මම කුස්සියේ ඉන්න වෙලාවට මගේ රේඩියෝ එක තමයි තිසූ - සුසන්තා චන්ද්‍රමාලී



වසර ගණනාවක් පුරාවට මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි සුසන්තා චන්ද්‍රමාලී කියන්නේ. ඇත්තෙන්ම පුරා වසර තිහකට වඩා වැඩි කාලයක සිට වේදිකාව, ටෙලිනාට්‍යය, චිත්‍රපට වලින් ආදරණීය පෙම්වතියක, සෙනෙහෙබර මවක් විදිහට ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇයට ඉහළ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.ඉතින් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම ඇගේ දියණිය තිසුරි යුවනිකා ගැනත් කතා කළ යුතුමයි.ඊට හේතුව වෙන්නේ ඇයත් කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් වීමයි. ඇත්තෙන්ම තිසුරි කියල කියන්නේ ගැමි චරිත හා ඇයට ලැබෙන චරිත උපරිම ආකාරයෙන් රංගනය කරන දක්ෂ රංගන ශිල්පිනියක්. මේ විදිහට අපේ කලා ක්ෂේත්‍රයට සිය දරුවා දායද කල සුසන්තා චන්දිමාලී ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය පහුගිය කාලයේ රෝගී තත්ත්වයකට මුහුණ දුන්නා.ඒ බව මේවෙනකොට මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්. 


ඉතින් කෑම බීම ගැන කවදත් සැලකිලිමත් වෙන සුසන්තා බොහෝදුරට ගුණදායක දේවල් හොය හොයා තමයි ආහාරයට ගන්නේ. ඒ නිසාවෙන්ම ඇයට මේවෙනකොට ගෙදර අය ‘ගුණවතී’ කියලලු කතා කරන්නේ. හැමදාම උදෑසන පාරම්පරික සහල් වර්ගයකින් සැකසූ කැදක් හෝ ඖෂධීය කැද වර්ග පානය කරන ඇය ඊට අමතරව කැල්සියම් ශරීරයට අවශ්‍ය නිසා ඒ සදහා සුදුසු ආහාර ලබා ගන්නවා.කොහොම වෙතත් ඕනෑම කෑමක් රසට හදන්න පුලුවන් ඇය ගැන කලා ලෝකයේ වගේම සමීතයින් ඒ ගැන වඩාත් හොදින්ම දන්නවා. ඒ ගැන අදහස් දක්වමින් ඇයනම් කියන්නේ ඇගේ අත් ගුණය තියෙනවා කියලයි. තවද ගෙදර මොන වගේ උත්සවයක් තිබුණත් ඇය කැමති ඇගේ අතින්ම පිළියෙල කරපු කෑම වේලක් ලබා දෙන්න කියලයි ඇය පවසන්නේ.කොහොම වෙතත් පහුගිය දවසක ඇය පුවත්පතකට අදහස් දක්වමින් තමන් හදන කෑම ගැන නිවැසියන්ගේ ප්‍රතිචාරය ගැන කියල තිබුණේ මෙහෙම කතාවකුයි.

” මම හදන කෑම රහයි කියලා තමයි මම උයලා දෙන හැමෝම කියන්නේ. මම හිතන්නේ සෙනෙහසින්, ආදරෙන්, කැමැත්තෙමන් ගුණාත්මක බවින් ඉහළ කුළු බඩු වර්ග කෑමකට යොදනවානම් කටට රහට කෑම වේලක් හදන එක ලොකු අභියෝගයක් නෙමෙයි. අපි පුංචි කාලේ ඉදලා ගෙදර හදන කුළු බඩු තමයි පාවිච්චි කරන්නේ. නමුත් අද කාලේ එහෙම නෙමෙයිනේ කඩෙන්නෙ හැම දේම ගන්නේ. කවදාවත්ම මගේ ගෙදර කුලු බඩු කඩෙන් අරන් නැහැ. මම කුස්සියේ ඉන්න වෙලාවට මගේ රේඩියෝ එක තමයි තිසූ.එයා තමයි මගේ පාලුව මකන්නේ ඒ වගේම එයාගේ අත් උදව්වත් මට නැතුව බැහැ. මම පොඩි කාලේ ඉදලා අම්මලා උයන පිහන විදිය මිරිස් තුන පහ දාන විදිය බලාගෙන ඉගෙන ගත්තා.” 

මේ විදිහට තමයි රටක් ආදරය කරන මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ. ඉතින් සුසන්තා චන්ද්‍රමාලී කියන මේ ප්‍රවීණ රංගන ශිල්පිනියගේ ඉදිරි වැඩ කටයුතු වගේම සිය පවුලේ ඉදිරි අනාගතයට අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.





Previous Post Next Post