ඩයස් අහලා සුබපැතූ මුල්ම කිහිපදෙනා අතරේ ඇත්ත ඩයස්ගේ නංගිත් හිටියා -සෙනාල්

 


මේ දවස්වල ලංකාවෙ අස්සක් මුල්ලක් නෑරම උන්මාදයක් වෙලා තියෙන වචන දෙකක් තමයි ‘ඩයස්ගෙ නංගි’. එක රැයින් අතිශයින්ම ප්‍රසිද්ධියට පත්වෙච්චි ඩයස්ගෙ නංගිට මේ වෙද්දි සති තුනක කාලයක් තුළ නැරඹුම් වාර මිලියන 5.3 ක් පිරී අවසන්. එක රැයින් ප්‍රසිද්ධියට පත්වුණත් මේ ගීතයේ අයිතිකරුවන් මේ දේ වෙනුවෙන් අවුරුදු හතක් බලන් හිටියලු. ඒ බව අපට කිව්වෙ මේ අපූරු ගීතයේ අයිතිකරුවන් වන ත්‍රුැ‘ැ සංගීත කණ්ඩායමේ නායක සෙනාල් කපුගීකියනගේ. ‘ඩයස්’ මේ දවස් වල හොට්ම හොට් දෙයක් වුණාට ත්‍රුැ‘ැ ලගෙ කතාවනම් හරිම කූල්. මේ ඒ ගැන සෙනාල් කියන කතාව.


කොහොමද ත්‍රුැ‘ැ ආගමනය?


අපි ත්‍රුැ‘ැ පටන්ගත්තෙ 2016 අවුරුද්දෙදි. ඒ කාලෙ අපේ ඔරිජිනල් ලයින්අප් එකේ හිටියා මිහිඳු ආරියරත්න. ඊටපස්සෙ 2016 අග වෙද්දි යොහානි අපි එක්ක සම්බන්ධ වුණා. ඒත් 2017 යොහානි ලංකාවෙන් ගියා. ඒත් එක්කම ෆැලන් ඇන්ඩි්‍රයා ත්‍රුැ‘ැ එක්ක එකතු වුණා. 2020 දි ඇයත් රියැලිටි තරුවක් වෙලා ගියා. ඊටපස්සෙ ඉතුරු වුණ අපි කට්ටිය වෙඩින්, කොන්සර්ට්වල ප්ලේ කරන්න පටන්ගත්තා. ඔහොම තමයි ත්‍රුැ‘ැ බිහිවුණේ.


කණ්ඩායමේ සාමාජිකයො ටික මතක් කළොත්...


ඩබල් කීබෝඩ් ගහන්නෙ දිලුක්. මේන් කීබෝඩිස්ට් චිවන්ත සමරජීව. බේස් ගහන්නෙ දිලීප දේශාන්. ඩ්‍රම්ස් ගහන්නෙ රුක්ෂාන්. ගිටාර් ගහන්නෙ සංඛ ජේ. ඩයස්ගේ චරිතය රඟපෑවෙ ඔහු. මිගී වෝකලිස්ට්. මම සෙනාල් කපුගීකියනගේ. මමත් වෝකලිස්ට් කෙනෙක්.


ත්‍රුැ‘ැ නම හැදුණ හැටි දැනගන්න කැමතියි


අපි මුල් කාලෙ වෙඩින්ස්, පාටීස්වල ප්ලේ කළේ. බෑන්ඩ් එකට නමක් නැතුව දවසක් අපි වෙඩින් එකක ප්ලේ කර කර ඉන්නකොට කෙනෙක් ඇවිත් අපේ බෑන්ඩ් එකේ නම ඇහුවා. එවෙලේ මාව ඇත්තටම ත්‍රුැ‘ැ වුණා. ඊටපස්සෙ අපෙන් නම අහපු කෙනා ඇහුවා ත්‍රුැ‘ැ වුණා නේද?” කියල. ඉතින් අපි ත්‍රුැ‘ැ කියලම බෑන්ඩ් එකට නම දැම්මා.


මුල්ම සින්දුව ‘බොසා’ හිතපු තරම් රසිකයන් අතරට ගියෙ නෑ නේද?


