ජැක්සන්ගේ මැෂින් එක ගලවන කතාව ඇත්තක්?



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා.ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර මේවනවිට දින 500ක් ද ඉක්මවා ගොස් තිබෙනවා.


ඒ අනුව ඔහු තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ රඳවා ගනිමින් ප්‍රතිකාර ලබා දෙන්නේද? නැතහොත් ඔහුගේ නිවසට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දිමට අවශ්‍ය නිර්දේශ ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් පසුගිය දින කීපයේ දැඩි කතා බහක්ද ඇති වුණා.මේ සම්බන්ධයෙන් චෝදනා බොහෝමයක් එල්ලවන තැන ජැක්සන්ගේ පවුලේ පිරිස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුනේ එය වෛද්‍යවරුන් ගත යුතු තීන්දුවක්-තීරණයක් මිසක තමන් වෙතට අදාළ කාරණාවක් නොවන බවයි.සිය සොයුරා වෙනුවෙන් සංවේදී වන සුදත් ඇන්තනී සඳහන් කරන්නේ තවමත් ජැක්සන් ගැන බලාපොරොත්තූ තබා ගත හැකි බවයි.


"අයියම මට කියලා තියෙනවා, එයාගේ මතක ශක්තිය ගැන, එයාට තියෙන හැකියාවන් ගැන. අයියා මෙහේ ආවේ (මේ ලෝකෙට ආවේ) මොකක් හරි මිෂන් එකකට. අයියගේ ඒ මිෂන් එක තාම ඉවර නෑ…."




Previous Post Next Post