අවසානය වෙනස් කරපු එක ගැන මම දැඩි හිත් තැවුලකින් ඉන්නේ - ධනංජය සිරිවර්ධන



පසුගිය දිනවල ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වුණ ටෙලි නාට්‍ය කිහිපය අතරින් මේ වන විට විකාශය වන ”වීදුරු මල්”‍ ධනුක ද අල්විස්‍ මෙන්ම ”තාදි” ටෙලි නාට්‍යයේ ඩැනියෙල් උයන්ගොඩට හා ”number 9”‍ දේවින්දට පණ දුන් අපට සිටින දක්ෂ රංගන ශිල්පියෙකි. ඒ වගේම ඔහු කාගෙත් කතාබහට ලක්වන්නේ නිවේදකයකු ලෙසය. ප‍්‍රධාන නාලිකා කිහිපයකම නිවේදකයකු ලෙස කටයුතු කළ නිසා ඔහුගේ රංගනය අබිබවා වරෙක ඔහුගේ නිවේදනය ඉහළට ඔසවා තබන්නෙකු ද වෙයි. මේ ධනංජය සිරිවර්ධනයි.



මේ දිනවල ඔබේ අලූ‍ත්ම වැඩ කටයුතු කොහොමද?


මගේ වැඩකටයුතු සියල්ල මම හොඳින් කරනවා. හැබැයි රටේ තිබෙන වාතාවරණයත් එක්ක අපිට පොඩි පොඩි ප‍්‍රශ්න ඇතිවෙලා තියෙනවා. ඒ සියල්ල එහෙම තියෙද්දී මගේ වැඩ කිසි තැනක අතපසු කරන්නේ නෑ මම කොහෙත්ම. ටෙලිනාට්‍ය සහ සිනමාපට කිහිපයකටත් මට දායක වෙන්නට අවස්ථාවක් ලැබිල තියෙනවා. මගේ දෙවැනි පිටපත ලියලා අවසන් කළා. තුන්වෙනි පිටපතටත් දැන් අතගහලයි තියෙන්නේ. රට නැවතුණා කියලා අපිට නවතින්නට බැහැ. අපේ වැඩ කොටස අපි හරියට කළොත් තමයි අපේ ගමන අපට යන්න පුළුවන් වෙන්නේ.


ධනංජය සිරිවර්ධන කියන්නේ වෘත්තිමය නිවේදකයෙක් ද නළුවෙක්ද?


මම කිසි විටෙකත් නළුවා ඇතුළේ නිවේදකයෙකු වෙන්නෙත් නෑ. නිවේදකයා ඇතුළේ නළුවෙකු වෙන්නෙත් නෑ. මේ දෙක පටල ගන්න මම කිසිසේත්ම වැඩ කරන්නට බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒකට හොඳම උදාහරණය, මෑත කාලයේදී විකාශය වුණු සියලූ‍ම නාට්‍යවල නිවේදකයකු වෙන්නේ නැහැ. ඒ ඇතුළේ ඉන්නෙ වෘත්තිමය නළුවා පමණයි. මේ විෂයයන් දෙකම හරි බැ?රුම් විෂයන් දෙකක්. මේ දෙක එකිනෙකට වෙනස් විදිහට තමා මම තියාගෙන ඉන්නේ. ඒ වෙනස් විදිහට තියාගෙන ඉන්න දේ බිඳින්න දෙන්න මම කොහෙත්ම කැමැති නෑ.


මෑත කාලයේ දී එකිනෙකට වෙනස් චරිත තුනක් පේ‍්‍රක්ෂකයා අතරට ඔබ ගෙන ගියා නේද?


