ දවස්වල.


හෙශාන් කියන නිරූපණ ශිල්පියාගේ ආරම්භය සිදු වුණේ කොහොමද?


දමිත් කියන මගේ මිත්‍රයෙක් හරහා තමයි මට ඉරෝෂ් බාලසූරිය කියන කෝර්ඩිනේටර්ව හමුවෙන්නේ. ඒ හරහා මම පොඩ්ඩ පොඩ්ඩ ඇවිත් රොසෑන් ඩයස් යටතේ නිරූපණය හැදෑරුවා. එතැනින් මාව බ්‍රයන් කෙර්කොවන් හ¾දුන්වා දුන්නා එදා ඉඳන් මේ වනතුරු මම මොඩ්ලින්වලට සම්බන්ධ වෙන්නේ ඔහු යටතේ. ඔහුට ඉන්න සීනියර්ම මොඩ්ලර් තමයි මම.


කඩවසම් නිරූපණ ශිල්පියා රංගනයට සම්බන්ධ වුණු ආකාරය ගැනත් කියමු?


මොඩ්ලිංන් කරමින් සිටියදී මට අවස්ථාවක් ලැබෙනවා නාලන් මෙන්ඩිස් මහත්මයාගේ වාසනා වේවා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න. ඒක තමයි මගේ පළමුවැනි ටෙලි නාට්‍යය. ඒත් එක්කම වගේ මට ලැබෙනවා සිරි දළදාගමනය චිත්‍රපටයේ දන්ත කුමාරයාගේ චරිතය කරන්න. 2014 වර්ෂයේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය විධියට ඒකට සම්මානයක් පවා හිමිවෙනවා. ඔය විධියට තමයි මගේ රංගනය ආරම්භ වෙන්නේ.


ඔබට තිබෙන ඉන්දියානු පෙනුම වෘත්තීය ජීවිතය රුකුලක් වුණේ කොහොමද?


ඇත්තටම මගේ පෙනුම නිසා ඉන්දියානු වෙළෙඳ දැන්වීම් රාශියකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඉන්දියානු වෙළෙඳ දැන්වීම්. ඉන්දියානු සමාගම්වල වෙළෙඳ දැන්වීම් වගේම, ඉන්දියාවේ පමණක් විකාශය වන වෙළෙඳ දැන්වීම්වලට පවා මට සම්බන්ධ වෙන්න ලැබුණා. පසුගිය වසරේ පෙප්සි ඇඩ් එකට ඉන්දියාවේ ගියා. ඒ වගේම එයාර්ටෙල් එකේ ශාරුක් ඉන්න ඇඩ් එකේ ලංකාවේ ඇඩ් එකට ඔවුන් තෝර ගත්තේ මාව. ඒ වගේම Mountain Dew ඇඩ් එකක් කළා ඉන්දියාවේ. ඒක ඉන්දියානු ඇඩ් එකක්. හින්දියෙන් පමණක් විකාශය වන. ඔය ආකාරයේ බොහෝ අවස්ථාව හිමිවුණා මගේ පෙනුම නිසා. ගොඩක් කට්ටිය කියනවා ඉන්දියන් ලුක් එකක් තිබෙනවා කියලා. නමුත් ඒක වාසියක් වගේම අවාසියක් වුණු අවස්ථාත් තිබෙනවා. මේ විධියේ අවස්ථා ලැබෙද්දි තමයි මමත් පිළිගත්තේ මට ඉන්දියානු පෙනුමක් තිබෙනවා කියලා.


බොලිවුඩ්වලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබිලා නැද්ද?


කොරෝනාවලට කලින් දීපිකා පදුකෝන් සම්බන්ධ වන චිත්‍රපටයක් ලංකාවේ රූගත කරන්න සියල්ල සූදානම් කරලා තිබ්බේ. මටත් එහි දෙවන පෙළ චරිතයක් හිමි වෙලා තිබුණා. නමුත් කොරෝනා නිසා හැමදේම වෙනස් වුණා. ඇත්තටම ලංකාවේ කලම්බු පැෂන් වීක් කියන ෂෝ එක කරන්නේ ප්‍රසාද් බිඩාපා. ඔහු ඉන්දියාවේ දැවැන්ත චරිතයක්. ඔහු මට කිහිප වතාවක්ම කතා කරලා තිබෙනවා. ඔහු ස්පොන්සර් කරන්නම් ඉන්දියාවේ අපි වැඩ පටන් ගමු කියලා. නමුත් ලංකාවේ දෙයක් ගොඩනඟන්න පෙර ඉන්දියාවට යනවට වඩා මට අවශ්‍ය ලංකාවේ දෙයක් කරන්න. නමුත් ඒක අමාරුයි.


ඔබ රංගනය පිළිබඳව හැදෑරීමක් කරලා තිබෙනවාද?


ඔව්, මම මහේන්ද්‍ර පෙරේරා මහත්මයා යටතේ අවුරුද්දක් පමණ රංගනය පිළිබඳව හැදෑරීමක් කළා.


