මෙරට චිත්‍රපට නිෂ්පාදිකාවන් අතර වඩාත්ම සංවිධානාත්මක ලෙස චිත්‍රපට නිෂ්පාදනයේ නියැළෙමින් හා එය තිරගත වීමේ දී ඉතා විශිෂ්ට පරිපාලනයකින් එය මෙහෙයවන්නාවූ නිෂ්පාදකවරිය කවුරුන්දැයි විමසු කල එයට එකම උදාහරණය රේණුකා බාලසුරියයි. ඇය නිපදවූ නවතම චිත්‍රපටය ජංගි හොරා පිළිබඳව ඇය සමඟ කළ සංවාදයකි මේ,
ඔබගේ නවතම නිෂ්පාදනය වූ ජංගි හොරා මේ දවස්වල ජයග්‍රාහී ගමන් මඟක බවයි පෙනෙන්න තියෙන්නේ?
වසර දෙකකට කිට්ටු කාලයක් සිනමා ශාලා වසා තිබුණු වකවානුවක විශාල ප්‍රශ්න ගොන්නක් මධ්‍යයේ පේ‍්‍රක්ෂකයෝ සිනමා ශාලාවලින් ඈත්වෙලා හිටිය කාලයක තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නේ. මේ වෙනකොට සිනමා ශාලා තිස් අටක ජංගි හොරා චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා. ඒ අතරින් සමහර සිනමා ශාලා හවුස් ෆුල්. ඉකුත් වසරේ දෙසැම්බර් 23 වැනිදා අපි මේ චිත්‍රපටය ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල පෙන්වන්න පටන් ගත්තා. අද වෙනකොටත් ජංගි හොරා චිත්‍රපටයට හොඳ පේ‍්‍රක්ෂක සහභාගිත්වයක් තියෙනවා. පෙබරවාරි නමවෙනිදා අපේ චිත්‍රපටය සිනමාශාලා වලින් ප්‍රදර්ශනයෙන් ඉවත් කරන්න හිටියේ. ඊළඟ ප්‍රදර්ශනයට නියමිත චිත්‍රපටයට සිනමාශාලා භාරදීමට තිබූ නිසා ඒත් ඒ චිත්‍රපටය තවදුරටත් පසුව ප්‍රදර්ශනයට කැමැත්ත පළ කළ නිසා අපේ චිත්‍රපටයට තවදුරටත් රැඳී සිටින්න අවස්ථාව උදා වුණා.
ඔබගේ නිෂ්පාදනයක් වූ ජංගි හොරා සිනමා නිර්මාණය නැවතත් සිනමා ශාලාවල රාත්‍රී 9.30 දර්ශනය ආරම්භයට හොඳ උත්තේජනයක් සැපයෙව්වා?
ඔව්. ඒ ගැන මට චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස තියෙන්නේ නිහතමානී සතුටක්. ඉස්සර රාත්‍රී 9.30 දර්ශනය සිනමාශාලාවල තිබුණත් පසු කලෙක එම දර්ශන වාරය සිනමා ශාලාවලින් අවලංගු වෙලා ගියා. මට මතක හැටියට අසූව දශකයේ අග භාගයෙන් පසු නැවත සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය සඳහා රාත්‍රී 9.30 දර්ශන වාරය ආරම්භ වූ ප්‍රථම අවස්ථාව මේක.
වසර දෙකක් පුරා කොරෝනා වසංගතයත් සමඟ වැටිලා හිටපු සිනමා කර්මාන්තය වහල තිබුණ සිනමා ශාලා අවදි කරලා ගත් චිත්‍රපටයක් තමයි ඔබගේ ජංගි හොරා මේ අවදිවීම චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස ඔබ දකින්නේ කොයි ආකාරයට ද?
