මටත් හැදිලා ගොඩක් අමාරු වුණා , දැන් නම් හොඳයි - නිල්මිණි තෙන්නකොන්



නිල්මිණී තෙන්නකෝන් ගැන අමුතුවෙන් හඳුන්වාදීමට අවශ්‍ය නැහැසිනමාවේ වගේ පුංචි තිරයේත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන නිල්මිණි තෙන්නකෝන් රංගන ශිල්පිනියක් වගේම හොඳ අම්මා කෙනෙක්. මේ වෙද්දි ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා හිටියත් නිල්මිනී සිනමා ක්ෂේත්‍රයේ සක්‍රීයව කටයුතු කරනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත ප්‍රසාද් සමරතුංග විසින් අධ්‍යක්ෂණය කළ "තාත්තා" ළමා චිත්‍රපටයේද ඇය ප්‍රධාන චරිතයකට පණ පොවනවා. නිල්මිණි මේ දිනවල ඉන්නේ ටිකක් අසනීපෙන්ලු. ඒ බව ඇය ෆෙස්බුක් ගිණුමේ සටහන් පළ කරමින් කියා සිටියා.එම සටහන පහත දැක්වෙනවා.


"මේ දවස්වල හෙම්බිරිස්සාවක් උණක් තියෙනවා. මටත් හැදිලා ගොඩක් අමාරු උනා. මට දැන් හොඳයි පුළුවන් තරම් වෙනිවැල් ගැට කොත්තමල්ලි බොන්න."

ඇය මේ ඡායාරූප පළ කරලා තිබුණේ ඇගේ ඡායාරූප දෙකක් පල කරමින්. එම ඡායාරූපවල ඇගේ රෝගාතුර බව හොඳින් පෙනෙනවා. ඇයට අපි ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා."







Previous Post Next Post