ප්‍රියංකා සිය දියණියත් සමඟින් නිව්යෝර්ක් යයි



අලුත උපන් සිය දියණිය මාල්ති මේරි සමගින් ප්‍රියංකා චොප්රා මේ දිනවල ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ සංචාරය කරමින් සිටින බව සඳහන් වෙයි. මෙය මාල්තිගේ පළමු නිල විනෝද සවාරිය වන අතර, ප්‍රියංකා ඇය සමගින් පෙනි සිටින ඡායාරූප කිහිපයක්ම සිය ඉන්ස්ටග්‍රෑස් ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබෙනු දක්නට ලැබේ. 

ප්‍රසිද්ධ කළ ඡායාරූප අතර බොහෝ දෙනෙකුගේ කැමැත්ත හිමිව තිබුණේ නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති උසැති ගොඩනැගිල්ලක් තුළ ප්‍රියංකා හා මාල්ති පහළ විදිවල ගැවෙසෙන මිනිසුන්, සාප්පු සංකීර්ණ දෙස බලමින් විනෝද වෙමින් සිටින අතරතුරගත් ඡායාරූප දෙකටය. මීට අනුෂ්කා, සොනාලි බෙන්ද්‍රෙ, ශිබානි අක්තාර්, ආලියා භාට් ඇතුළු බොලිවුඩ් තරු රැසක්ද විවිධ ප්‍රතිචාරයන් දක්වා තිබුණි.





Previous Post Next Post