අදටත් මගේ වැඩි කැමැත්ත නිවේදනයට තමයි - පබසරා මදුෂානි




සොමි ජර මර සහ ඉකෝලේ යන ටෙලි නාට්‍ය හරහා මේ දිනවල ප්‍රේක්ෂකයන් අතරට එන ඇය පබසරා මදුෂානි. නවක රංගන ශිල්පිනියක් වන ඇයගේ නවතම තොරතුරු ගැන පුවත්පකට ෙමෙලස විස්තර පවසා තිබුනා.


මේ දවස්වල වැඩකටයුතු මොන වගේද?

මේ දවස්වල ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙනවා. ජාතික රූපවාහිනියේ විකාශය වෙන සොමි ජර මර, දෙරණ ටී.වී. එකේ ඉස්කෝලේ කියන ටෙලි නාට්‍ය දෙකට සම්බන්ධ වෙලා ඉන්නවා.


මුලින්ම අපි සොමි ජර මර ටෙලිනාට්‍යය ගැන කතා කරමු?

ඔව්. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රි 07.30ට ජාතික රූපවාහිනියේ විකාශය වන සොමි ජර මර ටෙලිනාට්‍යයෙහි විශේෂත්වයක් තිබෙනවා. එහි මගේ චරිතයේ නමත් පබසරා. පබසරා කියන්නේ කාර්යාලයක වැඩ කරන යුවතියක්. මෙය හාස්‍ය මුසු වූ ටෙලිනාට්‍යයක් නිසාම මේ දිනවල ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


යොමි ජර මර කියන්නේ හාස්‍ය මුසු ටෙලිනාට්‍යයන්නේ. එය ඔබගේ පළමු හාස්‍යමය ටෙලිනාට්‍ය අත්දැකීමද?

නැහැ. මම මිට පෙර සිරස ටී.වී. එකේ මෙඩි සිනා කියන හාස්‍ය මුසු ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. එයටත්ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මම සාමාන්‍යයෙන් හාස්‍යජනක එවැනි චරිතවලටත් ගොඩක් කැමැතියි.  මොකද ප්‍රේක්ෂකයන් අතරට යන්න වැඩි ඉඩක් තිබෙනවා.



ප්‍රවීණයන් විශාල ප්‍රමාණයක් සමඟ වැඩ කරන්න ලැබෙනවා. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය ගැන මතක් කළොත්?

බන්දුල විජේවීර මහතා, ගිහාන් ප්‍රනාන්දු මහතා, ප්‍රියන්ත සෙනෙවිරත්න මහතා වගේ ප්‍රවීණයෝ ගොඩක් රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තටම ඔවුන් සමග වැඩ කිරීම හරිම පහසුයි සහ හරිම නෝදයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. ලොකු සහයෝගයක් ලැබෙනවා. එවැනි අයත් සමඟ වැඩ කරන්න ලැබිමම ලොකු වාසනාවක්.


ඉකෝලේ ටෙලිනාට්‍යයේ ඇමැති බිරියගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන මතක් කළොත්?

එවැනි චරිතයකට ආරාධනා කළාම බොහොම ආසාවෙන් භාර ගත්තා. මොකද මම මිට පෙර එවැනි චරිතයක් කරලා තිබුණේ නැහැ. එය විශේෂිත චරිතයක් වෙයි කියලා මම හිතනවා.


බොහෝ වෙලාවට ඇමැති බිරියන් බොහොම සුඛෝපභෝගී ජීවිත ගත කරන අයයි. එම අත්දැකීම ඔබට දැනුණු විධිය මතක් කළොත්?

 ඔව් ඇත්තටම නිමේෂා කියන ඇමැති බිරියත් සැලෝන් යන, හිසකෙස් කලර් කරන්න, ලස්සන වෙන්න  ගොඩක් ආස කරන කෙනෙක්. ඉතින් ඉදිරියේදී එම චරිතය විහිදෙන ආකාරය ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න පුළුවන් වෙයි.


රන්තිලි වැව කියන්නේත් මෑත කාලයේ අතිශය ප්‍රේක්ෂක ආදරයක් ලබාගත් ටෙලි නිර්මාණයක්. එහි ඔබගේ අත්දැකීම් ගැන කතා කළොත්?


ඔව්. ඇත්තටම රන්තලි වැව කියන්නේත් මගේ රංගන ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. කොළඹින් පිට පළාත්වලට ගිය අවස්ථාවලදී තාමත් කුසුම් කියලා තමයි බොහෝ අය කතා කරන්නේ. රන්තිලිවැව 2 කොටසක් එන්නේ නැත්තේ කියලත් තව ටිකක් ටෙලිනාට්‍යය කොටස් ගණනක් තිබුණා නම් හොඳයි කියලා හිතෙන අවස්ථාත් තිබෙනවා. නමුත් ඉතින් රන්තලි වැව ටෙලි නිර්මාණය දිර්ඝ ටෙලිනාට්‍යයක් නොවීමත් එහි  ගුණාත්මක බව ආරක්ෂා වීමට එක් හේතුවක් වූවා කියා මම හිතනවා.