එකක් තමයි, ”තාදි”‍ ටෙලි නාට්‍යයේ ඩැනියෙල් උයන්ගොඩ කියන චරිතය. එය වෙනම මොඩල් එකට හැදිච්ච චරිතයක්. සෝෂල් මීඩියා හරහා ව්‍යාපාරික ප‍්‍රජාව ගැන කතා කරන ඔහුගේ නැඟිටීම හා බිඳවැටීම මේ තුළ කතා කරනවා. අනෙක් චරිතෙ තමයි දේවින්ද කියන චරිතය. number 9‍ කියන නාට්‍යයේ මගේ චරිතය ප‍්‍රබල එකක්. හැම වෙලාවෙම පේ‍්‍රක්ෂකයන් බලාපොරොත්තු වුණේ පෙම්වතාගේ චරිතය වෙන්න පුළුවන් සුදු සහ උස මහත පුද්ගලයකුගේ දේහ ලක්ෂණ පමණයි. ඒත් එයින් ඔබ්බට ගිය චරිතයක් තමයි දේවින්ද කියන චරිතය. කළු චරිතයක් හැටියටයි මෙය එළියට එන්නේ. number 9 ටෙලිනාට්‍ය මගේ පිටපතක්. ඒ නිසා එහි රංගනය මට තවත් පහසු වුණා. අනිත් චරිතය තමයි මේ දවස්වල විකාශය වන ”වීදුරු මල්”‍ ටෙලි නාට්‍යයේ ධනුක ද අල්විස් කියන පෙම්වතාගේ චරිතය. ඇත්තටම මේ චරිතයට පුදුම විදිහට පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබෙන්නේ. ඒ වගේම මගේ ක්ෂේත‍්‍රයේ ඉන්න ප‍්‍රවීණ නළු නිළියන්ගෙනුත් පුදුමාකාර ප‍්‍රතිචාරයක් මේ වෙනුවෙන් ලැබෙන්නේ. මේ නාට්‍යය ඇතුළේ පුදුමාකාර දෙයක් තියෙනවා. පොඩි මෙගා නාට්‍යයක ස්වරූපයක් ගත්තට මේ ඇතුළෙ කතා කරන්නේ බරපතළ දේශපාලන වස්තු විෂයක්. මෙච්චර කාලෙකට මම නොකරපු චරිතයක් තමයි මේ ධනුක හරහා එළියට එන්නේ. මේ චරිත තුන එකිනෙකට වෙනස්.


අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකවරු ඔබට දෙන චරිත ගැන මොකද හිතෙන්නේ?


ඔවුන් ඕනවට එපාවට මට පිටපත් ගෙනත් දෙන්නෙ නෑ. ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට සාධාරණයක් කරයි කියලා හිතෙන කෙනෙක් තමයි නළුවෙක් ලෙස ඔවුන් තෝරා ගන්නේ. ඒ භාග්‍යය මට ලැබෙනවා. අවුරුදු 20ක ඉතිහාසය තුළ මට ලැබෙන හැම චරිතයක්ම මම ගොඩ දාලා තියෙනවා. මට ලැබෙන චරිතය තුළ මම විශ්වාසය ගොඩ නඟනවා. ඒකෙන් සතුටක් මම ලබනවා. ඒ හින්ද තමයි අධ්‍යක්ෂකවරුන් විශේෂ චරිත සඳහා මාව තෝරා ගන්නේ.


සිනමාවට ඔබ වැඩි ඇල්මක් දක්වන්නේ නැද්ද?


මේ දවස්වල සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කරපු ”‍ ගේම් ”‍ සිනමාපටයේ සුළු චරිතයක් මම කරනවා. මම සිනමාවට එන විට ක‍්‍රමවේද දෙකයි තිබුණේ. ඒ බයිස්කෝප් සිනමාපටයි. කාම රැුල්ලේ සිනමාපටයි. එදා කාම රැුල්ලට ගිය නළු නිළියන් අද සිනමා ලෝකයෙ දකින්නට ලැබෙන්නේ නෑ. ඒ ඔවුන් නිවැරැුදි දිශාව තෝරා නොගත්ත නිසයි. ටෙලි නාට්‍ය කලාවේ ආපු නළු නිළියන් ද අද දක්නට ලැබෙන්නේ නෑ. අපි සිනමාවට ආදරේ කරමින් ටෙලි නාට්‍යත් කළා. මට අවශ්‍ය වුණේ චරිතාංග නළුවෙක් විතරයි. මොකද මම දේහ ලක්ෂණවලින් පිරිපුන් සුපර්ස්ටාර් කෙනෙක් නෙවෙයි ඒ කාලේ. ඒ නිසා වෙන්න ඇති සමහර නිර්මාණ අපිට නොදෙන්න ඇත්තේ. ඒ වගේම තමයි මගෙ සමකාලීනයන්ට සිනමාව අද අහිමි වෙලා. මේ වකවානුවේ සිනමාවට ආපු පිරිසට ටෙලි නාට්‍ය කලාවට යොමු වීමට අවස්ථාව උදා වුණා. අපි ඇත්තටම සිනමාවට එන්නේ වැරදි කාලවකවානුවකයි. ඒ නිසයි අපි ටෙලි නාට්‍ය කලාව වැලඳ ගන්නට සිදු වෙන්නේ. වර්තමාන තත්ත්වය ඒ ආකාරයෙන් ම සිදු වෙනවා. එක්තරා කල්ලියක් විසින් මේක මෙහෙයවනවා. ඒ දේ ඇත්තටම සිනමාව තුළ සිදු වෙනවට මම නම් කොහෙත්ම කැමති නෑ. ඒකෙන් දක්ෂයාට තිබෙන ඉඩකඩ ඇහිරී යන ස්වභාවයක් පමණයි දක්නට ලැබෙන්නේ.


