“දයාවති” ඒ ඇයව මුළු රටම හදුනන නමයි. වේදිකාවෙන් කලාවට පිවිස පුංචි තිරයත්, රිදී තිරයත් ඇය ජයග්‍රහණය කළේ සෙමින් ගමනක දිගුකල් පැවැත්මක් ඇති බවට සාක්ෂි දරමිනුයි. සිනහව කොතැනද ඇය එතැන යැයි හැඟෙන තරමටම ඇය ප්‍රහසනයෙන් හිණිපෙත්තට ගොස් හමාරයි. සුසිලා කෝට්ටගේ, ඉතිං මේ දවස් වල අලුත් වැඩ ගැන ඇය මේලස පවසා තිබුනා.
කොහොමද මේ දවස් දවස්වල ජීවිතේ?
මේ දවස්වල කොරෝනා එක්කයි සටන.
අසනීප තත්ත්ව ය කොහොමද?
දැන් සුව අතට හැරෙමින් පවතිනවා.
කලා කටයුතු ගැන කිව්වොත්?
ඉස්කෝලේ නාට්‍යයේ අත්තම්මාගේ චරිතයට පණ පොවනවා. පෝය නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු සිදුකළා. ඒ වගේම සිරස නාළිකාවේ Honey Funny වැඩසටහනට නිවේදන කාර්යයෙන් සම්බන්ධ වී සිටිනවා.
ඔබ චරිතාංග රංගන ශිල්පිනියක් වුවත් මේ වන විට ඔබව දකින්න ලැබෙන්නේ ප්‍රහසනයෙන් පමණයි. ඔබ එකී අංශයට පමණක් කොටු වෙලාද?
මං ප්රහසනට කොටුවෙලා නැහැ. ඉස්කෝල්ලේ නාට්‍යයේ මං සිදුකරන්නේ නපුරු අත්තම්මාගේ චරිතයක්. ටෙලි සිනමා සිත්තම් කිහිපයක වැඩකටයුතු මේ දිනවල සිදුකළා. ඒවායෙත් මං සිදුකරන්නේ සීරියස් චරිත. මාව සමාජය අතරට යන්නේ ප්‍රහසනයෙන් වුණාට මං ප්‍රහසනයට කොටු වෙලා නැහැ.
රංගන ජීවිතයට වේදිකාවෙන් ලැබුණු පන්නරය කෙබදුද ?
වේදිකාවෙන් ලැබුණු පන්නරය වත්ම ශක්තිය තමයි තාමත් අපේ ඇඟේ දුවන්නේ. චිත්‍රපටවලට රංගනයෙන් දායකවුණු අයට චරිත තේරුම් ගන්න, දෙබස් මතක තියාගන්න තරමක් අසීරුයි. එකී අපහසුව අපට නොදැනෙන්නේ වේදිකාව නිසා. වේදිකාව තරම් තෘප්තිමත් වෙන තෝතැන්නක් තවත් නැහැ. ඒ අපූරු වේදිකාව අහිමි වේද යන බිය දැන් අපට තියෙනවා.
ඔබගේ රංගනය ඇගයුමට ලක්වුණා කියා විශ්වාස කරනවද?
ඇගයුම් කියනෙම විහිළුවක්. ඇගයුමට ලක් වුණු අයව මිනිස්සු අන්දදුරන්නේ නැහැ. ඒකයි මට තියෙන ගැටලුව. දේශපාලනඥයන්ගේ ඇඟේ එල්ලිලා පැමිණෙන අගක් මුලක් නැති හතුවලට වඩා නළු නිළියන්ට සමාජයේ තැනක් තියෙනවා. සරස්වතී මෑණියන්ගෙන් ලද වරම වේදෝතින් තුරුලු කරගත් රංගන ශිල්පීන්ට සමාජ සම්මානය හැමදාම ලැබෙනවා. හැඩට කපපු කොට කෑල්ලකට එය මිලයට ගන්න අපහසුයි.
රංගන ශිල්පීන් හා ශිල්පිනියන් යම් යම් කල්ලි නිර්මාණය කරගෙන එකී කල්ලියේ සාමාජිකයන් පමණක් නිර්මාණවලට දායක කරගන්න අවස්ථා තිබෙනවා. ඔබත් යම් කල්ලියක සාමාජිකාවක් ද? එය කලාවට සුබ ලකුණක් ද?
