මම හොයන්නෙ උස කොල්ලෙක් - ශෙහානි කහදවල




ශෙහානි කහදවල කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මේ දිනවල පුංචි තිරය හරහා නිතරම දකින්නට ලැබුණේ නැතත් සමාජ මාධ්‍ය හරහානම් නිතරම ශෙහානි කහදවල දැක ගන්න පුලුවන්. කාගෙත් කතා බහට ලක්වෙන ආන්දෝලනාත්මක විලාසිතා කරන ශෙහානිගේ ෆොටෝ ශූට් අපිට දැක ගන්න පුලුවන්.

සරාගී විදියට සැරසී ගන්න ඡායාරූප වලට සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයේ කමෙන්ට් වලට ඇයට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉතින් ශෙහානි ආදරය නිසා ඩිප්‍රෙෂන් තත්වයේ පවා ඉදලා තියෙනවා. ඉතින් තේරෙන කාලේ ඇය වයස අවුරුදු 25 න් විවාහ වෙන්න තමයි බලාපොරොත්තුවෙන් ඉදලා තියෙන්නේ. ඇය හොයන අනාගත සහකරුවා මෙන්න මෙහෙම විය යුතුයි කියලා ඇය මේ විදියටයි අදහස් දක්වලා තිබුණෙ.

” මට වයස අවුරුදු 28 යි. මම ඉස්සර ඉදන් හිතන් හිටියේ අවුරුදු 25 දී බැදලා 28ක් 29ක් යනකොට බබාලා ඉන්න ඕන කියලා. නමුත් මම ආදරය කල කෙනෙක් නිසා මම මීට අවුරුදු 7 කට පමණ ඉහතදී ගොඩක් දුක් වින්දා. මට ඩිප්‍රෙෂන් පවා හැදුනා. ඉතින් මම හිතුවා මගේ අනාගතය ගැන හිතලා මෙහෙම දුක් වෙලා හරියන්නෙ නෑ මම දැන් නැගිටින්න ඕන කියලා.

දැන් මම අනාගතය ගැන හිතන්නේ මම යම් කිසි ආර්ථික ස්ථාවරයකට ආවම විවාහ වෙනවා කියලා. මම හොයන්නේ උස කෙනෙක්ව. ඒ කෙනා තමන්ට ආදරේ කරන, අනිත් අයට ආදරේ කරන පවුලට ආදරේ කරන කෙනෙක් වෙන්න ඕන. ඉතින් එහෙම මිනිස්සු හරි අඩුයි. එහෙම කෙනෙක් ලැබුණම විවාහ වෙයි. අපේ අම්මලාටනම් ඒකට ලොකු වුවමනාවක් තියෙන්නේ.”





Previous Post Next Post