නවක අධ්‍යක්ෂවරු ගැන ඔබ දරන මතය කුමක්ද?


විකල්ප ධාරාවේ තරුණ අධ්‍යක්ෂකවරු ගොඩක් ඉන්නවා. ඔවුන්ගේ නිර්මාණ තුළ හොඳ නිර්මාණ අපිට දක්නට ලැබෙනවා. විදේශීය සිනමා උලෙළ නියෝජනය කරමින් කෙටි චිත‍්‍රපට, දිගු චිත‍්‍රපට වශයෙන් ඔවුන් සියලූ‍දෙනාම සම්මාන ලබනවා. මෙයාකාරයෙන් මේ තරුණ පිරිස එළියට එන එක ගැන අපි ආඩම්බර විය යුතුයි. මේ ඒකාධිකාරය බිඳ දැමිමට එකතු වුණේ මේ තරුණ පිරිසයි. තියෙන එකම විකල්ප ක‍්‍රමවේදය තරුණ පිරිස් නැඟී සිටිම පමණයි. මේ තරුණ පිරිස හරිම වාසනාවන්තයි. ඒ කාලේ වගේ නෙවෙයි. ඒ කාලේ පැවතියේ ඒකාධිකාරය බිඳ හෙළමින් ඔවුන්ගේ නිර්මාණයේදී ඇවිත් ඔවුන් සිනමා ලෝකයේ ඇවිදින්නට ගන්නවා. එක හොඳ ප‍්‍රවණතාවයක් සිනමාව තුළ. මේ ඒකාධිකාරය කඩා බිඳ සුනු විසුනු කරන්නට එවැනි දේවල් සිදු විය යුතුයි.


මේ තුළ ඔබේ ආදරය හා කැමැත්ත වඩාත් රැුඳී පවතින්නේ කොහේද?


මගේ ආදරේ ඇත්තටම රඳාපවතින්නේ ටෙලි නාට්‍ය කලාව තුළයි. එයට හේතු පාදක වන්නේ මට සිනමාව අභිපේ‍්‍රණය කරන්නට ටිකක් අපහසු නිසා යි. ටෙලි නාට්‍ය කලාව තුළ හිටියාට සිනමාවට තමයි අපි එබිකම් කර කර ඉන්නේ. සිනමාව අභිපේ‍්‍රරණය කරමින් ටෙලි නාට්‍ය කලාව දැන් ගොඩක් ඉදිරියෙන් සිටින්නේ. සිනමාහල් කරා ඇඳී යාමට නොහැකි පේ‍්‍රක්ෂකයන් අද ටෙලි නාට්‍ය කලාවට සහ රූපවාහිනියට හුරු වී හමාරයි.



මෙගා රැල්ල ගැන ඔබේ අදහස කුමක්ද?