සිනමාව කියන්නේ තනිකරම පේ‍්‍රක්ෂකයා මතම යැපෙන කර්මාන්තයක් පේ‍්‍රක්ෂකයා නැතුව සිනමාවට පැවැත්මක් නෑ. සිනමාකරුවන් හිටියට වැඩක් නෑ. පේ‍්‍රක්ෂකයා නැත්නම්. කොවිඩ් නිසා මේ වෙනකොට තිබුණු සිනමා ශාලාත් වැහිල ගිහින් තිබුණේ. සමහර සිනමා ශාලාවල කාලයක් උපකරණ ක්‍රියා විරහිත වී තිබීම නිසා ඒ උපකරණ විනාශ වෙලා තිබුණේ. ඒ උපකරණ නැවත අලුත් වැඩියා කරන්න අවශ්‍ය දේ පිටරටින් ගෙන්වගන්න අපහසු වෙලාවක් මේක. කවුද ඔවුන්ට මේ සඳහා උදව් කරන්නේ. මේ රෝග ව්‍යසනය නිසා ඔවුන් නැත්තටම නැතිවෙලා ඉන්නේ. එහෙම වේලාවක තමයි මගේ චිත්‍රපටය පෙන්වන්න පටන් ගත්තේ. චිත්‍රපටය රිලීස් කරන කොට නිෂ්පාදකයෙක් ලෙස මට ආ ප්‍රධාන ප්‍රශ්නය වුණේ චිත්‍රපටයෙන් දිනකට ලැබෙන ආදායම අපිට ප්‍රමාණවත්වීමට සුදුසු සිනමාශාලා තිබේද යන්නයි. එහෙම නැත්තම් අපි චිත්‍රපටය වෙනුවෙන් වියදම් කළ මුදලවත් හොයාගන්නේ කොහොමද? අපිට ඕනේ පේ‍්‍රක්ෂකාගාරයක් ඇති සිනමාශාලා. ඔය ප්‍රශ්නය තුළ ඉඳගෙන තමයි ජංගි හොරා මුදාහැරියේ. කොහොම හරි පේ‍්‍රක්ෂකයෝ මොන ප්‍රශ්න තිබුණත් ජංගි හොරා සොයන්න සිනමා ශාලාවලට ඇදුණා. චිත්‍රපටය රිලීස් කරලා පළමු සතියේ පේ‍්‍රක්ෂකයාගේ තිබුණු උනන්දුව නිසාම සමහර හෝල් වසර දෙකක් වහල තිබුණත් හවුස් ෆුල් වුණා.
ඔබ කියන්නේ වැටුණු සිනමාවට ජංගි හොරා හොඳ උත්ප්‍රේරකයක්?
නිෂ්පාදිකාවක් වශයෙන් මම කියන්නේ හොඳ පේ‍්‍රක්ෂකාගාරයක් ඇතිවෙන්න නම් හොඳ සිනමා ශාලා ජාලයක් අපිට තියෙන්න ඕනේ. හොඳ සිනමා කරුවෝ හිටියට වැඩක් නෑ. හොඳ චිත්‍රපට හැදුණට වැඩක් නෑ. සිනමා ශාලා ජාලයක් නැතුව අඩුම තරමින් සිනමා ශාලා පණහක් හැටක් තිබිය යුතුයි. චිත්‍රපටයක් එකවර දුවන්න. අඩු පිරිවැයකින් ද වැඩි පිරිවැයකින් ද චිත්‍රපටය කළේ කියල නෑ. චිත්‍රපටයට තියන ආයු කාලය කොයි දේටත් පොදුයි.
දවසක ආදායම තමයි නිෂ්පාදකට වැදගත්. චිත්‍රපටය හොඳ නම් ජනආකර්ෂණය ලැබෙයි. අපි කොච්චර පබ්ලිසිටි දුන්නත් පේ‍්‍රක්ෂකයට එපා නම් එපා.
සෝමරත්න දිසානායක කියන සිනමාකරුවා සමඟ සුසංයෝගයෙන් මෙතෙක් ඔබ නිෂ්පාදනය කළ චිත්‍රපට සඳහා ලබා දුන් වෙළෙඳ ප්‍රචාරයක් ජංගි හොරා සඳහා ලබා නොදුන්නේ ඇයි?
ඒකට ප්‍රධාන හේතුව මට මුදල් නැතිකම. මගේ සුනාමි චිත්‍රපට නිෂ්පාදනය ප්‍රදර්ශනය වෙමින් තියන කොට කොවිඩ් නිසාවෙන් අතරමඟ නතර වුණා. ඒ චිත්‍රපටයට මම ඒ වෙනකොට කෝටි දෙකක විතර ප්‍රචාරයක් ලබාදීල තිබුණා. නමුත් චිත්‍රපටය නතර කරන්න වීම නිසා මම විශාල ආර්ථික අර්බුදයක හිර වුණා. මේ තත්වය තුළ මට ජංගි හොරාට ප්‍රචාරයක් කරන්න තරම් වපසරියක් තිබුණේ නෑ. අනික මගේ ජංගි හොරා පවුලේ චිත්‍රපටයක් නොවුණ නිසා මම ඒ සඳහා අලුත් මාවතක් හොයා ගත්තා. ඔන්ලයින් මීඩියා, අතේ සෙලියුලර් ෆෝන් එකක් තියන පිරිස් මම ඉලක්ක කර ගත්තා ජංගි හොරා කියන භාණ්ඩය විකුණන්න. චිත්‍රපටය දාලා සතියක් ගියේ නෑ. සිනමා ශාලා හවුස් ෆුල් වුණා. ලංකාවේ වැඩිම ආදායමක් ඉපැයූ මගේ සිරිපැරකුම් චිත්‍රපට නිෂ්පාදනයට ඒ චිත්‍රපටය තිරගත වූ මාස හයක කාලයට පබ්ලිසිටි වෙනුවෙන් රුපියල් ලක්ෂ හයසීයක් මම වියදම් කළා.