ඔව්. ඒක මෙහෙමයි. ‘බොසා’ සින්දුව දානකොට අපේ යූටියුබ් චැනල් එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා හිටියෙ හාරසිය ගාණයි. ෆැලන් ඇන්ඩි්‍රයා එක්ක සින්දුව කළත් වැඩිය මිනිස්සු අතරට ගියෙ නෑ. මිනිස්සු අපිව නොදන්න නිසා අපි හිතුවා මේ අවුරුද්දෙ ඔරිජිනල්ස් පහක් එළියට දාන එක හොඳයි කියල. ඒ නිසා අපි අප්‍රේල් මාසෙ ‘බොසා’ රිලීස් කළා. නමුත් ඒකට ප්‍රතිචාර ලැබුණෙ නෑ. ඒත් ඒ ගැන අපි ලොකුවට හිතුවෙ නැතිව ජුනි වල ‘ඩයස්’ සින්දුව රිලීස් කළා.


ඒ නිසා හොඳ සූදානමක් එක්කද ‘ඩයස්’ එළියට දැම්මෙ?


නෑ නෑ. අපි පෙබරවාරි 08 වෙනිදා බොසා ෂූට් කරා. පෙබරවාරි 16 ඩයස් ෂූට් කළා. ඊළඟට එන්න තියෙන සින්දුව පෙබරවාරි 23 ෂූට් කළා. එකම මාසෙ අපි සින්දු තුනම කළේ. මොකද අපිට ඕන වුණේ අපිව මිනිස්සුන්ට දැනගන්න මේ අවුරුද්දෙ කොහොමහරි සින්දු පහක් රිලීස් කරන්න විතරයි. ‘ඩයස්’ සින්දුව ගැනත් ‘බොසා’ වගේම වැඩිය හිතුවෙ නෑ.


මේ වෙද්දි දවසින් දවස ලැබෙන ප්‍රතිචාර ඉහළ ඇති


අම්මෝ ඔව්. මුලින් කිව්වා වගේ අපිට ඕන වුණේ අපි ගැන මිනිස්සු දැනගන්න වැඩක් කරන්නනෙ. ඒක ‘ඩයස්’ නිසා හරියටම හරි ගියා. අවුරුදු හතක් තිස්සෙ කරපු වැඩවල ප්‍රතිඵල එළයට එන්නෙ දැන්.


හැමෝම ෆුල් ටයිම් සංගීත කණ්ඩායමේද?


අවුරුද්දකට විතර උඩදි හැමෝම ෆුල් ටයිම් ත්‍රුැ‘ැ එකේ වැඩ කළේ. දැනට දෙන්නෙක් ෆුල් ටයිම් මේකෙ ඉන්නවා. අනිත් අය වෙන වෙන වෘත්තීන්වල නියැළෙනවා. මම ලස්සන ෆ්ලෝරා එකේ සහකාර සාමාන්‍යාධිකාරීවරයෙක් විදිහට වැඩ කරනවා. මිගී ඕඩියෝ ඉංජිනියර් කෙනෙක්. සංක ජේ. ගිටාර් ගුරුවරයෙක්. දිලීප ෆුල් ටයිම් මියුසික් කරන්නෙ. චිවන්ත ෂිපින් ඒජන්සියක ඇසිස්ටන් මැනේජර් කෙනෙක්. දිලුක් පර්ල් බේ එකේ ඕඩියෝ ඉංජිනියර් කෙනෙක්. රුක්ෂාන් ලැප්ටොප් ස්පෙයාස් ඒජන්ට් කෙනෙක්.


‘ඩයස්’ සින්දුව පිටිපස්සෙ ලොකු පිරිසක් ඉන්නවා නේද?


ඔව්. මේකෙ පද රචනය කළේ සංක බී. මියුසික් ණැබ ඛ්චචැබග ප්‍රඩක්ෂන් ලේබල් එක හවුස් ඔෆ් මැක්ස්. සින්දුවේ ප්‍රධාන චරිතය විදිහට ගත්තෙ ශනුද්‍රි.


ඇත්තටම කවුද මේ ඩයස්ගෙ නංගි?


