මම දරුවෝ තුන්දෙනෙකුගේම අම්මා කෙනෙක් නිසා වැඩිය මගේ රූපය ගැන හිතන්නේ නැහැ - අශිකා මතසිංහ



මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි අශිකා මතසිංහ කියලා කියන්නේ. ඇයට බොහෝ දෙනෙක් ආදරය කරන්නේ ඇයගේ සුන්දර්තවය සහ ඇයගේ රංගනයෙන් පෙන්වූ හැකියාව නිසාවෙනි. පුංචි තිරය තුළින් නිර්මාණය වූ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින් ඇයව හදුන්වනු ලැබුවා.  ඉතින් ඇය කැමැතියි හැමදාම එකම චරිතයකට කොටු නොවී වෙනස් වෙනස් චරිත කරන්න කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය පවුල ගැන ගොඩක් හිතන කෙනෙක් කියලත් ඇය කියනවා. ඇයට දරුවෝ තුන් දෙනෙක් ඉන්න නිසා රංගනයට ගොඩක් කාර්යබහුල වෙන්න ගත්තොත් පවුලයි රංගනයයි සමබර කර ගන්න බැරි වෙයිද කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇයගේ ගෙදර සේවිකාවෝ නැති නිසා ඇයට ගෙදර වැඩ වෙනුවෙනුත් ලොකු කාලයක් වෙන් කරන්න වෙනවාලු. ඉතින් පහුගිය කාලේ රෑ වෙනකල් ඇයට රූගත කිරීම්වලට ඉන්න සිදු වෙලා ගොඩක් මහන්සි වෙලා ඇය අසනීපත් වුණාලු. ඒ නිසා තමයිලු ඇය හිතුවේ කාලෙකට එක නිර්මාණයක් කරලා ඉන්නවා කියලා. ඒත් එහෙම විවේක ගන්න හිතද්දිම හොඳ වැඩවලට ආරාධනා ලැබෙනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ දුව දැන් හත වසරේ, ලොකු පුතා හය වසරේ, බාල පුතා දෙක වසරේලු ඉගෙන ගන්නේ. ඉතින් එයාලටත් කලා හැකියාව පිහිටලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම එයාලා තුන් දෙනාම වෙළඳ දැන්වීම්වලට, ටෙලි චිත්‍රපටවලට සම්බන්ධ වෙලා තියෙනවා. කොහොම නමුත් ඉගෙනීම් කටයුතු කරලා කැමැති මාවතක් එයාලා තෝරා ගනියි කියලයි ඇය නම් කියන්නේ.

ඒ වගේම දරුවන් තිදෙනෙක්ගේ මවක් වෙලත් ඇය මේ තරම් සුන්දරව ඉන්න එක ගැන ඇය කියන්නේ ඒක ඇය කරපු පිනක් වෙන්න ඇති කියලයි. ඒ වගේම ඇය රූපය ගැන ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි කියලත් ඇය කියනවා. ඒත් ඉදිරියෙදි රූපය ගැන හිතන්නත් කාලය වෙන් කරන්න ඕනේ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.





Previous Post Next Post