නීලපබළු අභිමන් වූ නිසා ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලැබු සුමිරාන් ගුණසේකර, යනු සැබෑම වාසනාවන්තයෙකි. හැබැයි ඒ වාසනාව ඔහු ළඟා කර ගෙන ඇත්තේ නිකම්ම නෙවෙයි. දක්ෂතාවය වත්ම ඊට එහා ගිය මනුස්සකම නිසායි. දන්නවන්නේ අද ඔහු ගැන බොහෝ දෙනා කතා කරන්නේ ඇයි කියලා. කිංස්ලි රත්නායකගෙන් පසුව සිරස ‘ද වොයිස්’ වැඩ සටහනේ පුරක හෙවත් නිවේදක ලෙස වගකීම සුමිරාට පැවරුණ නිසයි. මේ නිසා වැඩි දෙනෙක් ඔහුගැන කතා කරන මොහොතක, ඔහු ඔහ ෙග් අලුත් විසතර ගැන පුවත්පතකට මේලස පවසා තිබුනා.
සුමිරාන් අලුත් ගමනක් ඒ ගැන කියමු?
මේ අවස්ථාව අලුත් ගමනක්. හැබැයි පරන පුරුද්දක්. ඒක අලුත් විදියකට කරන්න ලැබීම තමයි වොයිස් ශ්‍රී ලංකා පූරක තනතුර. මම හිතන්නේ ලංකාවේ නිවේදකයකු හට ලැබෙන්න පුළුවන් ඉහළම අවස්ථා අතළොසෙන් මගෙ වාසනාවට මට ලැබිලා තියෙනවා.
පරණ පුරුද්ද ගැන මතකය ගෙන හැර පෑවොත්?
මම කැමරාව ඉදිරියට ආවේ නිවේදකයකු ලෙස පාසල් සමයේදියි. ඉන් අනතුරුව මම ආදරය කළෙත් සුමිරාන් ගුණසේකර කියන නිවේදකයාට. කලින් කලට නිවේදකයා නළුවා වුනාට ජමෙට වඩා මට පුරුද්ද හැමදාම ලොකුයි.
දැන් එතකොට නළුකමට වඩා නිවේදකකම තමයි ඔබගේ ජන්ම පුරුද්ද?
ඔව්, ඇත්තම ඒකයි. ඒ වගේම මම වැඩිපුරම ආසා කරන මගේ පැතිකඩ. වොයිස් ශ්‍රී ලංකා
වේදිකාවේ සියලුම දේ කරන්නේ සජීවීවයි. ඒ නිසා එතැනදි නිවේදනය නෙවෙයි බොහෝ විට සංවිධායක මණ්ඩලය සහ ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වනෙ. ඔවුන් හැමෝම බලාපොරොත්තු වන්නේ ඉදිරිපත් කිරීමක්. අන්න ඒ ඉදිරිපත් කිරීමට, නිවේදකයාට වචනත් එක්ක වොයිස් කියන ජාත්‍යන්තර වේදිකාව උඩ රඟපාන්න වෙනවා. මම උත්සාහ කරන්නේ අන්න එක කරන්නයි.
මේ අවස්ථාව කිංස්ලිගෙන් පසුව ඔබට හිමිවූ හැටි කියමු?
මාව විශ්වාස කරලා මාව මේ වැඩේට ගමු කියන පළමු තුරුම්පුව විසි කරන්නේ සිරස ටී.වී. ප්‍රධානී සුසාර දිනාල් මහතා. ඒක සියයට සීයක්ම ඔහුගේ විශ්වාසය මත පදනම් වූවක්. ඊට පන්සේ කිංස්ලි අයියා මට කෝල් එකක් දීලා කිව්වේ මම බැටන් එක අතාරිනවා. උඹ මේ බැටන් එක අරගෙන මේ ර්ස් එක දුවන්න ඕනේ කියලා.