රංගන ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වූ ආකාරය මතක් කළොත්?

රංගනය සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ අවුරුදු කුමාරි තරගයකට සම්බන්ධවීමත් සමගයි. එයින් අවසන් දසදෙනා අතරට එන්න ලැබුණා. ඒ වගේම මේ අවස්ථාවේදී ටෙනිසන් කුරේ මහතාව ආදරයෙන් මතක් කළ යුතුයි. ඔහුගේ මැන්ද මෑන් කුරුල්ලා කියන වේදිකා නාට්‍ය දෙකට තමයි මට මුලින්ම අවස්ථාව හිමි වුණේ. එහිදී ටෙනිසන් කුරේ මහතාගෙන් ගොඩක් ගුරුහරුකම් ලැබුණා. ඒ අතරතුර මානෙල් වානගුරු මහත්මියගෙන් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා. ඒත් සමහ හිමින් හිමින් අද දක්වා මම මේ ගමන ආවා. ඉතින් විවිධ චරිත හරහා රංගන ශිල්පිනියක ලෙස අද සිටින තැන ගැන ඇත්තටම සතුටුයි.


ගුවන්විදුලි නිවේදිකාවක වශයෙන් ඔබ ලබපු අත්දැකීම කොයි වගේද?

මෙහෙමයි. මම හිතන විධියට රංගනය ගුවන් විදුලි නිවේදනය කියන්නේත් එක හා සමානවම තරමක් අමාරු දෙයක්. මොකද රූපය දකින්නේ නැතිව හඩින් පමණක් ප්‍රේක්ෂකයන් අතරට යනවා කියන එක සෑහෙන බැරෑරුම් කාර්යයක්. වෙලාවට වැඩ කරන දේ පටන් ගොඩක් දේවල් මම ඒ තුළින් ඉගෙන ගත්තා. අදටත් | මගේ වැඩි කැමැත්ත තිබෙන්නේ නිර්වේදිකාවක් වීමට තමයි. නැවතත් අවස්ථාවක් ලැබුණොත් සලකා බලන්න හිතාගෙන ඉන්නවා.



ඔබට කටකාර, දඟකාර තරුණියකගේ චරිතවලට ආරාධනා වැඩිපුර ලැබෙනවා කියන්නේ ඇත්තද?

ඔව්. ඇත්තටම කටකාර ගැමි චරිතවලට වැඩිපුර ආරාධනා ලැබෙනවා කිව්වොත් නිවැරැදියි. ඒකත් සමග මම හිතනවා ගැමි චරිතවලට මම උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා ඇති කියලා. මොකද පසුගිය කාලේ පුරාවට එක දිගටම මට ගැමි චරිතවලට ආරාධනා ලැබුණා. මම මෑතකදීත් රෝහණ සමරදිවාකර මහතාගේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. එයත් අධික කටකාර, පිස්සු නටන චරිතයක්. ඒ වගේම චන්දන ධර්මප්‍රිය මහතාගේ ටෙලි නාට්‍යයෙත් එවැනිම කටකාර චරිතයක් තමයි මට ලැබුණේ.


එතකොට ඔබ වෘත්තියක් වශයෙන් තෝරා ගැනීමට බලාපොරොත්තු වන්නේ කුමන ක්ෂේත්‍රයද?

දැන් නම් මම වෘත්තීමය වශයෙන් රංගන ශිල්පිනියක් විදියට වැඩ කරනවා. ඒ අතරතුර නිවේදිකාවක් ලෙස වැඩ කරන්න ලැබුණොත් අනිවාර්යයෙන් භාර ගන්නවා.


ඒ කියන්නේ සැබෑ ජීවිතයේ පබසරා කටකාර දඟකාර කෙනෙක්ද?

මගේ යාළුවෝ සහ මම ළඟින් ඉන්න අය දන්නවා මම මගේ පාඩුවේ ඉන්න සරල කෙනෙක් කියන එක.


පබසරා දැන්ම විවාහ වෙන්න එහෙම අදහසක් නැද්ද?

ඇත්තටම තව අවුරුදු දෙකකින් විතර විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා.


ඒ කියන්නේ ඔබ දැන් පෙම්වතියක්ද?

ඔව්. මම පෙම්වතියක්.



පවුලේ විස්තරත් මතක් කරමු?

මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි , නංගියි, මමයි. ඉතින් මගේ රංගන කටයුතුවලට මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.


ඉදිරියට එන්න තිබෙන නිර්මාණ ගැන මතක් කළොත්?

මාලක නන්දන අයියාගේ අලුත් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. මැයි මාසයේදී රූගත කිරීම් ආරම්භ කරනවා. ඊට අමතරව රෝහණ සමරදිවාකර මහතාගේ සහ චන්දන ධර්මප්‍රිය මහතාගේ ටෙලිනාට්‍ය දෙක ඉදිරියේදී එන්න තිබෙනවා.






Previous Post Next Post