ඔබ නිෂ්පාදනය කළ සිනමා කෘති සංචිතයෙන් අවසන් චිත්‍රපටය ජංගි හොරා?
මම තනියෙන් නිෂ්පාදනය කළ සියලු චිත්‍රපට මේ වන විට ප්‍රදර්ශනය වෙලා අවසන්. ජංගි හොරාත් සමඟ අපි මේ චිත්‍රපටය කළේ විශාල පිරිවැයක් කරලා කරපු චිත්‍රපට දෙකක් අතර ලැබුණු කාල පරාසයක් තුළ ඒත් අපි ඒ ලොකු චිත්‍රපට පෙන්වීමට ප්‍රමුඛතාව දුන්නා මිසක් මේ සඳහා එතරම් උනන්දුවීමක් කළේ නෑ. නමුත් දැන් අපි පත්වෙලා ඉන්න තත්ත්වයෙන් ගොඩ එන්නත් දැනට චිත්‍රපට බෙදාහැරිමේ තිබෙන සංකීර්ණතාවයත් නිසාවෙන් තවදුරටත් අපේ නිර්මාණය නොපෙන්වා සිටීමට අපිට බැරිවුණා. ඒකයි ජංගි හොරා පේ‍්‍රක්ෂකයන් ඉදිරියට ගෙනාවේ.
ඔබත් සමඟ චිත්‍රපට නිර්මාණ කළ සෝමරත්නයන් මින් ඉදිරියට වැඩිහිටියන්ට පමණක් ආමන්ත්‍රණය කරයිද?
සෝමරත්නයන් එදා ඉඳලා සිනමා නිර්මාණ ඔස්සේ කතා කළේ ළමා සිතට නොවෙයි. ළමයි හරහා වැඩිහිටියන්ට. මේ ජංගි හොරා චිත්‍රපටයෙන් සෝමේ කරන්නේ වැඩිහිටියන් හරහා වැඩිහිටියන්ට කතා කිරීමක්. අපේ මීට කලින් චිත්‍රපට ඕනෙම වයස් සීමාවක කෙනෙක් බලලා රසවිදින්න පුළුවන් මට්ටමේ නිර්මාණ. මේ චිත්‍රපටය වැඩිහිටියන්ට අදාළ මාතෘකාවක්. මෙතැනදී අපි කතා කරන වින්දිතයාත් වැඩිිහිටියෙක්. ඒ තත්ත්වයට ඔහුව පත් කරන්නෙත් වැඩිහිටියන්. මේ චිත්‍රපටය බලල ආකල්ප වෙනස් කරගන්න ඕනේ වැඩිහිටියෝ ඒ නිසා ඔවුන්ටයි මේක වැදගත්.
අපේ සිනමා ඉතිහාසය දෙස ආපසු හැරිලා බැලුවොත් සිනමාකරුවෝ මෙන්ම නිෂ්පාදකයෝත් තමන් කළ නිර්මාණයක් සාර්ථකවීමත් සමඟ එවැනි ගණයේ චිත්‍රපට කරන්න තමයි වඩාත් කැමැති. ඔබත් ජංගි හොරා සාර්ථක වීම නිසා ඒ ක්‍රියා පිළිවෙත අනුගමනය කරනවාද?
