මට මුලින්ම කෙනෙක් ගැන ක්‍රශ් එකක් ඇති වුනේ වයස 12ක් වගේ කාලෙදි -සචින් චතුරංග




ළමා රංගන ශිල්පියෙක් විදියට ක්ශේෂ්ත්‍රය තුල ඉන්න ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සචින් චතුරංග කියන්නේ. ඔහු මුලින්ම රංගනය කල ‘බිංදු’ චිත්‍රපටයට සචින්ට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ඉතා කුඩා කාලෙ ඉදලා රංගන ක්ශේෂ්ත්‍රය තුළ දක්ෂතා දක්වපු සචින් ගායකයෙක් විදියටත් කාගේත් ආකර්ෂණය ලබා ගන්නවා.

එකිනෙකට වෙනස් වූ චරිත රංගනය කරන සචින් නව පරපුරේ කඩවසම් රංගන ශිල්පියෙක්. ඉතින් ඔහුගේ රංගනයට වගේම ඔහුටත් ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබෙනවා. ඉතින් සචින් ආදරය ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මට මුලින්ම ගෑණු ළමයෙක් ගැන අදහසක් ඇති වුණේ වයස අවුරුදු 12 දි වගේ. නමුත් පළමු ප්‍රේමයනම් 10 වසරෙදි වගේ පටන් ගත්තේ. දැන් මට අවුරුදු 24 යි. මට ආදරේ කරන්න කෙනෙක් දැන් ඉන්නවා. නමුත් එයාගැන දැන්ම නොකියා ඉන්නම්. එයා ගැන පස්සෙ කියන්නම්.’




Previous Post Next Post