වර්තමානයේ ලාංකිකයන් හැමෝම අතර ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක් තමයි ‘නයිට් රයිඩර්’ කියන්නේ. ඇත්තෙන්ම මේ චිත්‍රපටය ලාංකිකයන් අතර කතාබහට ළක්වන චිත්‍රපටයක් බවට පත්වුණා කිව්වොත් නිවැරැදියි.ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි කළණ ගුණසේකර කියල කියන්නේ.ඇත්තෙන්ම ඔහු පුංචි තිරයේ වගේම සිනමාව තුලත් කැපී පෙනෙන් චරිතයක් ලෙස අපට හදුන්වන්න පුළුවන්. කොහොම වෙතත් මේ චිත්‍රපටය තුළ ඔහුට වාහන පදින්න තිබෙනවා.
ඉතින් මේ හැකියාව ඔහුට පාසල් යන කාලයේ ඉදලම තිබුණු බවයි කළණ කියන්නේ. අට වසරේ ඉදලා වාහන පදින්න පුරුදු වුණ කළණ වාහනයේ ලොකු පොඩි නොබලම පදින්න පුරුදු වෙලා තිබෙනවා.ඔහුනම් කියන්නේ අද වනවිට ඔහුට ඕනම වාහනයක් පදින්න පූලුවන් එදා ඒ සදහා තිබූ උනන්දුව නිසාවෙන් කියලයි. මේවෙනකොට සිනමාව තුලින් විශාල ප්‍රේක්ෂක ආදරය ලබා ගත්ත කළණ පළමුවෙන්ම චිත්‍රපටයක රංගනයෙන් දායක වුනේ 2013දී වසරේදී යි. කෙසේවෙතත් දක්ෂ රංගන ශිල්පියෙකු වන ඔහු රංගනය කිරීම ගැන අදහස් දක්වලා තිබුණේ මෙලෙසයි.
” චරිතයක් රගපානකොට මම ඒක මගේ මුලුඇගටම අරන් කරනවා. මම ඒ චරිතයේ ජිවත් වෙනවා. මම රගපාපු චරිතයක් මම බලද්දී ගොඩක් ටෙන්ෂන්. මීට වඩා හොදට චරිතය කරන්න තිබ්බනේ කියන හැඟීම එනවා. මම හරිම සාමාන්‍ය කෙනෙක්. මම නවකතාවක්, කවි පොතක්, තිර පිටපත් හයක් විතර ලියලා තියෙනවා. කඩේට යන පොළේ යන මේ දවස්වල බස් එකේ යන සරල මනුස්සයෙක් තමයි මම” මේ විදිහට අදහස් දක්වන ඔහු කූඹියෝ කියන ටෙලි නිර්මාණය ඔස්සේත් ප්‍රේක්ෂකයන් හමුවට ආවා. ඇත්තෙන්ම ඔහුගේ ඒ රංගනයට අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් වගේම ආදරයක් හිමිවුණා කිව්වොත් නිවැරැදියි.තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණයක් ඉටු කිරීමේ හැකියාවක් ඇති ඔහු එම චරිතය තමන්ගේ ඇගට ඇතුල් කරගෙන තමයි රංගනය කරන්නේ.
කොහොමහරි ඉතින් මේ සිනමාවත් අතික්‍රමණය කරන්නට හැකි වුණු මේ ජනප්‍රිය රංගන ශිල්පියාට ඔහුගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට හැකිවේවා කියල අපි හදවතින්ම ඔහු කරන්නෙමු