පියුමිගෙන් චන්දිමාලට ලක්ෂ පහලොවක තෑග්ගක්

 


නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කියන්නේ ක්ෂේත්‍රයේ වගේම පෞද්ගලික ජීවිතයේත් ගජ මිතුරන්. චන්දිමාගේ හැම වැඩකටම පියුමි ඉන්නවා වගේම පියුමිගේ හැම වැඩක් පසුපසත් චන්දිමාල් හෙවනැල්ලක් වගේ ඉන්නවා.මේ දෙදෙනාට සමාජය විවිධ ගොසිප් මැව්වත් ඒවා පිළිබඳව තකනේ නම් නැහැ. කෙසේමුත් මේ කියන්න යන්නේ පියුමි චන්දිමාල්ට දුන් වටිනා තෑග්ගක් ගැනයි. පියුමි  හංසමාලි තමන්ගේ අතිජාත මිතුරා චන්දිමාල් ජයසිංහට රුපියල් ලක්ෂ පහලොවක් වටිනා රත්‍රං අත් පළඳනාවක් තෑග්ගක් ලෙස දීලා තිබෙනවා. මේ පිළිබඳව චන්දිමාල් සිය ෆේස්බුක් ගිණුමේ ආදරණිය සටහනක් තබා තිබුණා. එම සටහන පහතින්..

"අවුරුදු 36 ක ජිවිතේ යාලුවෙක්ගෙන් මට ලැබුනු වටිනම පලවෙනි තැග්ග මිනිස්සුන්ට යාලුවොන්ට උදවු කරලා හොද කරලා ලැබුනෙම නරක නාමයක් එක්කො කලකිරිමක් විතරයි. පියුමිට මිනිස්සු බනිද්දි මම එයා එක්ක හැමදාම හිටියා අද එයා හොද තැනක එයා ජිවිතේ දිනනවා බලන්න මම හරි ආසාවෙන් හිටියා මුල මතක ඔයාට කවදාවත් වරදින්නෙ නැ. මේ තැග්ග ලක්ෂ 15 උනාට මේක මට කෝටි ගානක් වටිනවා. ඔයා අද රගන්නෙ ඔයා දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් අනුන්ගෙන් කඩා වඩාගෙන අහසින් යනවට වඩා දුක් මහන්සියෙන් ලබාගත්ත දේවලින් පොලවේ පය ගහල ඉන්න මිනිස්සුන්ගේ දුක දන්න හමදාම මගේ හොදම යාලුවාට ජය..






Previous Post Next Post