මං කිසිම කල්ලිවාදයක් නැහැ. මගේ වටිනාකම දෙන ඕනෑම නිර්මාණයකට මං සහභාගි වෙනවා. ඇතැම් වැඩසටහන්වලට මගේ නම කපලා එයාලගේ කල්ලියේ සාමාජිකයන්ට අවස්ථාව ලබාදුන් වෙලාවල් තිබෙනවා. ක්ෂේත්රයේ මට තරගකාරීත්වයක් නැති නිසා මට ඒ ගැන කිසිම තරහක්වත්, දුකක්වත් නැහැ. හැම කල්ලියකම සාමාජිකයන් මාත් එක්ක සුහදයි.
නවකයන් සමඟ කරට කර කටයුතු කරන කෙනෙක් විදිහට තුරුණු රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ හැකියාව ගැන ඔබ දකින්නේ කොහොමද? ඔවුන් වර්ධනය කර කරගත යුතු තැන් මොනවද?
නවකයන් ගැන පුදුම ආඩම්බරයක් මට දැනෙනවා. එක එක දරුවන් එක එක විදිහයි. ඔවුන්ට වෙන්වුණු රංගන හැකියාවක් වගේම ඔවුන්ටම ආවේණික අපූරු සුන්දරත්වයක් තියෙනවා. ඔවුන්ගේ විලාසිතාවලට, දක්ෂතාවත්වලට ඉරිසියා කරලා වැඩක් නැහැ. මං නවකයන්ට කියන්නේ රංගනය ආයුධයක් කරගෙන අනිසි වැඩ කරන්න එපා වගේම තමගේ ගරුත්වය ආරක්ෂා වෙන විධියට වචන හසුරුවන්න කියලයි. ඉන්දියාවෙන් ගෙවලා රංගන අවස්ථා ලබාදෙන්න අවශ්‍ය නැහැ. ලංකාවේ නවක රංගන ශිල්පීන් වත්ම ශිල්පිනියන් ගොඩක් දක්ෂයි.
ඔබට දේශපාලනයට ආරාධනා ලැබිලා නැද්ද?
විටින් විට දේශපාලනයට ආරාධනා ලැබුණා. මං කැමැති නැහැ කලාව ආයුධයක් කරගෙන හෑල්ලු වෙන්න. අපි හරි කලාකරුවන්, කලාව විකුණන් කන්න කැමැත්තක් අපේ නැහැ.
ඔබ මෙතෙක් ආ ගමන්මඟ ගැන තෘප්තිමත්ද?
මෙතෙක් ආ ගමන් මඟ තුළ සුන්දර වගේම අසුන්දර තැන් බොහොමයක් මට හමුවුණා. මගේ කකුලෙන් ඇදලා මාව වට්ටන්න හදපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි. මං මුලින්ම ස්තුතිවන්ත වෙනවා මාව පහළට ඇදලා මාව කොන් කරපු මිනිස්සුන්ට. ඔවුන් නොසිටින්න මගේ ගමන මෙතරම් ශක්තිමත් වෙන්නේ නැහැ. මං රූපවාහිනිය ඉස්සරහ වාඩි වෙලා නිවාඩු පාඩුවේ ඉන්න අවශ්‍ය කාලයක මට තාමත් ආරාධනා ලැබෙනවා. මගේ රංගන ජීවිතය තුළ මං අති සාර්ථකයි.
ඔබ දවසින් දවස තුරුණු වෙනවා. මොකද ඒකේ රහස?
මම ලස්සන නිළියක් නෙමෙයි. කිසිම කෙනෙක් එක්ක තරගකාරිත්වයක්, ඊර්ෂ්‍යාවක්,
වෛරයක් මට නැහැ. කෙනෙක්ට මං බැන්නත් ඔහුගේ හෝ ඇයගේ හොඳ ගතිගුණයක් මං ඉක්මනින් මතක් කර ගන්නවා. හිත පිරිසුදු වෙනකොට වගේම අනිත් අයගේ ලස්සන හදවතින් දකිනකොට දන්නෙම නැතුව අපිත් ලස්සන වෙනවා.
රහල් බුලත්සිංහල මහත්මයා හමුවීමෙන් පස්සේ ද ඔබ රංගනයට යොමු වන්නේ, නැත්නම් රංගනය නිසාද ඔහු මුණ ගැසෙන්නේ?
රංගනයෙන් මා ලද ලොකුම තෑග් ඔහු. ඔහුව මට මුණගැසෙන්නේ වේදිකාවෙන්.
පුංචි කැදැල්ලේ විස්තර කොහොමද?
මගේ පවුල් ජීවිතය අති සාර්ථකයි. පවුල තුළ මට වගේම මගේ සැමියාට මානසික ආතතියක් දැනෙන්නේ නැහැ. විශ්වාසය, තේරුම් ගැනීම ඒ සැහැල්ලුවට ප්‍රධාන හේතුවක්.