තමන් කරන විෂය පිළිබඳව යම්කිසි හැදෑරීමක් සිදුකරමින් වගේම එය ප්‍රගුණ කරමින් ඉදිරියට යන පිරිසක් එදා වගේම වර්තමානයේද නැතිවාම නොවේ. එය අනාගතයට කරන ආයෝජනයක් වගේම මතු බලාපොරොත්තු තැබිය හැකි අවස්ථාවකි. කලාවේද එවැනි මතු බලාපොරොත්තු තැබිය හැකි චරිත නැතුවාම නොවේ. අන්න එවැනි මතු බලාපොරොත්තු තැබිය හැකි චරිතයක් පසුගිය දවස්වල අපිට නාඩගම්කාරයෝ හරහා මුණ ගැසුණා. ඇය නමින් කසුනි කාවින්දි. මෙහෙම කිව්වම කවුරුත් වැඩිය දන්නේ නැතිව ඇති. හැබැයි සරාගේ අක්කා කිව්වොත් රටම දන්නවානේ. මේ ඇගේ කතාවයි.
* සරාගේ අක්කා ගැන කට්ටිය මොකද කියන්නේ?
සරාගේ අක්කාගේ නම රසිකා. ටෙලි නාට්‍ය ඒ වෙනකම් සරාගේ පවුලක් හිටියට සැබෑ තත්ත්වය එළියට පෙන්නුවේ නැහැ. පසුකාලීනව තමයි සරාගේ පවුල ටෙලි නාට්‍යයට සම්බන්ධ කරගත්තේ. රසිකාගේ සැමියා මේ ටෙලි නාට්‍ය පුරාවට දකින්න ලැබුණේ නැහැ. සරාගේ අක්කා කියන්නේ සරාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. එයා හරිම පීඩාවෙන් ජීවත්වන චරිතයක්.
* රසිකා වෙන්න ආරාධනා කළේ සරා කියන්නේ ඇත්තද?
ඔව්. ඇත්තටම සරා එහෙමත් නැතිනම් සජිත ඇන්තනී හරහා තමයි මට මේ ආරාධනාව ලැබුණේ. මොකද සජිත ඇන්තනී කියන්නේ මගේ හොඳ මිතුරෙක්. ක්ෂේත්රයේ වැඩවලදී අපි එකට වැඩ කරලා තියෙනවා. සජිතට මගේ රංගන පරාසය පිළිබඳ අදහසක් තියෙනවා.
* කසුනි පසුගිය කාලයේ නිරූපිකාවක් විදිහටත් කටයුතු කළා නේද?
නැහැ. මම ඇත්තටම නිරූපිකාවක් නෙමෙයි. නිරූපණය කියන්නේ ඒක වෙනම ඉගෙන ගෙන යන්න ඕනෑ ක්ෂේත්රයක්. මගේ විෂය රංගනය. රංගනය පිළිබඳ මම පුංචි කාලේ ඉඳලා සිද්ධාන්ත සහ කි‍්‍රයාකාරකම් හදාරලා තියෙනවා. මම සාමාන්‍ය පෙළ හා උසස් පෙළටත් නාට්‍ය හා රංග කලාව තමයි කළේ. ඊට අමතරව කොළඹ සෞන්දර්ය කලා විශ්වවිiාලයේ මට රංගනය සම්බන්ධයෙන් විශේෂවේදී උපාධියක් තියෙන්නේ. එතකොට මම දිගටම රංගන ශිල්පිනියක් විදිහට තමයි කටයුතු කළේ. නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා කියන්නේ ෆොටෝ ෂූට්වලට වගේම තව තව දේවල්වලට පෙනී ඉන්නවානේ. ඒ පිළිබඳ වෙන්න ඇති ඔහොම කියනවා ඇත්තේ. නමුත් මම නිරූපිකාවක් නෙමෙයි.
* පසුගිය කාලයේ තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයෙන්ද දකින්න ලැබුණා.