මෙගා කියන රැුල්ලට මම විරුද්ධ නෑ. මොකද මමත් ඔය මෙගා ටෙලි නාට්‍ය දෙක තුනකම රංගනයේ යෙදිලා තියෙනවා. හැබැයි මම දැන් එතැන නෑ. හැමදාම මිනිස්සුන්ට සම්භාව්‍ය කොටස යටතේ ජීවත් වෙන්න බෑ. බල බලා ඉන්නත් බැහැ. ඒ නිසා විකල්ප ධාරාවන් සෙවිය යුතුයි. සම්භාව්‍ය, වාණිජ කියන අතර සිනමා පටයක් නිර්මාණය කිරීම තුළ පළමුවෙන්ම සිනමාවට මුදල් කොපමණ ප‍්‍රමාණයක් යෙදවිය හැකිද? අපි ළඟ තිබෙන මුදල කොපමණද කියා හරියටම මේන්ටේන් කරන්නෙ ක්ෂේත‍්‍රයේ උඩට ගෙන ඒමටයි. සමහරක් නළු නිළියෝ හිතනවා ඔවුන්ට හිමි වෙලා තියෙන නියම තැන මෙගා තමයි කියලා. හැබැයි ඔවුන් වරද්ද ගන්න තියෙන එකම තැනත් එතැනයි. මම අනිවාර්යෙන්ම කියනවා අලූ‍තෙන් ක්ෂේත‍්‍රයට එන නවක නළු නිළියන් ඔවුන් හැම වෙලේම හිතන්නේ සබිඒටර්ප එකෙන් හරි ටික්ටොක්වලින් හරි ඔවුන්ගේ යම් දෙයක් කොහොම හරි වීඩියෝවකින් ෂෙයා කළාට පස්සේ ඔවුන් තමයි නළුවා හෝ නිළිය කියලා. ලේබල් ගහ ගන්නවා නම් ඔවුන් වරද්ද ගන්න මුල්ම තැන එතැනයි. නළුවකු හෝ නිළියක වෙනවා කියන්නේ වෙනමම අනන්‍යතාවයක්. කෙසේ නමුත් ස්ටාර් කෙනෙක් වෙනවා කියන එක නම් ලේසි පහසු දෙයක්වත් නෙවෙයි. එයට අවශ්‍ය අඩිතාලම දමා ගෙන තමන්ගේ අරමුණ කරා ගමන් කළ යුතුමයි. ඉන්පස්සෙයි අර තරු සලකුණු සොයා ගැනීමට හැකි වන්නේ. එතෙක් ක්ෂේත‍්‍රය තුළ හොඳට ඉගෙන ගත යුතුයි.


ප‍්‍රවීණයන් හා ආධුනිකයන් අතර බැඳීමක් නැද්ද?


බැඳීමක් නැත්තෙම නෑ කියන්නේත් නෑ. තියෙනවා කියලා කියන්නත් බෑ. වර්තමානය වන විට ආධුනිකයන් සහ ප‍්‍රවීණයන් අතර පොඩි පොඩි ඝට්ටන තියෙනවා තමයි. එයට හේතුව තමයි ඔවුන් ක්ෂේත‍්‍රය තුළ අවබෝධයකින් තොරව කටයුතු කිරීම. ඔවුන් ප‍්‍රවීණයන්ට ගරු කිරීමක් නෑ. ප‍්‍රවීණයන්ගෙන් ඉගෙන ගැනීමත් නෑ. එහෙම වුණාට පස්සේ ඉදිරි අනාගතය හරිම දුකක් අපිට දැනෙන්නේ. මේ එන සියලූ‍ දෙනාම හරිම කලබලකාරී ජීවිතයක් ගත කරන්නේ. ක්ෂේත‍්‍රය තුළ අවබෝධයෙන් කටයුතු කරන්න අපි නම් ඒ දවසම ඔවුන් සමඟ කටයුතු කළා. ඔවුන් අපිව අල්ලාගෙන හරිම ළෙන්ගතු ලෙසට අපිව ළඟින් වාඩි කරගෙන බොහෝ දේවල් ඉගෙන ගන්නට කියා දුන්නා. ඒ නිසා තමයි, අද අපි මෙවැනි තැනක ඉන්නේ. අපි ඔවුන්ව මතක් කළ යුතුමයි. මම නම් කොහෙත්ම කාගෙන්වත් ගෞරවයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ගෞරවයක් එක පැත්තකින් සලකුණක්. ප‍්‍රවීණයන් කියන්නෙත් ක්ෂේත‍්‍රය තුළ අපි වැඩක් කළ යුතුයි කියලා. ඔවුන්ගේ වයසට සරිලන වැඩ කරලා තිබ්බොත් ඒ ගෞරවය අනිවාර්යයෙන් ඔවුන්ට හිමි වෙනවා.


”‍ ප‍්‍රාණ ”‍ පාඨමාලාවට මොකද වුණේ?


