මම අන්තිමට ආදරේ කළේ 2009දි, ඔහු විදෙස් ජාතිකයෙක් -යුරේනි නොෂිකා

 


යුරේනි නොෂිකා... කාලෙන් කාලෙට එක එක අලුත් වැඩ කරන්න කැමැති ඒ වැඩ සාර්ථකව ප්‍රේක්ෂකයන් රසිකයන් අතට පත් කරන්න කැමැති රංගන ශිල්පිනියක් ඒ වගේම නිරූපිකාවක් ඇය. යුරේනිගෙ අලුත්ම වැඩේ තමයි Drama Queen. Drama Queen කියන්නේ දුලාන් ARXගේ අලුත්ම ගීතය. මේ ගීතයට යුරේනිට නුහුරු නුපුරුදු දේකින් සම්බන්ධ වෙනවා. යුරේනි රැජ් එකකින් තමයි සම්බන්ධ වෙන්නේ.

යුරේනිව දන්න හැමෝම දන්නවා ඇය හරි සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉන්න කෙනෙක් කියලා. ඇය තවමත් තනිකඩයි. ඇය විවාහ වෙන්නේ නැහැ කියලා තමයි ඇය නිතරම මාධ්‍යයට කියන්නේ. යුරේනි මෑතකදි සහභාගි වුණු සම්මුඛ සාකච්ඡාවකදි ආදරය විවාහය ගැන ටිකක් සංවේදී ප්‍රකාශයක් කරලා තිබුනා. මේ තියෙන්නේ යුරේනිගේ ඒ ප්‍රකාශය...

"ආදරය සම්බන්ධයෙන් නම් මම ෆේල්. ඒකට පන්තියකට යන්න පුළුවන් නම් මම යනවා. මම රැවටෙන්නේ නැහැ. මම ඉක්මනට විශ්වාස කරනවා. ඒ අවස්ථාවලදි හිත් රිදවීම් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මම තාම තනිකඩ වෙලා ඉන්නේ. ආදරය කියන දේදි මට අනුකම්පාවක් දැනෙනවා. එතකොට මම මාව පාවිච්චි වෙන්න දෙනවා. කවුරුහරි මට සෙනෙහසක් දෙනකොට ඒක මම හරි ස්තුතිවන්ත වෙලා පෙරලා ඒකට කෘතඥවෙන්න ගිහින් මාව පාවිච්චි වෙලා තියෙනවා ගොඩක්. නමුත් කමක් නෑ. ඒක මගේ හොඳ දෙයක් කියලා මම හිතනවා, නමුත් දැන් නම් එහෙම ලේසියෙන් ඇන්දෙන්නේ නැහැ. මම ආදරේ කරන්න යන්නේ නැහැ. ඒත් විවිධ අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා සබඳතාවක් තියාගන්නවා. වෙලාවක් ආවොත් කවදාහරි වෙනස් වෙයි.

මම අවසාන වතාවට ආදරේ කළේ 2009දි. ඔහු විදෙස් ජාතිකයෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු භෞතචිකිත්සකවරයා. අපේ ආදරය විවාහය දක්වාම යන්න ගියා. අවාසනාවකට ඒ දෙය වුණේ නැහැ. අදටත් මගේ ජීවිතේ යුරේනි නොෂිකා කියන ටැග් එක පැත්තකට දාලා මම විදිහට මට ආදරේ කරලා මාව රැකබලාගෙන මට සතුට දුන්නු පුද්ගලයෙක් ඔහු. ඔහු දැන් විවාහ වෙලා දරුවන් දෙදෙනෙක්ගේ පියෙක්. ඔහු දැන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සේවය කරන්නේ. ඔහුගෙන් මම සුන්දර ආදරයක් විඳලා තියෙනවා. මගේ පරිනතභාවය නැති නිසා මට ඒ කාලේ ඒ ආදරය පරිස්සම් කරගන්න ලැබුනේ නැහැ. ඒ ආදරේ විඳලා තියෙන නිසා මම බලාපොරොත්තු නැති කරගෙන නැහැ. ඊට පස්සේ ආදරේ කරන තැනට ගියේ නැහැ. නමුත් තනිකම පාළුව නැති කරගන්න මම ආශ්‍රය කරලා තියෙනවා."





Previous Post Next Post