තණමල්විල කොල්ලෙක් කියන්නේ මම ගොඩක් ආසාවෙන් කරපු වැඩක්. මට ගොඩක් සතුටුයි අපි ගොඩක් ආදරය කරන ගරුකරන රොෂාන් රවීන්ද්‍ර සමග වැඩකරන්න ලැබීම ගැන. ධම්මි කියන චරිතය තමයි මම තණමල්විල කොල්ලෙක්හි රඟපෑවේ. ධම්මිට අදටත් ප්‍රතිචාර එක හා සමානව ලැබෙනවා.
* රඟපෑමේදී චරිත තෝරා බේරා ගැනීමක් සිදුකරනවාද?
මෙහෙමයි මට නිර්මාණයකට කතා කළාහම තිර පිටපත ඉල්ලනවා. ඒ වගේම පිටපත බලනවා ඒ බලද්දී ඒක ගැන ආසාවක් කැමැත්තක් ඇතිවෙනවානම් මම ඒ වැඬේ භාර ගන්නවා. පිටපත බලලා ඒකට අකමැත්තක් දැනෙනවානම් මොනම හේතුවක් නිසාවත් ඒ චරිතය මම භාර ගන්නේ නැහැ. අනික මම විශ්වාස කරන දෙයක් තමයි මේක ආත්ම තෘප්තියත් එක්ක කරන්න ඕනෑ වැඩක් කියලා.
* ලැබෙන හැම වැඩක්ම භාරගන්න සූදානම් නැහැ?
නැහැ. නැහැ. මම එහෙම කියලා වැඩ භාර ගන්න චරිතයක් නෙමෙයි.
* හැබැයි එහෙම වුණොත් ලැබෙන ජනපි‍්‍රයත්වය අඩුවෙනවා නේද?
එතන තමයි ඇත්තටම කාරණය තියෙන්නෙ. මාව දන්න අය දන්නවා මම වැඩකරන විදිහ. ඇක්ටින් තමයි මම ආසම දේ. ඒ ආසාම දේ කරනවා මිසක් මට වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ. මට මේක අතහරින්න බැහැ. මම මේක කරන්නෙ හරි කැමැත්තෙන්නත ර`ගපාන්න මාර ආසයි. මේ විෂය ඇතුලේ ප්‍රායෝගිකව දේවල් අත්විදින්න ආසයි.
* මේ ක්ෂේත්රයට ඇවිත් කොච්චර කල්ද?
මම දැන් ක්ෂේත්රයට ඇවිත් අවුරුදු අටක් විතර වෙනවා. ඒ නිසයි මම හිමින් හිමින් ගමනක් යන්නේ. හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් විදිහේ වැඩ වලට විතරයි දායක වෙන්නේ. මේ හැම දෙයක්ම බලෙන් ලබාගත්තු දේවල් නෙමෙයි. ආසා දේවල් කරලා තමයි මෙතැනට ආවේ. මට නිතරම පෙනී ඉන්න උවමනා නෑ.
* ජනපි‍්‍රයත්වයට කැමති නැතිද?
මම එහෙම ජනපි‍්‍රයත්වයට කැමති නැහැ. මම එදා ඉඳන් වැඩ කළෙත් ඉදිරියේදී වැඩ කරන්නෙත් හොඳ නිළියක් වීමේ පරමාර්ථය ඇතිව මම ජනපි‍්‍රයත්වය පස්සේ යන්නේ නැහැ. රංගන ශිල්පීන් ශිල්පිණියක් සහභාගි වෙන කිසිම තැනක මාව දකින්න ලැබෙන්නේ නැහැ. ගොඩක් අය මගෙන් අහනවා ඇයි ඒ කියලා.
* අපිත් ඔබෙන් ඇහැව්වෙත් ඇයි ඒ කියලද?
මම ඒ දේවල්වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මම ඒවට එච්චර කැමැත්තක් නැහැ. මම කැමති රඟපාන්න. හොඳ වැඩක් ආවොත් ඒක කරලා පාඩුවේ ඉන්නවා. එහෙම ලොකුවට ජනපි‍්‍රය වෙන්න කියලා බලාගෙන දේවල් කරන්නේ නැහැ. පුළුවන් තරම් ඒ දේවල්වලින් ඈත්වෙලා ඉන්න තමයි බලන්නේ.
දිනේෂ් විතාන