පුතා සමංගිලක බව මුලින්ම කිව්වාම ෂොක් වුණා - කොරින් අල්මේදා



 කොරින් අල්මේදා කියන නම ඒ හඬ රුව බොහෝ දෙනෙකුට සමීපයි. ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කොරින් ප්‍රසංග වේදිකාවේ ප්‍රාසංගික අත්දැකීම් එක් කරන ගායන ශිල්පිණියක්. ගයන හැම ගිතයකින්ම ජනප්‍රිය වෙන කොරින් පුතෙකුට ආදරණිය අම්මා කෙනෙක්.

ඔහුගේ ආදරණිය පුතණුවන් තමයි බ්‍රැන්ඩන් ඉන්ග්‍රම්.  ගායනයට වගේම ලේඛනයටත් ඔහු දක්ෂයෙක්. ඔහු ගැන බොහෝ විශාල කතාබහක් ඇතිවුණේ ඔහු තමන් සමරිසි පුද්ගලයෙක් බව ප්‍රසිද්ධියේ පිළිගැනීම නිස යි.

එදා ඔහු ගැන හෙළි කරද්දි, ඒ අම්මාට (කොරීන්ට) ඒක කොහොම දැනෙන්න ඇද්ද ?

මේ ඒ ගැන ඇය භූමි එක්ක පැවැත්වුණු සාකච්ඡාවක දී කියූ කතාවක්.

ඔබගේ පුතා...? ඔහු ආදරේ කරන්නෙ තවත් පිරිමියෙක්ට ? අම්මා කෙනෙක් හැටියට කොයි තරම් අභියෝගාත්මක ද ඒ දේ දරාගන්න?

බ්‍රැන්ඩන් මගේ පුතා මේක ඕපන් කළාම මේ සබ්ජෙට් එක.. මට මතක නෑ මොන අවුරුද්දෙද කියලා. මට ඒ වෙලාවේ මට ෂොක් එකක්. මොකද මම දැන් ඉන්න මානසිකත්වයේ නෙවෙයිනේ එදා හිටියේ. මීට වඩා ගොඩක් තරුණ කාලේ. මම ඇඬුවා ටිකක්. නමුත් මම ඉක්මණටම එයාව තවත් වැළඳගත්තා. ඇස්පෙට් කළා. මොකද මම ලෝකේ වටේ ගියපු කෙනෙක්. ඒක අලුත් දෙයක්, මැජික් එකක් නෙවෙයි කියලා දැනන් හිටියා. මගේ පුතා ඕපන් කළාම ටිකක් ෂොක් වුණා. මම දකින විදිහට අපිට පුළුවන් වෙන්න ඕනි, ඒ කෙනාව ඇස්පෙට් කරන්න. 

අපිට පිළිගන්න අවශ්‍යයි. අපේ කවුරු වුණත්..... ඒකෙන් මට ගොඩක් ලේසි වුණා ඊට පස්සෙ සහ මම ගොඩක් ආඩම්බර වුණා. එයා ට එරෙහිව මම මොනා හරි කළා නම්, වුණා නම් භාග වෙලාවට මට පුතෙකුත් නැතිවෙන්න පුළුවන්.  මොකද ඒක එයාට කොච්චර මෙන්ටලි වැටෙයි ද ?  මොන වගේ ෆීලින්ග් එකක් එයිද ? මොකද මේ දේවල් වෙන්නෙ තමන්ගේ කැමැත්තෙන් නෙවෙයිනේ. තමන් ඉල්ලලා නෙවෙයිනේ. හැබැයි අද වෙනකොට මම ඉතාම ආඩම්බර අම්මා කෙනෙක්.




Previous Post Next Post