ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ “සිහිනි” ටෙලිනාට්‍යයේ “සිහිනි” ලෙසින් සැමගේ සිත් වසඟ කරගත් ශෙහානි කහඳවල කාලයකදී සැමගේම කතා බහට ලක්වෙන, තවත් කාලයකදී අතුරුදහන් වන තාරකාවක් ලෙස ප්‍රසිද්ධයි. ඉතිං ශෙහානි කහඳවල ඇගේ අලුත් ෙතාරතුරු ගැන ෙමලෙසින් කියා තිබුනා.
කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
අලුත් අවුදු නිසා ගෙදර අයත් එක්ක වැඩි කාලයක් ගත කරනවා. ඒ වගේම නව ව්‍යාපෘතියක වැඩ ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. සිහිනි ටෙලි නාට්‍යයෙන් පසුව අලුත් වැඩ භාරගත්තේ නැහැ.
කලාවට පිවිසෙන්නේ කොහොමද?
මං කලාවට පිවිසුණේ 2013දී. මුලින්ම දෙරණ නාළිකාවේ නිවේදන කටයුතු වසරක පමණ කාලයක් සිදු කළා. 2015 දී දෙරණ නාළිකාවෙන්ම චාමර ජනරාජ් පිරිස්ගේ ඇසිඩ් නාට්‍යයට මට ආරාධනා ලැබුණා. ඇසිඩ් නාට්‍යයට සම්බන්ධ වීමෙන් පසුව සිරස නාළිකාවේ සුජාතා නාට්‍යයට සම්බන්ධය වුණා.
රංගනය ගැන යම් හැදෑරීමක් කරලා තියෙනවද?
මං රඟපාන චරිත තුළින් ලබන අත්දැකීම් මත රංගනය පිළිබඳ යම් දැනුමක් ලබනවා. මගේ පවුල රංගනයට සම්බන්ධ නොවුණත් කලාවට ළැදි පවුලක්. ඒ ආභාසයත් මගෙ රංගන ජීවිතයට පිටිවහලක් වන්නට ඇති.
වෘත්තීයමය රංගන ශිල්පිනියක් වීමට රංගන ආභාසය පමණක් ප්‍රමාණවත් කියා විශ්වාස කරනවාද?
කොහෙත්ම නැහැ. අනිවාර්යයෙන්ම රංගනය පිළිබඳ හැදෑරීමක් අත්‍යවශ්‍යයි. ලංකාවේ ටෙලි නාට්‍යයකට, චිත්‍රපටයකට හෝ ඕනෑම නිර්මාණයකට ආරාධනා කරන්නේ සතියක් හෝ සති දෙකක් වැනි අඩු කාලයකට ඉහතදීයි. ඒ නිසා එම චරිතය පිළිබඳ අධ්‍යයනය කරන්න වගේම ඒ වටපිටාව පිළිබඳව අවබෝධයක් ලබාගන්න අවකාශයක් නැහැ. ඒ නිසයි රංගන පාසල්වලට ගිහින් එහි සහතික ලබලා ඉගෙන ගන්න අවශ්‍ය. නැත්නම් රංගනය ප්‍රායෝගිකව අධ්‍යයනය කළ හැකි විෂයක්. බොහෝ රටවල රංගන පාසල් පවතිනවා වගේම එයින් බොහොමයක් දෙනා අධ්‍යාපනය ලබනවා. නමුත් මං පෞද්ගලිකව විස්වාස කරනවා යම් නිර්මාණයක් භාර ගන්නවා නම් ඒ චරිතය හොඳින් අධ්‍යයනය කරලා කැපවීමෙන් කිරීමට හැකියාව තියෙනවා නම් ඒ චරිතයට සියයට සියයක් සාධාරණය ඉෂ්ට කළ හැකියි කියලා.ඉදිරියේදී මගෙත් ලොකු කැමැත්තක් තියෙනවා පුළුල්ම රංගනය හදාරන්න.
ඔබ වෘත්තියෙන් රංගන ශිල්පිනියක්ද?
ඔව්...... අනිවාර්යයෙන්ම.
රංගන කටයුතුවලදී ප්‍රවීණයන්ගෙන් ලැබුණේ මොන වගේ සහයෝගයක්ද?
ප්රවීණයන්ගේ සැලකීම හා සහයෝගය ලැබීමට අපගේ පෞරුෂය වගේම අනිත් අය සමඟ අප ගනුදෙනු කරන ආකාරය වඩාත් වැදගත් වෙනවා. බොහෝ නිර්මාණවලදී ප්රවීණයන්ගේ උපරිම සහයෝගය මට ලැබුණා වගේම ඒ දිරිගැන්වීම්වලින් රංගන ජීවිතයට ලොකු පන්නරයක් ලැබුණා. මං ගොඩක් වාසනාවන්තයි මට හොඳ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා සහ කවදාවත් කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න නොලැබුණු නිසා.
රංගන කටයුතු නිසා නිවේදනය සම්පූර්ණයෙන්ම අතහැරුණා නේද?
මෙතෙක් රඟපාන්න නොහැකි වුණු නමුත් රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් හොඳයි කියලා හිතෙන චරිතයක් තියෙනවද?
මං ගොඩක් කැමැතියි ගැමි තරුණියකගේ චරිතයකට පණ පොවන්න. ඒ වගේම බ්ලැක් ඩ්‍රාමා එකක රඟපෑමත් මගේ තවත් හීනයක්. ලැබෙන පිටපත අනුව මට පෙරළියක් කරන්න පුළුවන් ඕනෑම චරිතයක් කරන්න මං කැමැතියි.
ශෙහානි කහඳවල කියන්නේ ටී.වී ප්‍රේම් එකේ එක කාලෙකදී හිට් වෙන කාලෙකදී අතුරුදහන් වෙන කෙනෙක් කියලා කිව්වොත්?
ඔව්. ඒ කතාව ඇත්ත. මං හිතන්නෑ මොකක් හරි ගොසිප් එකකින් හෝ නිර්මාණයක් තුළින් හෝ පුංචි තිරයේ නිතරම මගේ මූණ පේන්න තියෙන්න අවශ්‍යයි කියලා. මිනිස්සුන්ට මතක හිටින නිර්මාණයකට දායක වෙලා ඔවුන්ගේ සිත්වල දීර්ඝකාලීනව රැඳෙන්න පුළුවන් විමත් ලොකු ආශීර්වාදයක්. මං කලාවට සම්බන්ධ වෙලා වසර 9ක් ගත වුණත් තවම මං රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ටෙලි නාට්‍යය 4කට විතරයි.
බොහොමයක් තරුණ කලාකරුවන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අපහසුතාවට පත් කරන රැල්ලක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන දක්වන අදහස මොකක්ද?
කෙනෙක් පක් අයිකන් එකක් වීම තුළම ප්‍රශංසා, උපහාසවලට මුහුණ දෙන්න ශක්තිය ගොඩනඟාගන්න අවශ්‍යයි. එකිනෙකාගේ රුචිකත්වයන් වෙනස්. ඒ නිසා අපි යටත් කරන කොට ඉන් සමතයම සතුටු වෙයි කියලා විශ්වාස කරන්න අපහසුයි. ඒ නිසා කවුරුත් කාටවත් ඕන විදියට ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. කවුරුත් කියන ඒවා හිතට ගන්නත් අවශ්‍ය නැහැ.
පවුලේ විස්තර කොහොමද?
මං පවුලේ එකම දරුවා. අම්මයි තාත්තයි මායි අපේ පවුලේ ඉන්නේ.......
ශෙහානි පෙම්වතියක්ද?
ඔව්.