රූප පෙට්ටියේ නිතර දකින්න පේන්න හිටපු ඇය බොහෝම කෙටි කාලයකින් කාගෙත් සිත් ගත් රුවැත්තියක් බවට පත්වුණා. ඇය නමින් උපේක්ෂා ස්වර්ණමාලි. පුංචි තිරයෙන් නික්මුණු අනතුරුව රිදී තිරයෙන් සුන්දර රූප මැවූ ඇය දැන් ආදරණීය අම්මා කෙනෙක්. කාලයක් දේශපාලනය නිසාත් කතාබහට ලක්වුණු උපේක්ෂා මෑතක යූටියුබ් නාලිකාවක් සමඟ පළ කළ අදහස් තමයි මේ.
"මගේ අම්මත් සිංගල් මාම් කෙනෙක්. දුකයි. සාපයක්ද කියලා හිතෙනවා. තාත්තා කෙනෙක්ටවත් අම්මා කෙනෙක්ටවත් තනියෙන් දරුවෙක් බලන්න බෑ. නමුත් අපිට කරන්න වෙනවා. ඕන ප්රබල අසනීපයකට බේත් කරනවා වගේ හරිම අමාරුයි... ඉස්සර නම් මුලු ගමම එකක්. ළමයා එළියට ගියාම ආරක්ෂා වුණා. නමුත් දැන් එහෙම නෑ. මගේ ඉල්ලීම... පවුලේ ඉන්න දෙතුන් දෙනා එකට එකතු වුණොත් ඇති. දරුවෝ ඉපදුණාම අපිට තරුණ කාලේ තිබ්බ සැහැල්ලුව අතරින්න වෙනවා..."
"දරුවෙක් ඉදි වෙන විවාහයකට ගියොත් කියන්නෙ, ඒක තීරණය වෙන්නෙ ඒ පුද්ගලයා මත.. මගේ දුවගේ තාත්තා කලින් විවාහ වුණු කෙනෙක්. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම එයාලටත් ගොඩක් සමීප වුණා. අපිත් මිනිස්සු.... දරුවෙක් එක්ක විවාහයකට යනවා කියන්නෙ ලේල්සි නෑ. අපි පුළුවන් තරම් බුද්ධිමත් වෙන්න ඕනි, පැහැදිළි වෙන්න ඕනි..."