මම කියන්නේ ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක හොදයි, එතකොට ඩිවෝස් අඩු වෙනවා - ශ්‍රීමාලි ෆොන්සේකා




ශ්‍රීමාලි ෆොන්සේකා කියන්නේ අපේ රටේ රංගන ක්ශේෂ්ත්‍රය තුල ඉන්න ජනප්‍රිය කලා තරුවක්. ඇය රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍යයක් විදියට පෙන්වා දෙන්න පුලුවන් හිරු නාලිකාවේ විකාශය වන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ වින්ඩිගේ යාලුවා විදියටයි. ඉතින් ඒ වගේම ඇය රංගනයෙන් දායක වුණ තවත් ටෙලිනාට්‍යයක් විදියට ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යය පෙන්වා දෙන්න පුලුවන්.

ඉතින් ශ්‍රීමාලි ෆොන්සේකා ඉතාම කුඩා වයසකදී විවාහ දිවියට පත් වෙනවා. ඇය කියන්නේ ඇය කිසිම ආදර සබදතාවයක් පවත්වා ගත්ත කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් අම්මලාගේ කැමැත්තට යෝජනාවකින් කෙනෙක්ව තෝරලා ඇයට කසාද බදින්න අවස්ථාව ලබා දුන්නා කියලයි ඇය සදහන් කරන්නේ.

ඉතින් ශ්‍රීමාලී ෆොන්සේකා මේ වන විට දියනියකගේ මවක්. ඉතින් දරුවා එක්ක සතුටින් පාඩුවේ ජීවත් වෙන ශ්‍රීමාලී ෆොන්සේකා ජනප්‍රිය රංගන ශිල්පිනිය ලංකාව තුලත් මේ වන විට ටිකින් ටික ක්‍රියාත්මක වෙන ලිවින් ටු ගෙදර් සංකල්පය ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මමනම් කියන්නේ ලිවින් ටුගෙදර් කියන සංකල්පය හොද දෙයක්. මොකද එහෙම වුණොත් ලංකාවේ තියෙන දික්කසාද වෙන ප්‍රමාණය අඩුවෙනවා. දෙන්නෙක් එකට ජීවත්වෙලා එයාලගේ ඕනෑ එපාකම් දැන හදුනගෙන එක්තැන් වුනොත් ඒ දෙන්නට දෙන්නා පිළිබදව හොද අවබෝධයක් තියෙනවා. පිට රටවල මේක සාමාන්‍ය දෙයක් වුනාට ලංකාවේ එහෙම නෑනේ. නමුත් දැන් ලංකාවේ ටික ටික තියෙනවා මේ සංකල්පය.”





Previous Post Next Post