අවුරුදු 10ක පමණ ලොකු ආදර කතාවක් තමයි මේ හැබෑ වෙන්න යන්නේ -අනුෂා දමයන්ති



මේවෙනකොට ලාංකිකයන් හැමෝගෙම වගේ ආදරය දිනාගෙන ඉන්න ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ කලාකාරිනියක් තමයි අනුෂා දමයන්ති කියලා කියන්නේ.ඇත්තෙන්ම මෙරට කලා ක්ෂේත්‍රය තුළ නර්ථන ශිල්පිනියක් ලෙස වගේම රංගන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරන ඇය 90 දශකයේදී සිය සිනමා ගමන ආරම්භ කරනවා. එලෙස සිය සිනමා ගමන් මග ආරම්භ කරන ඇය මේ වනවිට රිදී තිරයේ නොමැකෙන නමක් රඳවා හමාරයි. කෙසේවෙතත් ළගදීම මේ ප්‍රවීණ කලාකාරිනියගේ ජීවිතයේ විශාල වෙනසක් සිදුවීමට යන බවත් අපට ආරංචි වෙනවා. ඉතින් ඒ ගැන වගේම ඇගේ ජීවිතයේ අලුත්ම තොරතුරු ගැන දැනගන්න පහුගිය දවසක ඇයව එක්තරා පුවත්පතක් කතා බහට එකතු කරගෙන තිබුණා.ඉතින් මේ දිනවල මම කලා කටයුතු කරන්නේ බොහොම අඩුවෙන් කියල කියන ඇය කියන්නේ මම ටෙලි නිර්මාණවලට සම්බන්ධ වන්නේ කලාතුරකින් වගේ කියලයි.

ඒ වගේම මේ කාලය තුළ ටෙලි නිර්මාණ හතරකට පමණ මම සම්බන්ධ වුණා කියන ඇය මට චිත්‍රපට දෙක තුනකට ආරාධනා ලැබුණත් රටේ තත්ත්වය නිසා ඒවායේ වැඩ කල් ගියා කියලයි පවසන්නේ.තවද ඉස්සර නම් නර්තන ප්‍රසංග බොහෝ ප්‍රමාණයක් සංවිධානය කෙරෙනවා වුනාට මේ වන විට ප්‍රසංග සංවිධානය වීම සියයට පනහක් පමණ අඩු වෙලා තියෙන්නේ කියලයි ඇය කියන්නේ.

මේ අතර මිනිසුන් විදිහට අපි කවුරුත් කැමැතියි සිනහා වෙලා සතුටින් ජීවත් වෙන්න කියල කියන ඇය මිනිසුන් මේ මොහොතේ ආ,වේගශීලී වී ඉන්නේ කියලයි කියන්නේ. ඒ ඔවුන්ගේ ජීවිත ගෙනියන්න නොහැකිව බලාපොරොත්තු කඩවෙලා තිබෙන නිසාවෙන් කියන ඇය පවසන්නේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් සාමකාමී පරිසරයක් තිබෙන රටක් තමයි කාගෙත් බලාපොරොත්තුව කියලයි.ඒ වගේම මම මේ අවුරුද්ද තුළ අනිවාර්යයෙන්ම විවාහ වෙනවා කියන ඇය කියන්නේ මගේ විවාහය ඇත්තටම සැලසුම් කළේ 2019දී කියලයි.

ඇත්තෙන්ම මම විශාල පිරිසකට ආරාධනා කරලා විශාල විවාහ මංගල්‍යයක් පවත්වන්න සැලසුම් කළා කියන ඇය කියන්නේ නමුත් කාඩ් පවා බෙදලා සියලු දේවල් සූදානම් කරලා තිබෙන විට පාස්කු ප්‍ර,හාරය සිදුවුණා කියලයි. ඒ වෙලාවේ බොහෝ දෙනෙක්ට විවාහයට සහභාගි වීමේ ගැටලු මතුවෙන්න පුළුවන් නිසා මම විවාහය කල් දැම්මා කියලයි ඇය කියන්නේ. ඉතින් දැන් තිබෙන ලොකුම ගැටලුව රටේ පවතින තත්ත්වය සහ ආර්ථිකය සමඟ එවැනි විශාල විවාහ උත්සවයක් ගන්න බැහැ කියන එක කියලයි ඇය සදහන් කරන්නේ. තවද ක්ෂේත්‍ර ගණනාවක මම ඇසුරු කරන හිතවතුන් බොහෝ පිරිසක් ඉන්නවා කියලයි ඇය පවසන්නේ.

මේ අතර කවුරු හරි මඟහැරුණොත් ඔවුන් තරහා වෙයිද කියලා බයකුත් මට තිබෙනවා කියන ඇය පවසන්නේ විවාහය මොන ආකාරයෙන්ද පවත්වන්නේ කියලා තවම හරි අදහසක් නැතත් අනිවාර්යෙන්ම මේ අවුරුද්ද තුළ විවාහය ගන්නවා කියලයි. තවද බොහෝ විට එය සරල චාම් විවාහ මංගල්‍යයක් වෙවී කියලත් ඇය සදහන් කරනවා. ඒ විතරක් නොවෙයි මගේ පෙම්වතා ව්‍යාපාරිකයෙක් සහ කායවර්ධන විනිසුරුවරයෙක් කියල කියන අනූෂා කියන්නේ ලංකාවේ ඉතාම දක්ෂ කායවර්ධන පුහුණුකරුවෙක් වගේම ලංකාවේ අඩු වයසින්ම ජාත්‍යන්තරය නියෝජනය කළ කායවර්ධන විනිසුරුවරයා ඔහු කියලයි. ඒ වගේම ඔහු මගේ රසිකයෙක් කියල කියන ඇය කියන්නේ අවුරුදු 10ක පමණ ලොකු ආදර කතාවක් තමයි මේ හැබෑ වෙන්න යන්නේ කියලයි.






Previous Post Next Post