මගේ නම ටැටූ කරපු ප්‍රේක්ෂකයෙක් හිටියා - ශෙහානි කහදවල





ශෙහානි කහදවල කියන්නේ අපේ රටේ තරුණයන්ගේ වැඩි ආකර්ෂණයක් ලබා ගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර නිතරම කතා බහට ලක් වෙන සුරූපිනියක්. කවුරුත් ආදරේ කරන ශෙහානි කහදවල සරාගී විලාසිතා හරහා අපිට නිතරම දැක ගන්න ලැබෙනවා. ඒ වගේම ඇගේ සමාජ මාධ්‍ය හරහා ශෙහානිව විවිධ විදියට ඇදුම් විලාසිතාවලින් හැඩවෙලා ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න පුලුවන්. ඒ වගේම ශෙහානි රංගනයට වගේම ගායනයටත් දක්ෂතා දක්වන කෙනෙක්.ඉතින් ශෙහානි ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම ලබා ගන්න කෙනෙක්. ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම ආදරය නිසා ගොඩක් රැවටුණු කෙනෙක්. ඉතින් දැන්නම් මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ. මම ආස උස කෙනෙක්ට. ඒ වගේම සංගීතයට ආදරෙ කරන කෙනෙක් වෙන්නත් ඕන. ඒ විතරක් නෙමෙයි මට ආදරේ කරන නියම පිරිමිකමක් තියෙන කෙනෙක් වෙන්නත් ඕන.

මට රසිකයෙක් ලියුමක් එවලා තිබ්බා. ලේ වලින් ලියලා තිබුණා. එයා ඒකේ සදහන් කරලා තිබ්බේ මට විවාහ යෝජනාවක්. ඉතින් ඒවගේම මගේ නම ටැටූ කරපු ප්‍රේක්ෂකයෙකුත් ඉන්නවා. ඉතින් එයාලගේ ඒ ආදරේට මම හරිම ආදරෙයි. ”





Previous Post Next Post