නර්තන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රයේ කවුරුත් අතර කැපී පෙනෙන චරිතයක් වන ඇය දක්ෂ රංගන ශිල්පිනියක් ද වෙනවා. මේ දිනවල ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ කුරුලුගේ නැන්දා විදියට රංගන කටයුතු කරන රුක්ෂානා දිසානායක රංගනය කරන තවත් ටෙලිනාට්‍යයක් තමයි ‘අයිස්’ කියන්නේ.
ඉතින් නර්තනය පිළිබදව ඉගෙන ගෙන මේ වන විට නර්තනය දරුවන්ට උගන්වන රුක්ෂානා ඇගේ ආදරය නිසා කාලයක් දුක් වින්දා. නමුත් මේ වන විට නැවත අලුත් ආදරයක් මෝරගෙන ඇවිත් දලුලා තියෙන කාලෙක ආදරය උපරිමයෙන් ලබන කාලයක් තමයි මේ. ඉතින් ඇගේ අලුත් සහකාරයා ආදරවන්තයා ගැන කිව්වේ මේ වගේ අදහසක්.
” ඔහු මට හම්බ වෙලා මේ වෙනකොට අවුරුද්දකට කිට්ටුයි. එයා මම අදින පලදින විදියටත් මගේ ජීවිතේ සමහර දේවල්වලට නීති දානවා. මම හිතන්නේ ශක්තිමත් බැදීමකදී ඒ දේවල් තියෙන්න ඕන. මගේ මුලින්ම එයාට හිත ගියේ රූපෙට. එයා මාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. එයා කිව්වේ අතීතෙන් වැඩක් නෑ අපි වර්ථමානය සහ අනාගතය ගැන හිතමු කියලා.
හැම වෙලේම එකට හිටියෙ නැතත් විශ්වාසය ආදරය තියෙනවා අපි දෙන්නගෙම. මට කෝල් කලේ නැතත් තේරුම් අරන් ඉන්නවා. මොකද එයා වැඩ නිසා. මම එයාගේ ආදරයට තේරුම් ගැනීමට තමයි කැමති වුණේ. මම හිතන්නෙ නෑ මේ ආදරේ පළුදුවෙයි කියලා. මගේ ජීවිතේ වෘත්තීය, මුදල් මේ හැමදේටම වඩා මගේ ජීවිතේ අංක එක මගේ ආදරේ.’’මේ විදියටයි රුක්ෂානා දිසානායක ඇගේ අදහස් දක්වලා තිබුණේ.