ප්‍රවීණ ගායන ශිල්පීන් සමිතා මුදුන්කොටුවගේ ආදරණිය දියණිය වූත්, තමන්ට අනන්‍ය හඩකින් රසිකයින් වසගයට ගනීනට ඇය සමත් වුහ. අනතුරුව නිවේදන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විදිහටත් ඇය ක්ෂේත්රයට පිවිසෙනවා.පසුගිය දවසක ඇගේ අලුත්ම ගීතයත් එළිදැක්වුණු අතර, සමාජ මාධය තුළත් ඒ ගීතය බොහෝ කතාබහට ලක්වුණා .මේ තියෙන්නෙ කවී, යූටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකින් කොටසක්.
කවීව තව අවුරුදු කීපයකින් දකින්නේ කවුරු විදිහටද?
මේ තාක් වෙනකන් මම කිසි දෙයක් ජීවිත්තේ සීලෑන් කරලා නැහැ. සමහර අය හිතන්න පුළුවන් ඔහේ යනවා කියලා. හැබැයි හොඳ දේවල් වෙලා තියෙනවා දෙයියනේ කියලා. මම හැම තිස්සෙම හෙට ගැන හිතලා ඉන්න කෙනෙක්. ගොඩක් ලොකු ප්ලෑන්ස් නෑ.
සමාජයේ අනිත් අයට නොලැබෙන අවධානයක් තියෙනවා, සමිතා - අතුලගේ දුව නිසා.) මේක වදයක්ද ? ඕකේද ?
මං හිතනවා මට ඒ ශක්තිය තියෙනවා කියලා. මං කෙළින් කතා කරන
කෙනෙක්. මං හිතනවා ඒක මට අමාරු වෙන එකක් නෑ කියලා. කවදාවත් අමාරු වෙන් නෑ.
ඩුවට් එකක් කරනවා නම් කවී කාටද කැමති?
මම මෙතෙක් කල් සිග් කරලා තියෙන නදීමාල්, සහන් චාමිකර කීප දෙනෙක් එක්ක. මම හිතනවා නදීමාගේ හඬ වැඩිපුර ගැළපෙනවා කියලා.
සෝශල් මිඩියා ඔයාව හොයන එක ගැන?
ලෝකයේ ඕනම තැනක වෙන්න පුළුවන් දේවල් තියෙනවා. මගේ පවුලේ, මගේ ජීවිත්තේ වෙන දේවල් විශේෂයෙන්ම කතාබහ වෙන්න හේතුව මගේ පවුලව හැමෝම දන්නවා. ඒ නිසා කතාබහ වෙන ප්‍රමාණය වැඩී. මුල් කාලේ ඔය පොඩි පොඩි දේ වෙද්දි වදයක් වුණා. අතහරින්න හිතුණා. දැන් මට හිතෙන්නෙ. ඒක කොහෙන්ම මට අදාළ නෑ කියලා. මම මගේ පවුලත් එක්ක හොඳින් ජීවත් වෙනවා.
විවාහ වෙන්න හිතන් ඉන්නෙ ?
පොඩි කාලේ හිතුවේ අවුරුදු 25න් කියලා. හරි කෙනා හම්බුණාත් තමයි. කාලෙන් කාලෙට අදහස් වෙනස් වෙනවනේ. වගකීම් ජීවිත්තේ වැඩිවෙනවා. ඒ වගකීම් භාරගන්න පුළුවන් කියලා ඒ ශක්තිය ආව දවසට මම බඳිනවා.
අතුල - සමිතා යුගය නිමා වීම දැනෙනෙ.?
කණගාටුයි. මොකද මම දුව විදිහට නෙවෙයි කියන්නෙ. මම මාර ආසයි ඒ දෙන්නා සින්ග් කරනවා බලන්න. ඒ දෙන්නට ඒ දෙන්නගේ හඬවල් ඇරෙන්න වෙන හඬවල් ගැළපෙන්නෙ නෑ. ඉතින් අපරාදේ කියලා තමයි කියන්න තියෙන්නෙ. මට ආසයි. ඒත් ඒ දෙන්නගේ සපෝට් එකත් එපැයි. හැබැයි නිමාවෙලාම කියන්නත් බෑ ඒ දෙන්නා එකට සින්ග් කරන එක නවත්තලා නෑ. ඒ දෙන්නා පර්සනල් ජීවිතෙයි ඒකයි පටලගන්න දෙන්නෙක් නෙවෙයි.
අවසන් වතාවට කියන්න තියෙන්නේ?
අපි හැමදාම ජීවත් වෙන්නේ නැති මිනිස්සු. ඉතින් ජීවත් වෙන කාලේ මිනිසුන්ට කතා කියන් නැතුව තමන්ගේ ජීවිතේ ලස්සන කරගෙන ඉදිරියට යන්න.