මම ඉගෙනගත්තෙ කොළඹ ඉසිපතන විද්‍යාලයේ. ඒ කාලෙ මගෙ යාළුවෙක් හිටියා තිවංක ඩයස් කියල. එයාට හිටියා ලස්සන පොඩි නංගි කෙනෙක්. මම ඉතින් ඒ කාලෙ තිවංකගෙ නංගිට හරි ආසයි. නමුත් ඒක ආදර සම්බන්ධයක් වුණේ නෑ. එයා දැන් බැඳල සතුටින් ඉන්නවා. ඉතින් මං හිතුවා ඒ කතාව සින්දුවකින් කියන්න. මම සංකට කිව්වා ඒ කතාවත් ටච් කරලා අපිට වෙඩින්වලදි, පාටීස්වලදි වැඩිපුර කියන්න පුළුවන් සින්දුවක් හදල දෙන්න කියල. ඔහු ඒ වැඩේ හොඳට කළා.


සින්දුව දැකල ඇත්තම ඩයස්ගෙ නංගි කතා කළේ එහෙම නැද්ද?


කතා කළා කතා කළා. ඇය හරිම ප්‍රොෆෙෂනල් විදිහට මට කෝල් කරල කිව්වා “සින්දුව නියමයි. අපි ඉස්සරත් ඔයාගේ සින්දු ආසාවෙන් ඇහුවා. තවමත් වොයිස් එකේ වෙනසක් නෑ” කියලා. ‘ඩයස්’ අහලා, දැකලා පළවෙනියටම අපිට සුබපැතූ කිහිපදෙනා අතරේ ඇයත් ඉන්නවා.


ශනුද්‍රිවම රූප රචනාවට ගන්න හේතුවක් තිබුණද?


ශනුද්‍රි, මම, දිනක්ෂි අපි තුන්දෙනා ඍදහ්ක ෂබිඑසඑමඑැ එකේ එකම පන්තියෙ හිටියේ. ශනුද්‍රි ඒ කාලෙත් හරි ලස්සනයි. ‘ඩයස්’ සින්දුව ගැන කතාව පටන්ගනිද්දි අනිවාර්යයෙන් මේකට දානවනම් දාන්න ඕනෙ ශනුද්‍රිව කියල හිතුණා. මම ශනුද්‍රි ගැන කිව්වම ඩිරෙක්ටර් කැමති වුණේ නෑ. ඒත් මම කිව්වා ශනුද්‍රිව අනිවාර්යයෙන් ගන්න ඕනෙ කියල. ‘ඩයස්’ හිට් වෙන්න විෂුවල් එකත් ලොකුවටම බලපෑවා.


මේ වෙද්දි තවත් සින්දු කිහිපයක් සූදානම් කරමින් ඉන්නවා කියල ආරංචියි 


ඔව් ඔව් ඉස්සරහටත් අපි හිට් වෙන්න හෝ නොවෙන්න සින්දු දානවා. ඒක නවත්තන්නෑ. තව සින්දු තුනක් ලෑස්ති කරල තියෙන්නෙ. නමුත් ඒ තුන ලබන අවුරුද්දෙ මුල වගේ තමයි රිලීස් කරන්න හිතන් ඉන්නෙ.


සින්දුවක් මිනිස්සු අතරට යන්න සෝෂල් මීඩියා කැම්පේන් ඕනෙමද?


අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සෝෂල් මීඩියාවලින් තමයි අපි වුණත් වැඩිපුර මිනිස්සු අතරට ගියේ. එතනින් පස්සෙ තමයි මීඩියා චැනල්ස්වලින් පවා අපිට කතා කළේ. සෝෂල් මීඩියා කියන්නෙ හරියට පාවිච්චි කරනවනම් මාර ටූල් එකක් දෙයක් හිට් කරගන්න.


‘ඩයස්’ ත්‍රුැ‘ැලගෙ ඔරිජිනල් එකක් වුණත් ඉදිරියේදී වෙනත් බෑන්ඩ්ස්වලින් පවා මේ ගීතය ඇසේවි


අයියෝ ඉදිරියෙදි නෙවේ දැනටත් සෑහෙන වෙඩින්ස්වල ‘ඩයස්’ කියනවා. ඒක තමයි අපිටත් වෙන්න ඕන. අපේ සින්දු ඕන තැනක ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් ඒකෙන් අයුතු විදිහට සල්ලි හොයන්න යනව නම් ඒ ගැන අපිව දැනුවත් කරන්න ඕනේ. නැතුව කිසිම කෙනෙක්ට අපේ සින්දු කියන්න තහනමක් නෑ.


 එරංදි කෞශල්‍යා





Previous Post Next Post