පුංචි තිරයේ හැඩ රටා මවන රසික හදෙහි ලැගුම් ගත් ඇය සුරූපී නවක රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය දක්ෂ නීතිඥවරියක්; ආදරණීය ගුරුවරියක්. බහුවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔබේ හදට ළෙන්ගතු වූ ඇය නමින් සචින්තනී කෞශල්‍යා. මේ දවස්වල ඔබේ අලුත් වැඩකටයුතු ගැන කතා කරමු?
මේ දවස්වල “හිරිපොද වැස්ස” ටෙලි ඩ්‍රාමා එකත් එක්ක තමයි වැඩිපුරම මගේ කාලය ගත වෙන්නේ. ඉතින් ඊට අමතරව අලුත් වැඩ කිහිපයකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ වගේම මගේ උපකාරක පන්තිවල වැඩකටයුතු හා අධ්‍යාපනික වැඩකටයුතු එක්ක තමයි කාලය ගත වෙන්නේ.
“හිරි පොද වැස්ස” ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
පසුගිය කාලය පුරාවටම මම රංගන දායකත්වය ලබා දුන් විවිධාකාර චරිත නිරූපණය කළ ටෙලි ඩ්‍රාමාස් කිහිපයක්ම අවසන් වුණා. මම විවිධාකාර චරිතවලට රංගන දායකත්වය ලබා දෙන්න කැමැති කෙනෙක්. මම පසුගිය කාලය පුරාවටම එක එක වයස් මට්ටම්වල චරිත රඟපෑවා. ඉතින් මේ චරිතයත් අවුරුදු 18ක පාසල් යන ගැහැනු ළමයකුගේ චරිතයක්. ඉතින් ඒක මටත් වෙනස් අත්දැකීමක්. මම හිතන්නේ පාසල් කාලය කියන්නේ අපි හැමෝම ආපහු යන්න ආසම කාලයක්. ඕනෑම කෙනකුගෙන් ආපසු කොයි කාලයටද යන්න කැමැති කියලා ඇහුවොත් බොහෝ දෙනකු කියන්නේ ආපසු පාසල් කාලයට යන්න ආසයි කියලා. මමත් මගේ උපරිමයෙන්ම පාසල් කාලය විඳපු කෙනෙක්. මම හිතන්නේ ප්‍රේක්ෂකයන් අතර මෙතරම් ජනප්‍රිය වෙන්නත් හේතුව ඒ චරිතය හැමෝටම සමීප නිසා කියලා. ඉතින් මේ කාලයේ විධියට විනෝදකාමී විඳින්න පුළුවන් වැඩක් විධියට තමයි මම දකින්නේ.
ඔබ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉදිරියෙන් සිටින තරුණියක් විධියට කාලය කළමනාකරණය කරගන්නේ කෙසේද?
මේ ලෝකයේ ඉන්න කිසිම කෙනකුට දෙයකට වෙලාවක් නැහැ කියන්න බැහැ. අපි කාලය හරියටම කළමනාකරණය කරගන්නවා නම් අපට ඒ දේවල් කරන්න පුළුවන්. නමුත් මට ඒ දේ පොඩි කාලයේ ඉඳන් ලැබුණු ආභාසයක්. මම පාසල් යන කාලයේ ඉඳන්ම බාහිර වැඩත් එක්ක තමයි අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ. මට ඒ දේවල් සමබරව කරගන්න පුළුවන් වුණා. ඒ දේවල් එකිනෙකාගේ ධාරිතාව අනුව තමයි. සමහර අය ඉන්නවා එයාලට එහෙම වැඩ කිහිපයක් කරන්න බැහැ. නමුත් සමහර අය මටත් වඩා වැඩ කරනවා. ඉතින් ඒ දේ තීරණය වෙන්නේ එක එක්කෙනාට හැකි ධාරිතාව මත තමයි. එක එක්කෙනාට වැඩ කිරීමට හැකි ධාරිතාව වෙනස්නෙ. ඉතින් මම හැම වෙලාවෙම හිතන්නේ අපට තිබෙන මේ කාලසීමාව හරිම කෙටියි.
මහන්සි වෙන්න,දුවන්න ඕන කාලේ අපි දුවන්න ඕනේ. නැත්නම් අපට හාන්සි වෙලා ඉන්න තිබෙන කාලයේ වැඩ කරන්න වෙනවා. මේ තිබෙන වටපිටාවත් එක්ක කාල කළමනාකරණය කරගන්න ටිකක් අපහසු තැන් තිබෙනවා. නමුත් මට පුළුවන් විධියට මම ඒ දේවල් කරනවා. ඒ වගේම මට ගෙදරින් ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා. ඒ නිසා මට මගේ වැඩකටයුතු කළමනාකරණය කරගෙන යන්න පුළුවන් වෙලා තිබෙනවා.
ඔබේ රංගන කුසලතා වැඩිදියුණුකර ගැනීමට ඔබ විශේෂ අධ්‍යයනයන් සිදු කරනවාද?