ඔබේ ව්‍යාපාරය ගැනත් කතා කරමු?


ඇත්තටම මට ගොඩක් ඉන්දියානු වැඩ ලැබෙන්න හේතුව තමයි මගේ පැෂන් සෙන්ස් එක. ඕනෑම පුද්ගලයෙක්ට උපතින්ම ලැබෙන දක්ෂතා තිබෙනවා. මම හිතනවා මට එහෙම ලැබුණු දක්ෂතාවය තමයි ඇ¾දුම් නිර්මාණය කරන්න ලැබුණු හැකියාව. මම ඒක කොහෙන්වත් ඉගෙනගෙන නැහැ. මම ඇ¾දුම් ඇඳලා දාන ෆොටෝස්වලදි ගොඩක් අය මගෙන් ඇ¾දුම ගැන විස්තර අහනවා. එතැනදි තමයි මට හිතෙන්නේ වෙන බ්‍රෑන්ඩ් ප්‍රමෝට් කරනවා වගේම මගේම දෙයක් ආරම්භ කළොත් හොඳයි කියලා. ඒ හරහා තමයි මගේ ව්‍යාපාරය බිහිවෙන්නේ. ඒ හරහා ටී ෂර්ට් වගේම කස්ටමයිස් වෙඩිං සූට්, කැෂුවල් ජැකට් වගේ දේවල් නිර්මාණය කරනවා.


බැච් අලවපු අමුතු ජැකට් එක ගැනත් පොඩ්ඩක් විස්තර කියමුද?


ඇත්තටම මේක අලුත් හෝ අමුතු දෙයක් නෙවෙයි. පිටරටවල ගොඩක් කරන දෙයක්. මම මේ පිළිබඳව හැදෑරුවා. බැච් ජැකට් එක කියන්නේ වහල්ලු, දුප්පත් මිනිස්සු තමන්ගේ ඇ¾දුම්වල ඉරුණු තැන් වහගන්න මොකක් හෝ පැච් එකක්  තියලා මහගත්ත එක හරහා පරිණාමය වූ විලාසිතාවක්. ඒ ඩිසයින් එකෙන් නිරූපණය වෙන්නේ දුප්පත්කම වගේම, දුප්පත් වුණත් ලස්සනට අඳින්න පුළුවන් කියන දේ. මම හිතන්නේ අපි කරන කියන දේවල්වලට වගේම අඳින පලඳින දේවල්වලටත් තේරුමක් තිබිය යුතුයි. මම අඳින පැච් ඩෙනිම් ජැකට් එකේ තේරුම ඒක.


නිරූපණය හා රංගනය ඇක්ටිංග් කියන දෙක අතර තිබෙන සම්බන්ධය මොන වගේද?


මේ ක්ෂේත්‍ර දෙක ගත්තම පැති දෙකක්. කවුරු හෝ කියනවා නම් මේ දෙක එකක් කියලා ඒක කොහෙත්ම හරියන්නේ නැහැ. සමහර පුද්ගලයෝ නළුවෙක් වෙන්න ආසාවට මුලින්ම කරන්නේ මොඩ්ල් කරන එක. ඒක වැරදියි. ඇක්ටින්ග්වලට එන්න ඕනි නම් යන්න ඕනි ඇක්ටින්ග් වර්ක් ෂෝප් එකකට. මොඩ්ල් කරන්න ඕනි නම් ඒ සම්බන්ධව පිළිගත් පාසලකට යන්න ඕනි.


අත්දැකීම් බහුල නිරූපණ ශිල්පියෙක් විධියට නිරූපණ පාසලක් ආරම්භ කරන්න අදහසක් නැද්ද?


මගෙන් ගොඩක් අය අහලා තිබෙනවා ක්ලාස් කරන්නේ නැද්ද කියලා. නමුත් මම කියන්නේ නෑ ඉංග්‍රීසි කතා කරන හැමෝටම ඉංග්‍රීසි උගන්නන්න බෑ වගේම මොඩ්ලින්ග් කරන හැමෝටම මොඩ්ලින්ග් උගන්නන්න බෑ’ අන්න ඒ වගේ දෙයක් තමයි මම ඒ වෙලාවට කියන්නේ.


මේ ජනප්‍රිය කඩවසම් තරුණායාට අයිතිකාරියක් නැති වෙන්න බැහැ?


මීට අවුරුදු පහකට කලින් නම් පෙම්වතියක් හිටියා. නමුත් ඊට පස්සේ මට අවශ්‍ය වුණා මගේ වෘත්තියට වැඩි අවධානයක් දෙන්න. මම තේරුම්ගත්ත දෙයක් තමයි ආදරය කරන කෙනාට පූර්ණ අවධානය දෙන්න බැරි නම් ආදරය නොකර ඉන්න එක හොඳයි කියන දේ. ඉතින් මේ දවස්වල සින්ගල්. නමුත් විවාහ නොවී ඉන්නේ නැහැ. මගේ වෘත්තිය තේරුම් ගත්ත කෙනෙක් ලැබුණම අනිවාර්යයෙන්ම විවාහ වෙනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post