නෑ. ජංගි හොරා කළා ඒක එතැනින් ඉවරයි. ආදායම් ලැබුවා. හවුස් ෆුල් වුණා කියලා තව තව ජංගි හොරු හොයාගෙන යන්නෑ. මේ ජංගි හොරා වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක් වුණාට කාමුක චිත්‍රපටයක් නොවෙයි. අද නිරුවත කියන දේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා ඉවරයි. ජංගම ස්මාට් දුරකථනයකින් අද ඕනෙ කෙනෙකුට නිරුවත කියන දේ අත ළඟටම ඇවිත්. නිරුවත බලන්න ඕනේ කියල කවුරුවත් සල්ලි දීලා සිනමා ශාලාවකට එන්නෑ. චිත්‍රපටයක වැදගත්කමක් තමන්ට තියෙනවා නම් විතරයි බලන්න එන්නෙත්. චිත්‍රපටයක් බලන්න යන්න හොඳම ප්‍රචාරක මාධ්‍ය තමයි කටින් කට යෑම. ඒක මම අත්දැක්ක අවස්ථාවක් තමයි ජංගි හොරා චිත්‍රපටය. හොඳ නිර්මාණ, සිනමා කරුවන් අතරින් බිහි වෙන්න නම් නිෂ්පාදකයෝ පැත්තෙන් ඒ නිර්මාණ සමාජගත කරන්න නම් හොඳ සිනමාහල් ජාලයක් රටපුරා තියෙන්නත් ඕනේ.
හවුස් ෆුල් වුණත් තාම ජංගි හොරා බලල තියෙන්නේ ලක්ෂයක් වගේ පේ‍්‍රක්ෂකයෝ පිරිසක් නේද?
ඒකට හේතු කීපයක් තියෙනවා. කොරෝනා තත්ත්වය තුළ සිනමා ශාලාවක සිටිය යුතු පේ‍්‍රක්ෂකයෝ සීමා කරලා. තව පැත්තකින් ප්‍රදර්ශනය කරන සිනමා ශාලා සීමා සහිත වෙලා. මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න නිසා. ටිකට් මිල ශාලා හිමියන් අඩු වැඩි කරලා මොන දේ වුණත් තමන්ට ඕනෙ නම් විතරයි චිත්‍රපටයක් බලන්න යන්නේ. නිකන් දුන්නත් ඕනෙ නැත්නම් යන්නේ නෑනේ බලන්න. ඔළු ගෙඩි වැඩි වුණා කියලා ටිකට් එකේ මිල අඩුවුණා කියලා නිෂ්පාදකයාට ආදායම වැඩිවෙන්නේ නෑ. එක ඔළුගෙඩියකින් ලැබෙන ආදායම කීදෙනෙක් අතර බෙදිලා ද නිෂ්පාදකයා අතට එන්නේ.
චිත්‍රපට නිෂ්පාදිකාවක් වීම ගැන ඔබට මොකද හිතෙන්නේ?
චිත්‍රපටයක් හදන කොට ඒක නිර්මාණයක් ඒක පෙන්වන කොට භාණ්ඩයක්. මම දුන්න දෙයක් තමයි මට පෙරළා ආපසු ලැබෙන්නෙත්. මේ කාලය පුරා චිත්‍රපට දාසයක් වෙනුවෙන් මම නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙනවා. ඒ අතරින් අපේ පවුලේම චිත්‍රපට දහයකම මම නිෂ්පාදකවරියක් ලෙස තනිව දායක වුණා. සංකාරා, කුසපබා, දැවෙන විහඟුන්, තුන්පත් රෑන, චිත්‍රපට සඳහා සමනිෂ්පාදනයෙන් දායක වුණා. තන්හා රතී රඟා, සෙවණැලි චිත්‍රපට සඳහා විධායක නිෂ්පාදනයෙන් දායක වුණා. මෙයින් තුන්පත් රෑන, සෙවණැලි චිත්‍රපට ඉදිරියේ දී තිරගත වෙන්නත් තියෙනවා. මේ තාක් මේ ගමන එන්න මට උදව් කළේ මගේ චිත්‍රපට රසවින්ද පේ‍්‍රක්ෂකයෝ. ඔවුන් මාත් එක්ක තාමත් එකාමෙන් රැදිලා ඉන්නවා කියලා මට යළිත් වරක් ඔප්පු කරලා පෙන්නුවා. පේ‍්‍රක්ෂකාගාරය මැරිලා නැහැ කියලා මට ජංගි හොරා පෙන්නලා දුන්නා. සිනමාව අතහැර නොයන්න මා තුළ උත්තේජනයක් යළිත් ඇතිකොට තවත් නිර්මාණයක් කෙරෙහි මා තුළ බලාපොරොත්තු දල්වාලන්න මට හයියක් වූ සියලු පේ‍්‍රක්ෂකයන්ට සහ ඒ වෙනුවෙන් මා දිරිමත් කළ සියලු මාධ්‍යයන්ට මා ස්තූතිවන්ත වෙනවා.

චන්දන දයාසිරිවර්ධන