ශලනිගේ විවාහය දා අනුරාධායි ශලනියි සංවේදී වුණ හේතුව



ශලනි-නිහතගෙයි විවාහය ගැන හැමෝම දන්නවනේ.මේ විවාහයේදී අනුරාධා එදිරිසිංහ ශලනි වෙනුවෙන් ලියපු ගීතයක් ශලනිට තිලිණ කලා.මේ ගීතය අනුරාධා විසින් ලියන්න හේතුව තමයි ශලනිගෙයි එයාගෙයි තියෙන සහෝදර බැඳීම.

දෙන්නට දෙන්නගේ තියෙන ආදරේ නිසාම ලියැවුන මේ ගීතය විවාහය දවසේ හැමෝම දැක්කා.ඒ වගේම මේ ගීතය බලපු ශලනිත් තාමත් සංවේදි වෙලා.මේ ඒ ගැන අනුරාධා කියපු කතාව.

”සුබ නැකතට කුමරි වඩින දා ඒ සතුටට මා හැඬුවා.... සොයුරියේ මට දුන් ආදරේ මනිනු බෑ මෙතකැයි කියා” ඇත්තටම එහෙම වචන වෙලා තිබුණේ ඇය සමග මට තිබුණු බැඳීම. ඉතින් ඒ උත්සාහය සාර්ථක වුණා.

ඔව්, කරපු ගීතයේ විශේෂත්වය තිබුණේ ගීතය ගායනා කළේ මම. ඇත්තටම අපි දෙන්නම ඒ සින්දුව බලලා විනාඩි 5ක් විතර යනතුරු හොඳටම ඇඩුවා. "

ඔන්න ඔහොමයි එයා එදා වුණ දේ ගැන කියලා තිබුනේ.ඉතින් බලන්නකො ඒ දෙන්නට දෙන්නාගෙ තියෙන ආදරය මොන වගේද කියලා.





Previous Post Next Post