පුංචි තිරයට පෑයූ අලුත්ම මුහුණක් සඳලි වික්‍රමසිංහ. සඳලි අපට මේ දිනවල හමුවෙන්නෙ "කියා දෙන්න ආදරේ තරම්හි නේහා ලෙසින්. නේහා ගැන දැන ගන්න ප්‍රේක්ෂක ඔබ කැමති නිසාම රසදුන මේ සොඳුරු කතාබහ නේහාට ජීවය දෙන සඳලි සමඟ…
මුලින්ම සඳලි ගැන කිවුවොත්?
මගේ ගම පානදුර. පවුලේ ඉන්නේ මමයි අම්මායි තාත්තායි. මම පවුලේ එකම ළමයා. පාසල ගියේ පානදුර ප්‍රයිවට් සෙන් ජෝන්ස් ගර්ල්ස් ස්කූල් එකට.
නිලියක් වෙන්නම ද සිහින දැක්කෙ
ඒක මෙහෙමයි. මම පාසල් අධ්‍යාපනයෙන් පසු පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්තා. ඒ කාලේ මගේ යාළුවො සහ මගේ ගුරුවරු හැමවෙලාවෙම කිවුවෙ ඔයාගෙ උස, කොණ්ඩේ සහ හැකියාවන් එක්ක නිළියක් වුණා නම් හොඳ තැනකට යන්න තිබුණා කියලා. එකම දේ නිතරම මට කියද්දි, මටත් හිතුණා නිළියක් වුණා නම් හොඳයි නේද කියලා.
කියා දෙන්න ආදරේ තරම් හි නේහා වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මට උගන්වපු ටීචර් කෙනෙක් හිටියා පානදුර අගමැති බාලිකාවේ. ඒ ටීචර් තමා මට කිවුවෙ මහේෂ් රත්සර මද්දුමආරච්චි සර්ගේ නාට්‍යයට අලුත් කෙනෙක් හොයනවා කියලා. ඊට පස්සෙ මහේෂ් සර් කතා කරලා මට සිරසේ තියෙන ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කිවුවා. එතැන හිටියේ මංජුල යටවර සර් සහ ධර්ම ශ්‍රී සර්. එයාලා මාව තෝරා ගෙන තිබුණා කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයට.
කොහොමද ඒ අත්දැකීම
ඒ අත්දැකීම හැමෝටම ගන්න බැහැ. ඒ අත්දැකීම ගන්න පුළුවන් කිහිප දෙනෙක්ට පමණයි. මට අවස්ථාව ලැබුණා මේ වෙද්දී ජනප්‍රියම නාට්‍යයක චරිතයක් කරන්න. අදටත් මම හරිම ආසාවෙන් ෂූටින් යන්නෙ. හරිම ලස්සන සුන්දර වෙනස් අත්දැකීමක්. ඒ අත්දැකීමට අදටත් ආසයි.
කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය කොහොමද?
කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ ඩිරෙක්ටර් වසන්ත අමරසිංහ සර් මට ලොකු සහයෝගයක් දෙනවා නේහා චරිතය ගොඩනඟා ගන්න. ඒ වගේම මහේෂ් සර් මට චරිතය ගැන කියා දෙනවා. මගෙන් වෙන අඩුපාඩු නිවැරදි කරලා නේහා චරිතයට සාධාරණයක් කරන්න එතැන ඉන්න හැමෝගෙම උදවු මට ලැබෙනවා. සචින් අයියා එක්ක තමයි මට මුලින්ම රඟපාන්න ලැබුණේ. සචින් අයියාගෙන් මට ලැබෙන්නෙ ලොකු සහයෝගයක්. ඒ නිසා නාට්‍යයේ සියලුම දෙනාටම ස්තුතිවන්ත වෙනවා ඔවුන් මට දක්වන ළෙන්ගතුකමට වගේම මට දක්වන සහායට.
මේ වන විට ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම ෂූටින් යන්නෙ අම්මා එක්ක නිසා අම්මා තමා හැමතිස්සෙම මගේ රංගනය මුලින්ම දකින්නෙ. අම්මා තමා මගේ අඩුපාඩු කියන්නෙ. නෑදෑයන් යාළුවො හැමෝම මට හොඳ ප්‍රතිචාර ලබා දුන්නා. නේහා කියලා මඟ තොටදීත් කතා කරන ප්‍රේක්ෂකයන් මුණගැහුනම හිතට දැනෙන සතුට කියන්න බැරි තරම්.
රංගනය වෘත්තිය බවට පත් කර ගන්න ද කැමති?
දැනට නම් මගේ අධ්‍යාපන කටයුතු එක්ක රංගනය සමබරව කරගෙන යනවා.
ඔබ උසස් අධ්‍යාපනය හදාරන්නෙ මොන විෂයන්වලින්ද?
පෞද්ගලික විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව සහ උපදේශනය ( psychology & counseling) පිළිබඳ ඩිප්ලෝමාව හදාරනවා.
ක්ෂේත්රයේ ඉන්න කොට කටකතා ගොසිප් හැදෙන්න පුළුවන්, ඒ ගැන මොකද හිතන්නෙ?
සාමාන්‍යයෙන් ජනප්‍රිය වෙද්දී ගොසිප් හැදෙන එක සාමාන්‍ය දෙයක් නිසා ලොකුවට ඒ දේවල් හිතට ගන්නෙ නැහැ. මම දන්නවනේ ඇත්ත. ඒ නිසා මම සතුටින් ඉන්නවා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?
දැනට නම් කියා දෙන්න ආදරේ තරම් විතරයි. ඉදිරියට හොඳ ඇරැයුම් ලැබුණොත් භාර ගන්නවා.
අනාගත බලාපොරොත්තු මොනවාද?
එකම බලාපොරොත්තුව අධ්‍යාපන කටයුතු සහ නිර්මාණ කටයුතු කරගෙන මගේ පාඩුවේ ඉන්න එක.