එතකොට මට මුලින්ම ඇතිවුණේ ඔළුවට ලොකු බරක්. අනිත් පැත්තෙන් පවතින වසංගත තත්වය නිසා ආරක්ෂක තත්ත්වය මත මට ට සහභාගි වෙන්න පුළුවන් වේවිද කියන චකිතය ඇතිවුණා. මේ ගැන කතා කරන්න ස්ටයින් මැදිරි සංකීර්ණයට ගිය දවසේ ඒකේ තිබුණු කොරෝනාර වසංගතය වැළැක්වීමේ ක්‍රියා පටිපාටිය දිහා බැලුවාම මට මාර ශක්තියක් ඇති වුණේ. සිංදු කියන අය වෙනම කාමරයක. විනිසුරු මඩුල්ල වෙනම කාමරයක. සහභාගි වන හැමෝම ඇතුළට ගන්නේ ඇන්ටිජන් පරික්ෂාව කරලා. ඒ නිසා පුදුම ශක්තියක් අපි හැමෝටම ඇති වුනේ. එය මටත් ඇති වුණා. ඒ විශ්වාසය සියයට දාහකින් තහවුරු වෙලා තිබුණේ. ඒ නිසා අතාරින්න හදපු ලොකුම හීනය නැවත මට ආපහු අල්ලා ගනින් කියලා මට ගටක්, ගැම්මක් දුන්නේ සිරස ටී.වී. ආයතනයේ ලිලාන් රත්නායක මහත්මා, ඉෂාර නානායක්කාරවසම් මහතා යන දෙපළයි. ඒ ගැම්ම නිසා තමයි මම මේ අල්ලා ගත්තේ. අතැරියා නම් ඒක මම ජීවිතේ කළ ලොකුම මෝඩකම වෙන්න තිබුණා.
අද මේ අලුත් ගමනට ඔබගේ නිවේදන ආමන්ත්රණයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතාම සමබරයි. දරාගත නොහැකි ආශිර්වාද ලංකාවේ සිටින ඉහළම තලයේ චරිත වෙතින් ලැබුණා. ඒ වගේම ඉතාම දරුණු විදියට චෝදනාත්මක ප්‍රතිචාරත් ආවා. ඒ ප්‍රතිචාර දෙකටම මම ආදරෙයි. කැමතියි. මොකද කිව්වොත් මම කතා කරන්නේ ලංකාවේ මිනිස්සුන්ට. මම පෙරළලා ඒ ආදරය දෙනෙත් මගේ රටේ මිනිස්සු. ඒ නිසා ඔය ප්‍රතිචාර දෙකම මට වටිනවා. දෙකෙන්ම කරන්නේ මාව දිරි ගැන්වීමයි.
කිංස්ලි කතා කළේ නැද්ද?
කතා කළා. විෂ්කළා, සුබ පැතුවා. ආශීර්වාද කළා. එයා අත්හැරපු බැටන් එක අල්ලා ගන්න ලැබීම ම මම ලබපු වාසනාවක්. එයා මගේ ජීවිතයේ මගේ පපුවේ රැඳී සිටින ලොකු චරිතයක්.
බිරිඳ නැත්නම් ඔබගේ පණ මොනවද කියන්නේ?
මේ මට වඩා බිරිඳ සහ එයාගෙ අම්මා, තාත්තා, නංගි වගේම මගේ අම්මා-තාත්තගේ සිහිනය සැබෑවීමක්. දවසක ජාත්‍යන්තර වේදිකාවක දැක ගන්න එයාලට තිබුණේ ලොකු හීනයක්. එක නිසා මේ වැඩසටහන බලද්දී සතුටු කඳුළු හෙළු පිරිසක් සිටියේ නම්, ඉදිරියෙන්ම හිටියේ බිරිඳ. ඒ වගේම මගේ පුතාගෙ වාසනාව නිසා තමයි මේ ඔක්කෝම ලැබෙනනේ කියන දේ මගේ හිතේ තදින්ම තියෙන දෙයක්.
රඟපෑ පළමු නාට්‍යයෙන්, ජනප්‍රියම නළුවා ලෙස සම්මාන ලැබුවා. අද මේ විදියට ඔබ ජාත්‍යන්තර වේදිකාවටත් ඇවිත්. මේක ඇත්තටම වාසනාවක්ද? අහම්බයක්ද? හැකියාවද?
මම දකින විදිහට සියයට පනහක් හැකියාව, කැපවීම සහ උනන්දුවයි. ඉතුරු සියයට පණහ වාසනාව. වොයිස් ශ්‍රී ලංකා කියන ජාත්‍යන්තර වේදිකාව උඩට ඇවිල්ලා මම කතා කරන වචන නිකම්ම අතාරින ඒවා නෙවෙයි. සැහෙන්න කැපවෙලා, හිතලා, මහන්සිවෙලා, කල්පනා කරලා අතාරින වචන ටිකක් එතැන තියෙන්නේ.
සුමිරාන්ගෙ නළුකමට මෙයින් පසු මොනවා වේවිද?
නළුවා එහෙමම ඉඳීවි. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. නීල පබළු" අභිමනුත් එහෙමම
ඉදිවි. එකේ වෙනසක් වෙන්නෙත් නැහැ.
අද ජීවිතය දැනෙන්නේ කොහොමද?
ජීවිතය කියන්නෙ අටලෝදහමට. මම එයින් සැලෙන්නේ නැති මනුස්සයෙක්.