කරීනා ළඟදීම අලුත් වැඩක් කරනවාලු



කරීනා කපූර් සිය දෙවන දරු ප්‍රසූතියෙන් වසරකට පසුව නැවතත් සිනමාවට  පිවිසීමට සූදානම්ව සිටින බව බොලිවුඩයෙන් වාර්තා වේ. The Devotion of SuspectX හි නිල හින්දි අනුවර්තනයක් ලෙස මෙම චිත්‍රපටය  නිර්මාණය වේ. මෙහි ප්‍රධාන චරිත සඳහා ජායිදීප් අහ්ලාවත් සහ විජය වර්මා යන අය සම්බන්ධ වන බවද පැවැසේ. 

මාර්තු මාසයේදී බටහිර බෙංගාලයේදී  මෙහි රූගත කිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නිෂ්පාදන  කණ්ඩායම පවසා ඇත.  චිත්‍රපටයට පාදක වන නවකතාව ඇගේ හිටපු සැමියා අහම්බෙන් මරා දැමූ තනි මවක් වටා ගෙතී ඇත. මෙම චරිතය සඳහා කරීනා මේ වන විටත් සූදානම් වෙමින් පවතින බව ආරංචි වේ. 


කුශාන්ති අනුරාධා බණ්ඩාර


 








Previous Post Next Post