ඉදිරියේදී පාඨමාලාව කරගෙන යන්න තමයි අදහස් කරන්නේ. ඒ සඳහා ඉදිරියේදී හො`ද වැඩපිළිවෙළක් යටතේ සාර්ථක ලෙස කරන්න බලාපොරොත්තු වෙනවා. ප‍්‍රාණ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙනවා නම්, මගේ මුහුණු පොත හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. හරි තැනින් රංගනයට පිවිසෙන්නට ඔබට අවස්ථාවක් ලෙසයි. එන්න කියන්නේ මේ ප‍්‍රාණ කණ්ඩායමත් සමඟ අනාගතය බෙදා ගන්නයි.


නළු ප‍්‍රවේශයෙන් අයින් වෙලා තිර රචනයට සහ අධ්‍යක්ෂණයට එන්න අදහසක් තියෙනවාද?


ලොකු බලාපොරොත්තු තියාගෙන මම වැඩ කරන්නේ නැහැ. හැබැයි, තිර රචනයේදී මම හොඳයි දක්ෂයෙක් කියලා මට දැනෙනවා. ඒ නිසා තමයි මම දැන් තිර රචනා දෙකක් කරලා අවසන් කළේ. තුන්වෙනි කාරණාවට අත ගහන්න අදහසක් තියෙනවා. ඒ වගේ මගේ මුල්ම තිර රචනයේදී අධ්‍යක්ෂවරයා විසින් අවසානයේ වෙනස් කරපු එක ගැන මම දැඩි හිත් තැවුලකින් ඉන්නේ. ඒත් අධ්‍යක්ෂවරයාට අයිතියක් තියනවා තිර රචනය වෙනස් කිරීමට. ගොඩක් දෙනෙක් අහනවා බමපඉැර 9වලට අවසානයේ මොකද එහෙම වුණේ කියලා. එවිට මම නිහඩ පිළිවෙතක් අනුගමනය කරනවා. ඒ නිසා මම හිතුවා මම පිටපතක් ලිව්වොත් ඒ පිටපත මමම අධ්‍යක්ෂණය කරනවා කියලා. මම දැන් දඟලන්නේ මම දන්න දෙය හරි ආකාරව කරන්නටයි.


ධනංජය සිරිවර්ධන කියන පියාගේ චරිතය කොහොමද?


ඒක නම් ඇත්තටම අහන්න ඕනේ දුවගෙන්. මගේ මෞර්යා තමයි මාව තාත්තා කෙනෙක් බවට පත් කළෙත්, ගේය පද රචකයකු බවට පත් කරන්නේත්. ඒ තරම් වස්තුවක් තවත් මට නැහැ. ජීවිතේ සමීප කරගන්න පුළුවන් තරම් අත්දැකීමක් නෙවෙයි ඒකට තාත්තා කෙනෙක් වෙලාම බලන්න ඕනේ. එයා අපිට දස වධ දෙමින් පොඞ්ඩ පොඞ්ඩ ලොකු වෙනවා ඒක බලා ඉන්න එක තරම් දෙයක් තවත් නෑ අපි දෙන්නාට.


ක්ෂේත‍්‍රය තුළ ඔබ තරම් පෙම්වතෙක් නැහැ කියල කියන එක ඇත්තක්ද?


ගොඩක් දෙනෙක් එහෙම කියනවා. හැබැයි ඉතින් මම ඒ කට්ටියගෙන්ම තමයි අහන්න ඕනේ ධනංජය හො`ද පෙම්වතෙක් ද කියලා. හැබැයි ඉතින් මේ පෙම්වතුන්ගේ චරිතය, චරිතයකට පමණයි සීමා වෙන්නේ. එතනින් ඔබ්බට දෙයක් නැහැ. හැබැයි ඉතින් ඔබ කියන එක හරි නළුවෙක් වෙන්න ලොකු ඇරියස් එකක් තියෙන්න ඕනේ. ඒ ඇරියස් එක තමයි මේ නිර්මාණ හරහා පිට කරන්නේ. ඒ නිසා අපිට ඇරියස් නෑ. පේ‍්‍රමය සම්බන්ධව ලිංගිකත්වය සම්බන්ධව මනුෂ්‍යත්වය සම්බන්ධව ධනේශ්වරය සම්බන්ධව විකල්ප දේශපාලනයක් සම්බන්ධව ඇරියස් මේ නිර්මාණ හරහා පිට කරල දානවා. හිත ඇතුළෙ තියාගෙන පැහැව පැහැව ඉන්නවට වැඩිය අපිට මේක එළියට දාන්න පුළුවන් ඉක්මනින්ම. එහෙම නැති කෙනෙක් තමයි මේ වගේ දේවල් ප‍්‍රකාශනයෙන් ඉදිරිපත් කරන්නේ.