පළමුවැනි දේ තමයි මම රංගන ශිල්පිනියක් වෙන්න කවදාවත් හීන දැකපු කෙනෙක් නෙවෙයි. ඒ දේ මගේ ජීවිතයේ එක හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. මම රංගනයට පිවිසීමට පළමු පියවර රන්වල බළකාය. ඕනම තැනකදී මම ඒ ගැන මතක් කරනවා. රන්වල බළකායත් එක්ක ලැබුණු ආභාසය, එතැනින් ලැබුණු ගුරුහරුකම් එක්ක තමයි මට රංගනයට ආසාවක් ඇතිවෙන්නේ සහ රංගනය ගැන මම දේවල් ඉගෙන ගන්නේ. මට පෞද්ගලිකව රංගනය ගැන හැදෑරීමට ලොකු ආසාවක් තිබෙනවා. ඒ සඳහා යොමු වෙන්න හදන හැම අවස්ථාවකම මොකක් හරි දෙයකින් ඒ දේ වැළකෙනවා. නමුත් ඒ සඳහාත් අවස්ථාවක් හදාගන්න උත්සාහ කරනවා ඉදිරියේදී. කොච්චර න්‍යායාත්මකව දේවල් ඉගෙන ගත්තත් ඒ දේවල් ප්‍රායෝගිකව භාවිත කළ නොහැකි නම්, අපි ඒ දේවල් අත්දකින්නේ නැත්නම් තේරුමක් නැහැ. අපේ ජ්‍යෙෂ්ඨ සමහර රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් මම ඉගෙනගෙන තිබෙනවා.
ඒ වගේම මම රංගනයෙන් දායක වන නිර්මාණ මම නැවත බලලා වැරැදි අඩුපාඩු හදාගන්න ඕන දේවල් අධ්‍යයනය කරනවා. මම ගොඩක් දකින දෙයක් තමයි ඇහුවොත් කෙනකුගෙන් තමන් ඉන්න නිර්මාණ තමන් බලන්නෙ නැහැ. නමුත් මම ඉන්න නිර්මාණ මම කිහිපවරක් හෝ බල බලා මෙතැන මෙහෙම වුණා නම් හොඳයි කියලා හැමවෙලේම මම මගේ අඩුපාඩු හොයන්න උත්සාහ කරනවා. ෆිල්ම් බලනවා. ඒ වගේම ගත යුතු තැන්වලින් ඉගෙන ගන්න දේවල් තිබෙන තැන්වලින් ලොකු පොඩි භේදයක් නැතිව මට ඉගෙන ගන්න අවස්ථාව හම්බුණොත් මම ඉගෙන ගන්නවා.
ඔබ නීතිඥවරියක් විධියට විවිධ ක්ෂේත්රයන් තුළ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන අභියෝග දකින්නේ කෙසේද?
කාන්තාවක් විධියට අපි ඉන්න ක්ෂේත්රය මොන වගේ ක්ෂේත්රයක් වුණත් අපට ඒක අභියෝගාත්මකයි. මම හිතන්නේ ඒ දේවල් අපේ මිනිස්සුන්ගේ ආකල්පවල තිබෙන ගැටලුවක්. අපි සමහර දේවල් දකින විධියේ ප්‍රශ්නයක් තිබෙනවා. මොකද මම රංගන ශිල්පිනියක් වීමේදී මට ඔය ගැටලුව ලොකුවටම ආවා. ඔයා ඉගෙන ගත්ත කෙනෙක් වෙලා රඟපාන්නෙ ඇයි කියන ප්රශ්නය,චෝදනාව මට ආවා. මම සරලම උදාහරණයක් කීවොත් කලා
ක්ෂේත්රයේ දෙදෙනකු ඩිවෝස් වෙනවා කියන එකත් මිනිස්සුන්ට මැජික් එකක් වෙලා තිබෙන්නේ.පිටත අය එහෙම ඩිවෝස් වෙන්නෙ නැද්ද? ඒ ප්රශ්නය තිබෙන්නේ මේ අය ජනප්‍රියයි, නමුත් අනෙක් ක්ෂේත්රවල අය හඳුනන්නේ නැහැ. ගැහැනු ළමයකුට කලාව තුළ, නීතිය තුළ පමණක් නොවෙයි ඕනෑම ක්ෂේත්රයක් තුළ අභියෝග ලැබෙන්න පුළුවන්. එහි හානිය තීරණය වන්නේ අපි ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියන දේ එක්ක. ගැහැනු ළමයකු විධියට අපි රැකෙන්න ඕනෑ කොහොමද, අපේ විනය හදාගන්න ඕනෑ කොහොමද කියලා අපි අවබෝධ කරගන්න ඕනෑ.
නවක පරපුරේ රංගන ශිල්පිනියක් ලෙස ප්‍රවීණයන් සමඟ එකට මුහුවීම තුළ ඔබට ලැබුණු අත්දැකීම් ගැන කතා කරමු?
මට ඒ අවස්ථාව මම මුලින් රංගන දායකත්වය ලබා දුන් ටෙලි නාට්‍යයේ ඉඳන්ම හම්බුණා. ශලනි අක්කත් එක්ක වැඩකටයුතු කරන්න ලැබුණා. මම හිතන්නේ නවකයෙක් විධියට අපේ ප්‍රවීණයන්ගෙන් අපට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබෙනවා. මම හැමවෙලේම මගෙන් දෙයක් තව කෙනකුට දෙන්න පුළුවන් නම් ඒ දේ දෙන්න උත්සාහ කරනවා. දවසින් දවස අපි පරිණත වෙද්දී තමයි අපට දේවල් ලැබෙන්නේ. ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබෙනවා. ජ්‍යෙෂ්ඨයන්ගෙන් නම් මට මේ වනතුරු ලොකු සහයෝගයක් ලැබිලා තිබෙනවා. මම මගේ ජ්‍යෙෂ්ඨයන්ට ගොඩක් ගරු කරනවා. අපෙන් පසුව හෝ තව කෙනකුට ගමනක් යන්න ඒ දේවල් දෙන්න ඕනෑ.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
ටික කාලයක් යනතුරු “හිරිපොද වැස්ස” ටෙලි නාට්‍ය සමඟ තමයි. ඒ වගේම මගේ අධ්‍යාපනික කටයුතුවල යම් යම් වැඩකටයුතු කරගෙන යනවා. පන්ති වැඩකටයුතුත් කරගෙන යනවා.
රුවිනි අමරකෝන්