ශේෂාද්‍රිව මුලින්ම හම්බවෙනකොට මට ගෑණු ළමයෙක් හිටියා -ක්‍රිෂාන් පෙරේරා




ප්‍රියසාද් පවුලේ දුවලා තුන් දෙනාම රංගන ක්ශේෂ්ත්‍රයට දක්ෂතා දක්වන ඒ වගේම ජනප්‍රිය කලාකාරිනියන් තුන් දෙනා තමයි දිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි කියන්නේ. තාත්තගේ අඩි පාරෙම යන දුවලා තුන් දෙනාත් කලාව හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය ලබපු ජනප්‍රිය තරුණියන්. ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ ළමා නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් විදියට වැඩ කටයුතු කරපු කෙනෙක්.

නමුත් මේ වන විට කලා ක්ශේෂ්ත්‍රයෙන් ටිකක් ඈත් වෙලා තම පවුලට අංක එක දීලා වැඩ කටයුතු කරන්නේ. ශේෂාද්‍රි විවාහ වෙලා ඉන්නේ සංගීතයට ඇලුම් කරන ගායක ක්‍රිෂාන් සමගයි. ඉතින් ඔවුන් දෙදෙනාම ජනප්‍රිය පුද්ගලයන්. ශේෂාද්‍රිගේ සහ ක්‍රිෂාන්ගේ ආදරණීය දියනිය ක්‍රිෂාර්යයාගේ හුරතලය විදිමින් ඔවුන් සතුටින් ජීවත් වෙනවා.

ඉතින් ක්‍රිෂාන් සහ ශේෂාද්‍රිගේ පළමු මුණගැහීම ගැන මේ විදියටයි ක්‍රිෂාන් රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

ශේෂාද්‍රිව මට මුලින්ම මුණ ගැහුණේ මීට අවුරුදු ගණනාවකට කලින්. ඒ මගේ පළවෙනි ඉන්ටර්විව් එකේදී. මාව ඉන්ටර්විව් කලේ දිනක්ෂියි ශේෂාද්‍රියි. ඒ කාලේ මෙයාලා ගොඩක් පොඩියි. මට විශේෂ මොකුත් හිතුනෙ නෑ. අනික එතකොට මට ගෑණු ළමයෙක් හිටියා. ඉස්සර ශේෂාද්‍රි මොනවහරි අහගන්න ඕන වුනාම මට විටින් විට කෝල් කලා. ලොකුවට කතා කරන්නෙ නෑ. මෙයාලගෙ ලොකු සීන්නේ.”





Previous Post Next Post