මනීෂා-අශේන් ආදර කතාව හෙළිවෙයි



මනීෂා- චංචලා” අශේන් සිරිවර්ධන කියන්නෙ නව පරපුරේ රංගන ශිල්පීන් දෙදෙනෙක්. ඔවුන්ගේ හමුවීමට මගපාදන්නෙත් ටෙලිනාට්‍යයක්. මේ ආදර කතාව ඔවුන් විවාහ ගිවිස ගැනීම දක්වා රැගෙන ආවා. ඒ ආදරණීය මොහොත අතරතුර මනීෂා මීවිත සමග මේ විදිහට දොඩමළු වුණා.


මනීෂා” කොහොමද ඉතින්? ගොඩාක් හොඳින්”


සතුටින් ඉන්නවා.


 රඟපෑම් වැඩ කටයුතු කොහොමද?


පසුගිය දිනවල සංගීත විශාරද විභාගය නිසා රඟපෑම් වැඩකටයුතු වලට පුංචි විරාමයක් දීල තිබුණා. ඉන් පසුව ඉදිරියේදී විකාශය වීමට නියමිත නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා වැඩ කළා.


අශේන් ගේ හමුව සිදු වුණේ කොහොමද?


අශේන්ව මට මුණගැහෙන්නෙ ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වුණු “ගුග්ලි” ටෙලි නාට්‍ය හරහා. ඉතින් ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනකොට අපි හොඳ යහලුවෝ වුණා.


කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?


මුලින්ම ආදරෙයි කිව්වේ එයා තමයි.


ඔබ ඔහුගේ දකින විශේෂත්වය මොකක්ද?


ඔහු හරිම ආදරණීය කෙනෙක්. දෙමව්පියන්ට හරිම ආදරය කරන” ගෞරව කරන ළමයෙක් විදිහට. තමන්ගේ දෙමව්පියන්ට ආදරය” ගෞරවය කරන්න දන්නේ නැති කෙනෙක් තව කෙනෙක්ට ආදරය ගෞරවය කරන්නේ නැහැ. ඒ පැත්තෙන් අශේන් හරිම පොහොසත්. ඒ වගේම හරිම අහිංසක” ඉවසිලිමත්” බුද්ධිමත් චරිතයක්.



මේ ආදර කතාවට කොච්චර කාලයක් වෙනවද?


හරියටම කාලයක් කියන්න අමාරුයි ඉතින්.


වෙඩින් එකේ විස්තර කියමු නේද?


ඇත්තටම ඒ සිදු වුණේ අපේ විවාහ ගිවිසගැනීම. වෙඩින් එක හෙමින් සැලසුම් කරගෙන යනවා.


කවුද මේ වැඩේට උදව් කළේ?


හුඟක් අය උදව් කළා.. අපි දෙන්නාගේම දෙමව්පියන්” සහෝදර සහෝදරියෝ සහ විශේෂයෙන්ම ඡායාරූපකරණයෙන් විසිත් කවින්ද ඇතුළු Ceylon Wedlock Team එක මතක් කරන්න ඕන.


ඉන් පසුව Paradise Inn Bolgoda “Paradise Flora”, Grooms Art” Nayoma Wijesinghe Bridal Designs”, Cyndlerk by Kalhary” Salon Chamya & Academy”, Channa Flash Hair Studio, ” Nail Ceylon” Munchie Bakes සහ Walk to Glow ආයතන හුඟක් ආදරයෙන් මතක් කරන්න ඕන..


ඉදිරියේදී රඟපෑමෙන් ඈත් වෙයිද?


අනේ නැහැ. රඟපෑමෙන් ඉවත් වෙන්න හේතුවක් නැහැනේ. කලා ක්ෂේත්‍රයේ මම නියැලිලා ඉන්න සියලුම වැඩකටයුතු ඒ විදිහටම සිදු වෙනවා.



රංගනයට අශේන් ගෙන් ලැබෙන සහාය මොන වගේද?


ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඔහු හරිම විවෘත මනසක් තියෙන කෙනෙක්. ඉතින් පෞද්ගලික ජීවිතයේ වගේම වෘත්තිය මට්ටමේ දේවල් වුණත් බොහෝම හොඳින් තේරුම් ගන්නවා සහ මගේ හැමදේටම හරිම උන්නදුවෙන් මට උදව් කරනවා.


ඔහුව මුලින්ම හම්බ වුණ දවස මතකද?


ඔව්. ගුග්ලි ටෙලිනාට්‍යයේ තුන්වැනි schedule එක පටන් ගන්න අපි උඩවලවට යන්න පිටත් වුණ දවසේ. ඒ දවසට කලින් කිසිම දවසක අපි හමුවෙලා නැහැ.


 එදා මොනවද අශේන් කිව්වෙ?


එදා ඉතින් හරිම ආගන්තුකයි. ලොකු කතාබහක් වුණේ නැහැ. මම හායි කිව්වා එයත් හායි කිව්වා. එච්චරයි.


දෙන්නාගේ ආදර කතාව කොච්චර කාලෙකට පස්සෙද ගෙදරට කිව්වේ?


අපි දෙන්නම දෙමව්පියන්ට කිසිම දෙයක් හංගන අය නෙමෙයි. ඉතින් අපි දෙන්නාගේ සම්බන්ධය පටන් ගන්න කලින්ම ආදරය දැණුන” ඒ ගැන කතා කරපු පළවෙනි අවස්ථාවේම අපි දෙන්නම කළේ දෙමව්පිය ආශිර්වාදය ලබාගන්න එක.


ගෙවල් දෙකේ ප්‍රතිචාරය මොන වගේද?


හරිම ආදරයෙන් අපිට ආශිර්වාද කළා.


 අශේන් ගේ රඟපෑම් ගැන මනීෂා මොකද හිතන්නේ?


මට මුණගැහුණ පළවෙනි දවසේ ඉඳලම අශේන් කියන්නේ තමන්ට ලැබෙන චරිතය වෙනුවෙන් හරිම මහන්සියෙන්” කැපවීමෙන් වැඩ කරන රංගන ශිල්පියෙක්. ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න ඔහු උත්සාහ කරනවා. ඔහු රංගනය ගැන හොඳ අධ්‍යයනයක ඉන්නවා. ඒ වගේම මම කැමති ඔහුව චරිතාංග රංගන ශිල්පියෙක් විදිහට දකින්න.


 ඉදිරියේදී දෙන්නාම එකම නිර්මාණ වල රඟපාන්නේ නැද්ද?


එහෙම කිසිම වාරණයක් නැහැ. ඔහුට ලැබෙන නිර්මාණවලට ඔහු දායකත්වය ලබා දෙනවා. මමත් මට ලැබෙන නිර්මාණවලට සම්බන්ධ වෙනවා. දෙන්නාටම එකට රඟපාන්න අවස්ථාව ලැබුණොත්” හොඳ නිර්මාණයක් නම් දායකත්වය ලබාදෙන්න දෙවරක් හිතන්නේ නැති වෙයි.


මහේෂ් එදිරිසිංහ





Previous Post Next Post