චැට් ඇන්ඞ් මියුසික් වැඩසටහනෙන් ඔබ හිටි හැටියේම අතුරුදන් වෙනවාද?


මම එහෙම අතුරුදන් වෙන්නේ නැහැ. හැබැයි මම කලාකරුවන් වෙනුවෙන් කලාකාරයො එක් රැුස්වුණු තැනකට එකතු වුණා. එකතු වෙන ප‍්‍රතිඵලයක් හැටියට තමයි මම පමිසජ චරදටර්ප එකෙන් එළියට විසි වෙන්නේ. වෙච්ච දේවල්වල අග මුල සොයන්න මට අවශ්‍ය නෑ. අනික ආයතනයක විනය ක‍්‍රියා පටිපාටියක් තියෙනවා. ඒවට අත ගසන්නට මට කිසිසේත්ම අයිතියක් නැහැ. මම ජය්එ ්බා පමිසජ චරදටර්ප එකට සම්බන්ධ වෙන්නේ සුදත් රෝහණයන් ඉන්න කාලේ. වසර දෙකහමාරක් ක්ෂේත‍්‍රයේ ඉන්න සියලූ‍ දෙනාම සම්බන්ධ කරගෙන වෙනස්ම විදියකට මම ඒ වැඩසටහන ගෙන ගියේ. එදා ඒ වැඩසටහනට සහභාගි වෙච්ච පිරිස අදත් අහනවා මගෙන් මොකද වුණේ කියලා. කොහොම වුණත් අපි කරන හොඳ නරක පමණයි ඉතිරි කර යන්න වෙන්නේ. මම මේ ඇතුළෙ වැඩසටහන් 100ක් කළා. පේ‍්‍රක්ෂකයාට ඕන දේ මට දෙන්න පුළුවන් වුණා. විනෝදාස්වාදයට එහා ගිය හොඳ අවකාශයක් නිර්මාණය වුණා. අඩු වැඩි නැතිව සියලූ‍ දෙනාම එක හා සමානව මේ වැඩසටහන තුළ වැඩ කටයුතු කළා. මේ වැඩසටහන ජය්එ චරදටර්පවලින් කළ පළමු එක. රූපවාහිනී මහගෙදරින් මෙවැනි වැඩසටහනක් කළාට පස්සේ තමයි, විවිධ නාලිකා මේ හරහා ආභාසය අරගෙන කරන්න පටන් ගෙන තියෙන්නේ. ඒ ගැන අදත් මම හරිම සතුටින් කතා කරන්නේ.


ඔබගේ නිර්මාණ කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?


මගේ රංගන ජීවිතය හා පවුල් ජිවිතය කියන්නේ දෙකක්. ඒ දෙක පටලාගෙන මම ජිවිතේ ගෙවන්නේ නැහැ. මගේ බිරිඳ මට හොඳ සහයෝගයක් දෙනවා. හැබැයි ඉතින් කියන්න බෑ මගේ දුවගෙන් කොහොම ප‍්‍රශ්නයක් ඇති වෙයිද කියලා. මගේ වැඩ කටයුතුවලට මට ගෙදරින් කිසිම බලපෑමක් නෑ. ඇඟිලි ගැසීමක් නෑ. ඒවා රංගන ජීවිතේට පමණයි. මගේ වැඩකටයුතු සියල්ල මම මේ ආකාරයෙන් කරගෙන යනවා.


හෙට දවසේ පරම්පරාවට කියන්න තියෙන්නේ මොනවාද?


ටික් ටොක් සංස්කෘතියෙන් අයින් වෙලා, රටට යමක් කරන්න පුළුවන් පරම්පරාවක් ලෙස ඉදිරියට එන්න කියන එක තමයි මේ මොහොතේ මට කියන්න තියෙන්නෙ. රට වැටිල තියෙන වෙලාවක තරුණ පරම්පරාව හැටියට ඔබේ අනාගතය ගොඩනඟන්න ඕන නම් සියලූ‍ දෙනාම එකතුවෙලා ”අපි මේ රට ගොඩනඟමු”‍ කියලා තමයි මට දෙන්න තියෙන හොඳම පණිවිඩය.


නිශ්ශංක විජේරත්න





Previous Post Next Post