පසුගිය දිනෙක මටිපදවිය ලැබූ සෝනම් කපූර්ගේ ආදරණිය පුතණුවන්ගේ ඡායාරූපය පළමුවරට මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. මෙසේ ඡායාරූප මුදාහැර ඇත්තේ සෝනම් ගේ සොයුරියක් වන රියා විසින් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.කොහොම වුණත්, ඇගේ දරු පැටියාගේ මූණ නොපෙන්වා ඡායාරූප පළ කිරීමට සොහොයුරිය වග බලාගත්තා. දරුවා දිහා බලාගෙන අතිශය සංවේදී වන අයුරු ඡායාරූපයේ දැකගත හැකියි.
රියා මෙම ඡායාරූප ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට ද එක් කර තිබූ අතර, එයට බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාර ද ලැබෙමින් පවතිනවා. මේ අතර වෝග් සඟරාවේ මෙවර කලාපයේ කවරය අත්පත් කරගෙන ඇත්තේ ද සෝනම් කපූර් විසිනුයි. ඇගේ ගැබිනි සමයේ ඡායාරූපයක් එහි පළ කර තිබුණා.